fbpx
8.8 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Senior Citizens two-day Trip organised by USLA (Auckland) 28/29 October 2023 | අබ්දුල් සලාම් | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

උඩරට කඳුකර සිරියා පරදන…
රූබර මුහුණ ඔබේ….
රතැගිලි දිගුකර-මදහස නංවන
තේ දළු නෙලන ළඳේ….

ඕක්ලන්ඩ් -හැමිල්ටන් අධීවේගී මාර්ගයේ ඒ ඇසුනේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන්ගේ මුවින් නැගෙන ගී නාදයයි. වයසින් ජේෂ්ඨ වුවද සිතින් ගතින් තරුණව ඔවුන් සතුටින් විනෝදයෙන් ගත කළ ඒ දිනය, ‘එක්සත් ශ්‍රී ලංකා සංගමය’ සෑම වර්ෂයකම වැඩිහිටි ප්‍රජාවට පසුගිය ඔක්තෝම්බර් මස විසි අට වනදා පිදූ ජේෂ්ඨ පුරවැසි චාරිකා දිනය දාය.

ශ්‍රී ලංකාවාසී තම නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන් වී වෙනත් රටක දිවි ගෙවීමේදී දැනෙන පාළුව, තනිකම බෙහෙවින් කටුකය. තම ජීවිතයේ තරුණ සමය සමග ගිලිහී ගිය ජවය-ශක්තිය පිළිබදව නොතැවී සතුටින්, සැහැල්ලුවෙන් විනෝදයෙන් සැදෑ සමය ගත කිරීමට අවැසි පසුබිම තමාම සොයා ගත යුතුය. ඒ මග ‘එක්සත් ශ්‍රී ලංකා සංගමය’ විසින් සකසා දී ඇත.

ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාව තම දිවියේ විශ්‍රාම කාලය ගත කිරීම සදහා විවිධ අර්ථවත් ක්‍රියාකාරකම් වල යෙදෙති. බොහෝ විට ආගමික කටයුතු වලට බෙහෙවින් සම්බන්ධ වෙති. ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ආදී සංස්කෘතීන් සහිත බහු සංකෘතික රටකි. ඒ අනුව තම ආගමික පසුබිම මත විශේෂිත වු ස්ථාන නැරඹීමටත්, වැද පුදා ගැනීමටත් ඔවුන් කැමතිය.
නවසිලන්තය වැනි දියුණු රටක පවතින ජීවන රටාව නිසා වැඩිහිටි ප්‍රජාවට නිවාස තුළම රැදෙමින් එකාකාරී දිවියක් ගත කිරීමට සීදුවේ.එම හුදකලා දිවියෙන් මිදී නවසිලන්තයේ ශ්‍රී ලංකික මිතුරන් සමග සතුටු වීමට, අත්දැකීම් බෙදා හදා ගැනීමට සුවිශේෂී වු අවස්ථාවක්‌ ‘එක්සත් ශ්‍රී ලංකා සංගමය’ උදා කර දීමට කටයුතු කළේය.

ඔක්තෝම්බර් මස 28 වන දින උදෑසන ඕක්ලන්ඩ් නගරයෙන් පිට වී හැමිල්ටන් නගරයට ආසන්නව පිහිටි Whatawhata ප්‍රදේශයේ පිහිටා ඇති ‘Karakariki Christian Camp’ එක දක්වා ගමන් කිරීමට කටයුතු කෙරුණි. එම චාරිකාවට අවරුදු 65 ඉක්ව වූ වැඩිහිටි ප්‍රජාව සම්බන්ධ වූහ. ඔවුහු විවිධ රසකැවිලි රැගෙන විත් බෙදා හදා ගනිමින් ඉතා සතුටින් විනෝද වෙමින් ගී ගයමින් ගමනට සහභාගි වූහ. විවිඩ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබු හෙයින් ගීත ගායනා කිරීම, රගපෑම් කණ්ඩායම් ඉදිරිපත් කිරීම් තරග ආදිය ඇතුලත් විය.

මෙම චාරිකාව අතර තුර ආහාර-පාන නියමිත පරිදි, නියමිත වෙලාවට ලබා දීමටත් සෑම දෙනාගේම පහසුව තකා කටයුතු කිරීමටත් සංවිධායක මණ්ඩලය යුහුසුලු වූහ. මානසික හා කායික අපහසුතා අමතක කරමින් ඒකාකාරි දිවිපෙවෙතින් මිදී ගෙවූ ඒ සුන්දර අමතක නොවන දින දෙක මව්වරු-පියවරු එකාමෙන් එකාත්මිකාව හදවතින් බැඳී කටයුතු කළෝය. තම දිගු දිවි ගමනේ සිත සිතා සතුටු වීමට, අමතක නොවන මතකයක් පිදූ ‘එක්සත් ශ්‍රී ලංකා සංගමයට’ හා එහි ක්‍රියාකාරි සාමාජිකයන්ට මෙවැනි සත්කාර්යයන් කිරීමට තව තවත් ධෛර්යය ලැබේවා.!

By Abdul Salam – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.