fbpx
13.4 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳ ඔබ දැනුවත්ද? | අනූ වීරකෝන් | වෙලින්ටන්

Must read

සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන  ඔබ අප සැබැවින්ම  නවසීලන්ත ජන සමාජයට අනුගත වී ඇත්ද? ගහකොළ, සතා සිවුපාවා, ඉතිහාසය, සමාජ වටපිටාව සහ දේශගුණය පිළිබඳ දැනුම ආදී සැමෙකක්ම මේ අනුගත වීමට උදව් උපකාර වේ. සංක්‍රමණිකයන් වශයෙන් අප බොහෝ විට තමන්ගේ ජන කොට්ඨාශය ලෙස එකතුවීම වැඩි වශයෙන් පුරුදු වී ඇති නිසා මෙවැනි මාතෘකා පිළිබඳ පුළුල් දැනුම සොයා යෑම අඩු බව පෙනෙන්නට තිබෙන පොදු කරුණකි.

සම අයිතිවාසිකම් සහිත  සමාජ රාමුවක් ඇති නවසීලන්තයේ ගැහැනු පිරිමි වශයෙන්; ජාතීන් ආගම් අනුව බෙදීම් ඇති සමාජ ව්‍යුහයක් නොමැති අතර සමානාත්මතාවය අගයන ප්‍රතිපත්ති රාමුවකින් එය සමන්විත වී ඇත. එවැනි යාන්ත්‍රණයක් සහිත සමාජ ව්‍යූහයක, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන තොරතුරු යමක් ඉදිරිපත් කිරීමට මෙයින් අදහස් කෙරේ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබදව අප දැනුවත් වීම නවසීලන්ත සමාජයට අනුගත වීමට අත්‍යාවශ්‍ය කරුණක් වෙයි.  ඒ  මගින්   විශේෂ අවශ්‍යතා  ඇති  දරුවන් සමග ගනුදෙනු කරන අනෙකුත්  දරුවන්ට  අවශ්‍ය සමාජමය දැනුම ලබාදීමට ඔබට හැකිවනු ඇත.  නවසීලන්ත සමාජය තුළ මෙවැනි අවශ්‍යතාවයන් ඇති දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට දී විවිධ රැකියා ස්ථාන වලට අනුයුක්ත කිරීම සිදුවන අතර ඔබ හෝ ඔබගේ දරුවාට රැකියා කරන ස්ථාන වලදී  ඔවුන් මුණ ගැසීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය. එයට අමතරව ඔබ මේ පිළීබඳ දැනුවත් වුවහොත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල් සමග වඩා ඵලදායි ලෙස සමාජමය ගනුදෙනුවක් කිරීමේ නිපුණතාවය ඔබට හිමි වනු ඇත.

මෙම දරුවන් දීර්ඝ කාලීනව ශාරීරික හෝ මානසික හැඟීම් දැනීම් වල ඇති යම් අපහසුතාවයක් හේතුවෙන් සමාජයීය වශයෙන් තම උපරිම දායකත්වයක්  දීමට අපහසු පිරිසකි. ඒ නිසාම සාමාජීය වශයෙන් ඔවුන්ගේ ජීවන රටාව වඩාත් ඵලදායි කිරීමට හා  සුරක්ෂිත කිරීමට නවසීලන්ත රජය විසින් විවිධ නීතිමය අයිතිවාසිකම්, වරප්‍රසාද සපයා ඇත. නමුත් නීතිමය රාමු  කොතරම් සැකසුණතද ඒ පිළිබඳ සමාජයීය වශයෙන්  දැනුවත් නොවීම මෙවැනි දරුවන් සිටින දෙමව්පියන්ට සහ එම දරුවන් අපහසුතාවයන් වලට පත්වීමට ඉඩකඩ බොහෝ සේ ඇත.

