fbpx
12.9 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගැටළු මැද හිස ඔසවන වසරක්, 2023

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බිලියන අටක ලෝක ජනගහණය 2023 ලබනවිට තවත් වසරකින් මුහුකුරා ගොස් ඇත. ඒ ජනගහණයෙන් කොටසක් හෙට දවස වෙනුවෙන් මෙතෙක් රැස් කළ සම්පත්, පරිණත බව, ලබා ගත් අත්දැකීම් හා බිහි කරන ලද නවනිර්මාණ වැනි සියල්ල සහිත උරුමයක් අනාගත පරපුරකට භාරදෙන ගමනේ එක් පියවරකි. තෙවසරක වසංගත පීඩනයකට ද පසුව 2023 වසරේ ලොවට ලැබෙන මෙම උරුමයේ මූලිකාංග කිහිපයක් මෙසේ ය. 

රෝ බිය වැනි ව්‍යසනයකින් එක් රටක් අනතුරට පත්වීම අනෙක් රට අවදානමයට පත් වීමකි. මේ නිසා සෑම රටක්ම අනෙකා ගැන සැලකිලිමත් වන හිතකාමී නිදහස් වෙළදපළ ආර්ථික මූලධර්ම(Social Capitalism)  මත ලෝකය ගෝලීයකරණය වනු ඇත.

වසංගත සමයේදී රටවල් සම්බන්ධතා පැවැත්වූයේ ඩිජිටල් තාක්ෂණය මගින්ය. ඕනෑම අවස්ථාවක මෙවැනි ව්‍යවසනයක් යළි සූදානම්ව සිටීමක් ලෙස,  ඩිජිටල් තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයක් සිදුවනු ඇත. 

‘Digital Twins’ මගින් සත්‍ය ලෝකයේ පවතින ගොඩනැගිල්ලක, කම්හලක්  වැනි හෞතිකමය වස්තුවක ආකෘතියක්,  නිර්මිත ලෝකයක (Virtual World) සකස් කෙරේ. තීරණ ගැනීම, නිෂ්පාදනය, බෙදා හැරීම, කළමණාකරණය ආදී සෑම දෙයක්ම මෙම ආකෘතිය තුළ කරනු ලැබේ. මෙයින් ඩිජිටල් හා භෞතික ලෝකයන් ඒකාබද්ධ වෙතැයි අදහස් කෙරේ. කටහඬ හදුනා ගැනීම, ගනුදෙනු කරුවන්ගේ චර්‍යාව, ජී පී එස්  වැනි සරල ක්‍රියාවලියේ සිට වඩාත් සංකීර්ණ කටයුතු සදහා පරිගණක මගින්  දත්ත භාවිතා කරන කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතාව දියණු වනු ඇත.

කම්හල්, කාර්යාල, වෙළද සල් වැනි භෞතිකමය වස්තුවක් හෝ සමූහයක් තවත් එවැනිමය වස්තුවක් හෝ සමූහයක් සමග අන්තර්ජාල මාධ්‍යය හරහා සම්බන්ධ වී කළමනාකරණය, නිෂ්පාදනය, බෙදාහැරීම වැනි ක්‍රියාදාමවල තීරණ ගැනීම කරන IoT  (Internet of Things) ඉදිරි වර්ෂයේ විශාල පියවරක් තබනු ඇත. 

ස්මාට් දුරකතනය හා යූ ටියුබි වැනි භාවිතයන් ජනප්‍රිය වු‍ණේ සතරවැනි පරපුරේ තාක්ෂණයයි සැලකුණ G4 (Generation Four)  යටතේ ය. G4 මෙන් සියගුණයකින් වේගවත්, දැනට ඇරඹී ඇති  G5 සෙලියුලර් ජාලය  මගින් අන්තර්ජාල තාක්ෂණයේ විශේෂ දියුණුවක් වනු ඇත. 

ත්‍රිමාන මුද්‍රණය (3D printing), සෞඛ්‍ය හා ගොඩනැලි කේෂ්ත්‍රය වැනි අංශවල විශාල ප්‍රගතියකට හේතුවනවා ඇත.  පරිගණක මෙවලම් (Devices) වල හැකියාවන් තවත් ත්‍රීව්‍රවනු ඇත. 

අප පාවිච්චි කරන ස්මාට් දුරකතන, කම්හල්, යන්ත්‍ර සූත්‍ර, මුළුතැකන් ගෙයි උපකරණ ආදී සියල්ලම මෘදුකාංග මගින් ක්‍රියාත්මක කරවිය හැකි දත්තකරණයකට (Datafication) හසු වනු ඇත. ඇතැම් විටක ජීවදත්ත තොරතුරු(DNA) ඩිජිටල් මාධ්‍යක ගබඩා  වී ගමන් බලපත්‍රය, හැදුනුම් පත හා රියැදුරු බලපත්‍රය ආදි සියල්ල වෙනුවට එක් ඩිජිටල් හැදුනුමක් (Digital Identification) කෙනෙකුට හිමිවන දිනය එතරම් ඈතක නොවනු ඇත.

ගබඩා කරන ජීවදත්ත විශ්ලේෂණය කර කෙනෙකුගේ සෞඛ්‍යමය සංකූලතා ආදිය හදුනා ගෙන වෛද්‍ය ක්ෂේත්‍රයට මා හැඟි දායකත්වයක් Genomics තාක්ෂණය මගින් ලබා දෙනු ඇත.

