fbpx
11.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මුස්ලිම් හිතවතකුගෙන්… | අබ්දුල් සලාම් | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රි ලංකා පුරවැසියන් වනාහි යමෙකුට යමක් දෙන්නට කැමති, ලතෙත් හදවත් ඇත්තන් බව නොරහසකි. වසරක දහස් ගණනක ඉතිහාසයකින් සපිරුණු ශ්‍රී ලංකාව බුදු දහමෙන්, කිතුනු දහමෙන්, ඉස්ලාම් දහමෙන් සහ හින්දු දහමෙන් පෝෂණය වූ සුහදශීලි බවත් අනුකම්පා සහගත බවත් කරුණාව, මෛත්‍රීය, කෘතගුණ සැලකීම, ආගන්තුක සත්කාර මෙන්ම උදව් උපකාර කර ගැනීම අපේ සංස්කෘතියෙන් අප ලද අගනා දායාදයන් ය. වර්තමානයේ මෙන් තාක්ෂණික දැනුම, තාක්ෂණික උපකරණ නොමැති අතීතයේ තම කටයුතු ඉටුකර ගනු ලැබුවේ එකිනෙකාගේ ශ්‍රම දායකත්වයෙන් හා උදව්, උපකාර, උපදෙස් මගිනි. විවිධ දුෂ්කර අවස්ථාවල දී ලද එවැනි සහයෝගයන් හා එකමුතුකම, මුදලින් තක්සේරු නොකළ හැකි ශක්තියක් වන්නේය.

එසේම පුද්ගලයන් අතර පමණක් නොව ශ්‍රී ලංකාව විවිධ රටවල් සමග විවිධ ගණුදෙනු කරගත් බවට තොරතුරු සාක්ෂි අතීත තොරතුරු අධ්‍යනයේ දී දක්නට ලැබේ. එය වර්තමානය දක්වා දිවෙන ඉතා වටිනා කාර්යභාරයක් වී ඇත. ලාංකීය පුරවැසියා ලොව විවිධ රටවල්වල විසිරි පැතිරි ජීවත් වෙයි. ඔවුන් සතු හැකියා, දක්ෂතා හා කුසලතා සමග හදවත් තුළ ඇති යහපත් ආකල්ප මගින් ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන යන්නට සමත් වී ඇත. ඔවුන් විවිධ රටවල් තුළ ජීවත් වෙමින් වෘත්තියක නියැලී හෝ අධ්‍යාපනය ලබමින් තම දියුණුව සලසා ගන්නා අතර තම උපන් මව්බිමටත් එහි පුරවැසියන්ටත් සේවා සැලසීමට අමතක නොකළේය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවෙන් නවසීලන්තය වෙත පැමිණෙන ජනගහනය වර්ධනය වී ඇත. පසුගිය දශක කීපයට වඩා  මෑත කාලීන වර්ෂවල සහ ඉදිරි වර්ෂවල දී ශ්‍රී ලංකික සංක්‍රමණික පිරිස සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි අනුමාන කළ හැකිය. එවිට ඔවුන් වෙනුවෙන් නවසිලන්තයෙ ජීවත් වන අපට කළ හැකි සේවය අපමණ වේ. උපන් මව්බිමේ වැසියන් වෙනුවෙන් යම් කාර්යභාරයක්, වගකීමක් මෙන්ම යුතුකමක් කිරීමට ලැබේ නම් එය අප ලබන මහත් වූ සතුටක් වන්නේය.

එම අරමුණ පෙරදැරි කරගෙන එක්සත් ශ්‍රී සංගමය විසින්, ලෝ ප්‍රකට සමාජ මාධ්‍යයක්‌ වූ “WhatsApp” හරහා පිහිටුවා ගත් “USLA HELPLINE TEAM” හදුන්වා දිය හැකිය. තම හිතැතියන්ගෙන් මිදී දුර රටක තනි වූ හුදකලා වූ පුද්ගලයන්ට විවිධ අවශ්‍යතා හා උවමනාවන් ඇති වේ. එවැනි අයට මානසික හා කායික සමාජීය ගැටළු ඇති වීමේ ඉඩකඩ වැඩි ය. රැකියා ප්‍රශ්න, නවාතැන් ප්‍රශ්න, දරුවන්ගේ විවිධ ප්‍රශ්න, රෝගාබාධ, නීතී ප්‍රශ්න, අධ්‍යාපනික සහ ව්‍යාපාරික ප්‍රශ්න වැනි විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. ඒ සෑම ගැටළුකාරී අවස්ථාවකදීම “USLA HELPLINE TEAM” ඔබ වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට සැදී පැහැදී සිටියි.

“USLA HELPLINE TEAM” සමුහය තුළ වෙළද ව්‍යාපාරික ප්‍රජාවක්, වෛද්‍ය හා හෙද- හෙදියන්, නීතිඥවරු, අධ්‍යාපනික උපදෙස් ලබා ගැනීමට ගුරුවරුන්, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩසටහන් ලබා දෙන පුද්ගලයන්, භාණ්ඩ හා සේවා සපයන්නන්, උපදේශකවරුන් ඇතුළු විශාල කණ්ඩායමක් එක්ව කටයුතු කරනු ලබයි. ඔබට සහය වීමට “USLA HELPLINE TEAM” සුදානම්ව ඇත. සහෝදරත්වය, එකමුතුකම මතින් සහෝදර-සහෝදරිය, පුතණුවනි-දියණියනි, ඔබ‍ට ශක්තියක් වීම අපගේ එකම අරමුණ හා අපේක්ෂාවයි.

By Abdul Salam – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.