fbpx
10.3 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගිම්හානයේ අග දලුලන වසන්තය – Waitangi Day

Must read

සෑම වසරකම පෙබරවාරි හය වෙනි දින නවසීලන්ත වැසියන් Waitangi දිනය සමරනු ලබයි. මවුරි ප්‍රධානීන් හතළිස් පස් දෙනකු සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් විසින් අත්සන් කරන ලද Waitangi ගිවිසුම මවුරි ජනයාට සහ බ්‍රිතාන්‍යන්ට භුමියේ සමාන අයිතිවාසිකම් ලබාදීම පෙරදැරිකරගෙන ඔවුනොවුන් අතර ගිවිසගත් පොරොන්දුවකි. පළමුවෙන්ම James Busby- Waitangi ස්ථානයේ මෙය අත්සන් කළ අතර වර්තමානයේ එම ස්ථානය Treaty House ලෙස හදුන්වනු ලබයි.

1954 වසරේ දී Waitangi දිනය ලෙස නම් කෙරුණු මෙම සුවිශේෂී දිනය 1970 වසරේදී නවසීලන්ත දිනය ලෙස වෙනස් කිරීමට රජය පියවර ගත්තේය. නමුත් මෙය මහා බ්‍රිතාන්‍යයන් සහ මවුරි ජනයා අතර සමගිය සැමරීමේ දිනයක් ලෙස ඉතිහාස ගත කෙරුණේ 1934 වසරේ සිටය. එදා සිට අද දක්වාම ඒ හා සබැඳි ඓතිහාසික සිදුවීම් අනුස්මරණය කිරීම උදෙසා රට පුරා උත්සව සහ ප්‍රසංග අඩුවකින් තොරව පැවැත්වේ. සාමාන්‍ය ජනතාවට මෙම නිවාඩුව ගිම්හානයේ අග දලුලන වසන්තයක්ම විය. පාර්මේන්තු චතුරස්‍රයේ හකා නැටුමක් ඉදිරිපත් වෙනවා නම් එය මේ දිනයේ සිදුවෙන අති සුවිශාල අංගයක් වන අතර එදිනට නවසීලන්ත වැසියන් විසින් වයින් සහ රාත්‍රී ආහාර වේලකින් සප්පායම් වීමට අමතක කරන්නේ ද නැත.

අනෙකුත් වසරවල්වල වගේම මෙම වසරේද පෙබරවාරි හය  නවසීලන්ත ජාතික දිනය ලෙස සැලකෙන අතර ම එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ද  මෙම දිනය සැමරීමට විවිධ ක්‍රම සූදානම් කර තිබීම විශේෂිතය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.