භාෂා පරිවර්තනය, බැංකු හා නිෂ්කාශන වැනි ආයතනවල ගනුදෙනු ක්‍රියාවලිය නිම කිරිම, දත්ත 

ප්‍රයෝජනයට ගැනීම, ඊමේල්වලට පිළිතුරු යැවීම වැනි දෑ මෘදුකාංග මාර්ගයෙන් ස්වංක්‍රීයව රොබෝවරුන් විසින් බහුලව කෙරෙනු ඇත.(Robotic Process Automation)

අද අමේසන් වෙබ් සේවාව(AWS), මයික්‍රසොෆ්ට් අසුවර් (Microsoft Azure) හා ගූගල්  Cloud දත්ත රැස් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහණය හා කළමනාකරණයේ ප්‍රමුඛයන්ය. මෙම වේදිකාවන්හි අඩුපාඩු මගහරිමින් ඉදිරිපත් වූ  Edge පරිගණක කරණය 2023 විශාල ඉදිරිපිම්මක් ගනු ඇත. 

චඩාත් සුරක්ෂිතව අන්තර්ජාලයේ දත්ත රැස් කරන Blockchain ක්‍රමය බැංකු වැනි ආයතන වැඩිපුර යොදාගන්නවා ඇත. Quantum Computing සම්ප්‍රදායික පරිගණක ක්ෂේත්‍රය් අඩුපාඩු විසදන තවත් අංශයකි.මෙසේ පරිගණක තාක්ෂණය විශාල පරිවර්තනයකට පත් වනු ඇත.

2021 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යා අනුව  6.3%ක් වූ ලෝක ආර්ථිත වර්ධකය 2022 දී 3.2%ක වී ය. 2023දී මෙය  2.7% කට වැටෙන අතර,බොහෝ රටවල ඍණ වර්ධනයක් සිදුවනු ඇතිබව ජා.මූ.අ.පුරෝකථනය කරයි. ඇමෙරිකාව, යුරෝපියානු සංගමය හා මහජන චීනයේ ආර්ථික වර්ධනයන්ගේ පසුබෑම හා යුක්රේන් රුසියානු යුද්ධයේ ආර්ථීකමය හා දේශපාලන බලපෑම්  මෙම තත්ත්වයන් ත්‍රීව්‍ර කර ඇත.

ඇතැම් පුරෝකථන අනුව, 2022 දී  ශ්‍රී ලංකාවේ 70% පමණ වූ  උද්ධමන අනුපාතය 2023 වසර අගවන විට 4%-5% දක්වා පහත වැටෙතැයි අපේක්ෂා කෙරේ. ජා.මූ.අ. ලට වඩා අයහපත් පුරෝ කථනයක යෙදෙන ලෝක බැංකුව,  2022 ලංකාවේ දේශීය දළ නිෂ්පාදනය  පෙර වසරට වඩා  9.2%  කින් පහත වැටෙතැයි ද 2023 අගදී මෙම පිරිහීම 4.2% ක් වෙතැයි ද පෙන්වා දෙයි. මෙසේ 2023 දී ආර්ථිකය කළමනාකරණයේ ලා ශ්‍රී ලංකාව 2022ට වඩා යහපත් තත්ත්වයක පවතිනු ඇත.

ශ්‍රි ලංකාවේ මහ මැතිවරණයකට  සාධකයක් නොමැති වුව, ආර්ථිකමය ප්‍රශ්න නිසාම දේශපාලන තලයේ කැළඹිලි තවදුරටත් පවතිනු ඇත. අරගල, භීෂණ, තර්ජන හා අනෙකා නොඉවසන කලබලකාරී හැසිරීම් රටාවකට ගොදුරුව ඇති  සමාජය, සාමකාමිත්වය කරා යන  දුෂ්කර ගමනකට පියවර තැබිය යුතුව ඇත.

කෝවිඩ් වසංගත බලපෑමට සාර්ථකව මුහුණ දුන් නවසීලන්තය 2023 ඉතා ලිහිල් ආර්ථික අවපාතයකට ගොදුරු වෙතැයි මහබැංකුව අදහස් කරයි. වාර්ෂික දළ දේශිය නිෂ්පාදනය 3.5% කට ද, උද්ධමනය 6.4% කටද පත්වෙතැයි අපේක්ෂා කරයි. 2023 දී සංක්‍රමණිකයන්ගේ වර්ධනයක්  බලාපොරොත්තු වන නවසීලන්තය ඒ මගින්  ශ්‍රමික ඌනතාවයට යම් විසදුමක් අපේක්ෂා කරයි. පොළී අනුපාතයේ වර්ධනය නිසා, නිවාස ඉල්ලුම අඩු කරනවා මෙන්ම ව්‍යාපාරවල අයහපත් වර්ධනයට ද හේතු වේ.  2023 නවසීලන්තයේ  මහ මැතිවරණ වර්ෂයයි.

මෙසේ 2023,  තෙවසරක ව්‍යවසනයෙන් පීඩිත වූ ලෝකය  ඉන් හිස එසවිමට ගන්නා සාර්ථක උත්සාහයක් පෙන්වන වර්ෂයකි.  ඉහත සදහන් කළ තාක්ෂණික පිබිදීම ඊට ඉමහක් රුකුලක් වනු ඇත.  2023 ඇරඹුමෙහි දී  වසරකින් පරිණත වූ බිලියන අටක ලෝක ප්‍රජාව මෙම ගමනයෙහි  කොටස්කරුවෝ වෙති.

ශ්‍රී ලංකන්ස් අප සහෘදයනට 2023 සුබ නව නවරක් වේවායි ප්‍රාර්ථනය කරමු.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.