fbpx
11.7 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඡාත්‍ර – 02 | මලිත් චතුරංග සමරසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මුල් කොටස ගිය වර කලාපයේ පළ වීය.

දැන් නම් වටින් ගොඩින් එළියත් වැටෙන්න පටන් අරන්. ඒත් නෙතුකගෙ ගමනින් අඩක්වත් තාම සම්පූර්ණ වෙලා නෑ. දවසේ ප්‍රථම සහ එකම රාජකාරිය වෙන කෑම සෙවීම අරමුණු කරගෙන කැදලිවලින් එළියට බට කුරුල්ලන්ගේ කූජනය ඇහෙද්දි නෙතුකට මතක් වුණේ, එක ජාතියේ කුරුල්ලෝ එක අත්තෙ වහනවා කියන කතාව. ඒත් ඒක හැමතැනදිම ඇත්ත නෙමේ කියලා ඔහුට හිතුනේ තමන්ගේ නැවතුම්පලේ සිටින තවත් එක් අයෙකු සමඟ කළ දුරකථන සංවාදයක් සිහිපත්වයි.

‘ආ මල්ලි මොකද වෙන්නෙ. අද වැඩට ගියා ද?’

‘අද වැඩ නෑ අයියේ.’

‘ආ එහෙමද, කොහොමද අවුලක් නෑනෙ වැඩ කරන් යනවනේ.’

‘ඔව් අයියේ අවුලක් නෑ.’

‘ඔයා හරි ලකී ආ. මෙහෙ එහෙම ලේසියෙන් ජොබ් සෙට් වෙන් නෑ ආපු ගමන්. ඔයා ආව ගමන්ම හම්බුණානෙ. සමහරු ඉන්නවා සති ගණන් මාස ගණන් චාටර් වෙවී ජොබ් නැතුව. හැබැයි ඔයා ජොබක් සෙට් කර ගත්තේ නැත්නම් මම ඔයාට එකක් හොයලා දෙන්න හිටියෙ. මොකද මම දන්නවා ඔයා වැඩ කරන රෙස්ටුරන්ට් එක හරියෙ තව ජොබ් තියෙනවා දහයකට වැඩිය. අනිවාර්‍යෙන්ම මල්ලි, මම ඉතින් දන්නවනේ ඔය එරියා එක හොඳට. මට ලේසියෙන්ම පුළුවන් ඔයාට ජොබ් එකක් සෙට් කරන්න. මම දන්න කීදෙනෙක්ට ජොබ් හොයලා දුන්නද. මම පොඩ්ඩක් ඔයාටම ජොබ් එකක් හොයා ගන්න දීලා පැත්තකට වෙලා හිටියෙ මොකද, ඔයත් පුරුදු වෙන්න එපැයි තනියම වැඩක් කරගන්න. අන්න ඒකයි.’

‘ඔව් අයියෙ මට තේරුණා ඒක.’

‘දැන් මොකද කරන්නෙ බිසි ද?’

‘මේ assignment එකක් කරනවා අයියේ. අද රෑ දහයට කලින් submit කරන්න ඕන ඒක.’

‘අයියෝ පණ දාගෙන ඕවා කරන්න ඕන නෑ. පරක්කු වෙලා submit කරාට එහෙම අවුලක් නෑ. අයියෝ අපිත් කරලා තියෙනවා ඕන තරම් assignments අපි කොලේජ් යද්දි.’

‘නෑ අයියේ ඉස්සර වගේ නෙමේ දැන් පොඩ්ඩක් strictly බලනවා. නැත්නම් ඉමිග්‍රේෂන් එකෙන් යුනිවලටත් ප්‍රශ්න දානවනේ. අනික late submissions කියන්නෙ හෙනම කේස්. අයියා කතා කරේ මොකක් හරි උවමනාවකට ද?’

‘ආ ඔව් තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා. අනේ මල්ලි අද උදේ වැඩට එද්දි මගෙ කාර් එක කැඩුනනෙ. මොකක් වුණා ද මන්දා එක පාරටම. මම වාහන tow කරන තැනකට කතා කරලා වාහනේ ගරාජ් එකකට දාලා එහම්මම වැඩට ආවා.’

‘ආ එහෙමද?’

‘අනේ ඔව් මල්ලි, මේ ඔයාට ලංකාවෙ ලයිෂන් එක තියෙනවා නේද.’

‘ලයිෂන් එක නම් තියෙනවා.’

‘අනේ මල්ලි මේ දැන් නම් කාර් එක හදලා ඇති, මම කෝල් එකක් දීලා බැලුවා. ඔයාට පුළුවන් ද පොඩ්ඩක් බස් එකේ ගිහින් කාර් එක ගන්න.’

‘ම්ම්ම්ම්ම් කොහෙද අයියෙ, දුර ද?’

‘නෑ වැඩි දුරක් නෑ. ඉන්න මම ඔයාට ඇඩ්‍රස් එක එවන්නම්. මේ මල්ලි කාර් එක අරන් ඔයාට පුළුවන් නේද මාව පික් කරන්න එන්න. නැත්නම් මට එන්න විදියකුත් නෑනෙ වැඩ ඇරිලා.’

