විශ්රාමිකය ගෙන එන ඇලෝසියස් මහතා හිටිවන පහත් වී වැලි ගොඩේ මොනවාදෝ සොයන්නට වීය.
පාරේ ගිය හිතවතෙක් මෙය දැක, ‘මොනවද ඒ ගමන නැති කරගත්තේ,’ යි විමසා සිටියේය.
‘හ්ම්..’ කිවූ ඇලෝසියස් මහතා තව දුරවත් වැලිගොඩ නිරීක්ෂණය කරන්නට වීය.
‘හරි ඉතිං මොකක්ද?’ හිතවතා ඇසුවේ ඇලෝසියස් මහතා යමක් එළි නොකරන පරිදි කතා කළා යැහි ටිකක් අසතුටෙන් මෙනි.’ වටින කියන එකක්ද?’ ඔහු නැවත අසා සිටියේය.
‘අපොයි එහෙනං.’
‘ඉතිං මොකක්ද?’
‘කකා හිටිය චොකලට් කෑල්ල.’
‘ඉතිං කකා හිටිය චොකලට් කෑල්ල වැලි ගොඩට වැටුණම ගන්න දෙයක් තියනවයැ.’ හිතවතා පැහැදිලි කර දුන්නේය.
‘නෑ මගේ දත් ඇන්ද ඒකෙ නෙව.’ ඇලෝසියස් මහතා උත්තර දුන්නේය.