‘මේ assignment එක කරන එක තමයි ඉතිං අවුල අයියේ. ඒක රෑට දාන්නත් ඕනනෙ.’

‘අයියෝ ඒ ගැන ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. පරක්කු වුණාට කිසිම අවුලක් නෑ. අනික මේ ගරාජ් එක ළඟ තියෙන්නෙ, වැඩි වෙලාවක් යන් නෑ ඔයාට යන්න. පුළුවන්නේ නේද?’

‘හා හා හරි අයියෙ හරි.’

‘හරි අනේ තෑන්ක්ස් මල්ලි. එහෙනම් අපි තිබ්බා.’

ඒ වහසි බස් මතක් වෙද්දියි, ගරාජ් එකට යන්න බස් එකක ගිහින් තවත් පැය බාගයක් විතර පයිනුත් යන්න වුණා නේද කියලා මතක් වෙද්දියි නම් නෙතුකගෙ මූණට හිනාවකුත් ආවා.

දැන් නම් ගමනින් බාගයකටත් වඩා නිමයි කියලා හිතෙද්දි නෙතුකට සැහැල්ලුවක් දැනුනා. ඒත් මෙහෙ ඉන්න සමහර studentsලා, නවසීලන්තයේ ස්ථීර පදිංචිය ලබා ගැනීම ගැන හිත හිතා තමන්ගේ මානසික සැනසීම නැති කරගන්නවා නේද කියලත් නෙතුකට හිතුනේ ළඟ දි වූ සිදුවීමක් මතක් වෙලයි.

‘Excuse me bro, are you from Sri Lanka?’

‘Yes I am brother.’

‘අඩෝ මාත් ලංකාවෙ බං. මට උඹව දැක්කම හිතුනා ලංකාවෙ වෙන්න ඇති කියලා. මේකනෙ වැඩේ බං අල්ලපු රටේ උනුත් අපි වගේමනෙ. ඒක හින්දා හොයා ගන්න අමාරුයි.’

‘ඔව් බං ඒක නම් ඇත්ත. මාත් හිතුවෙ උඹ ඉන්දියාවෙ කියලා. ඒකයි ඉංග්‍රීසියෙන්ම උත්තර දුන්නේ. උඹ මේ ළඟ ද ඉන්නෙ?’

‘නෑ බං මම මේ කොලේජ් යන ගමන්. සිටි එකට යන බස් එක ගන්න මෙහෙට ආවෙ. අපේ පැත්තෙ ඉඳං කෙලින්ම සිටි යන්න බස් එකක් නෑ. බස් දෙකක යන්න ඕන, එපා වෙනව බං මේ කොලේජ් යන එක.’

‘එහෙමද, ඉතිං ළඟකට move වෙන්න බැලුවෙ නැද්ද?’

‘නෑ බං. මම වැඩ කරන්නෙ, දැන් නතර වෙලා ඉන්න ගෙවල් හරියෙ තැනක. ඒක හින්දා එක පැත්තකින් හරි ලේසි හින්දා එහෙටම වෙලා ඉන්නවා. ඔයා මෙහෙ PR ද?’

‘නෑ බං. ස්ටුඩන්ට් ඉන්නෙ, මාත් මේ යුනි යන්න ඉන්නෙ.’

‘එපා වෙනව බං, සල්ලි ගෙවලා මේ කෝස් කරාට PR ගන්න එක ලේසි නෑනෙ දැන්. උඹ මොකද හිතන්නෙ. PR ගන්න පුළුවන්ද උඹ කරන කෝස් එකෙන්?’

‘අමාරුයි තමයි.’

‘අමාරුයි කියන්නෙ බං, මේ immigration rules බලන් ඉද්දිනෙ වෙනස් වෙන්නෙ. ඊයෙ තියෙන රූල්ස් නෙමේ අද, ඔන්න හෙට බලද්දි ආයෙ වෙනස් වෙලා. එපා වෙනව බං.’

‘ඇත්ත තමයි.’

‘මචං අඩු තරමෙ රටට ඇතුල් වෙලා ඉවර අය ගැන විතරක් හරි ඉමිග්‍රේෂන් එක මීට වඩා හිතන්න ඕන බං. හා නැද්ද. මුන් මේ පල නොකියා පලා බෙදනවා වගේ සීන් එකක්නෙ කරන්නේ. එපා වෙනව බං. දැන් අලුතින්ම මෙහෙ එන්න ඉන්න උන්ට නම් රූල්ස් පොඩ්ඩක් තද කළාට කමක් නෑ. එතකොට අඩු තරමෙ උන් එන්නෙ නැතුව හරි ඉඳියිනෙ. ඒත් බං ලක්ෂ ගාණක් ගෙවලා ආපු අපි වගේ උන්ට PR වත් නැතුව ආපහු යන්න ද මුන් කියන්නෙ. එපා වෙනවා බං.’

මතු සම්බන්ධයි

By Malith Chathuranga Samarasingha – Auckland

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.