මෙවැනි දරුවන්  මතු දිනක වැඩිහිටි අවධියට පත්ව ඵලදායී ජීවිතයක් ගත කළ යුතු ය. ඊට අවශ්‍යය ක්‍රමවේදයන් සමාජීය ක්‍රියාකාරී ආයතන සහ ස්වේච්ඡාවෙන් සේවය කරන පිරිස හරහා ලබා දෙන්නට නවසීලන්තයේ රජය කටයුතු යොදා ඇත. මෙම සංවිධාන  අවශ්‍ය‍ය නීතිමය සහ සමාජමය  කරුණූ ගැන අවධානය යොමු කරමින් කටයුතු කරයි.

 

විශේෂ  අවශ්‍යතා ඇති දරුවන්  වයස අවුරුදු 18 ගත වූ පසුත්  එම අපහසුතා සහිතවම සිටිත් නම්, ඔවුන්ගේ දෙමව්පියන් සහ හිතවතුන්ට දරුවාගේ සුබසාධන රැකවරණය ආයතනය  ලෙස Family Court  පත්  කළ හැක. එවිට දෙමව්පියන් සහ  Family Court අතර සහසම්බන්ධය තුලින් වැඩිහිටියකු ලෙස සමාජයේ ඇති අයිතිවාසිකම් සහ වරප්‍රසාද මොවුනට  ලබා දීමට කටයුතු සැකසිය හැක.

මේ දරුවන්ගේ  වයස අවුරුදු 21 වනතුරු රජයේ නිදහස් අධ්‍යාපනය ලැබීමට අයිතිවාසිකම් ඇත. ඒ් ගැන ගැටලු මතුවේ නම් පළමුව ගුරුවරු සමඟ සාකච්ඡාව ඇරඹිය යුතු අතර ඉන් පසුව පාසලේ විදුහල්පති ඇතුලු පාලන කමිටු (Board of Trustees )හෝ ප්‍රදේශය අධ්‍යාපන නිලධාරීන් වෙත යා හැක. සෑම පාසලකටම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සම්බන්ධීකරණ කටයුතු වලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පත්කළ නිලධාරීයෙක් ඇත.

මෙවැනි දරුවන්ව ආරක්ෂාකාරී ලෙස පාසලේ සිට නිවෙස් බලා යෑමට විශේෂ ප්‍රවාහන පහසුකම් ඇති වෑන් රථ රජයේ අනුග්‍රහයෙන් පෞද්ගලික ආයතනයක් හරහා යොදවා ඇත. මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට එම දරුවා සමග සම්බන්ධ ආයතන හෝ අධ්‍යාපන නිලධාරියා හෝ පාසල සමග සාකච්ඡා කරගතයුතුය.   ඔබ මහා මාර්ගයේ  දකින Cross County යන සන්නාමය ඇති වෑන් රථ  එම සේවය සලසන එකකි.    එවැනි වාහනයක් අසල ඔබ වාහන නතර කරන්නේ නම් එම වාහනවලින් දරුවන්ට බැසීමට වැඩි  ඉඩකඩ අවශ්‍ය බව මතක තබාගැනීම වැදගත් වේ.

මෙම දරුවන්ගේ දෙමව්පියන්ට යම් හෙයකින් වාහනයක් පැදවීමට නොහැකි නම් හෝ අවශ්‍ය රියදුරු බලපත්‍රය නොමැති නම් ඒ බව තමන්ගේ පවුලේ වෛද්‍යවරයා,  ඒ හා සම්බන්ධ විශේෂ ආයතන හෝ පාසල් දැනුවත් කිරීම අවශ්‍ය වේ.   එවිට ඇගයීම් නිලධාරියෙක් දරුවාගේ අවශ්‍යතාව පිළිබඳ ඇගයීම් වාර්ථාවක් සකස් කරනු ඇත. ඒ අනුව දරුවාගේ ප්‍රවාහන අවශ්‍යතා පහසු කිරීමට  එම දෙමව්පියන්ගේ හෝ දරුවාගේ නමින්  විශේෂ බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එම විශේෂ බලපත්‍රය Total Mobility පත වන නාමයෙන් නිකුත්වන අතර එය විශේෂ අවශ්‍යතා ඇති දරුවා සමග ප්‍රවාහනය අවශ්‍යතාවකදී කුලී රථයක ගමන් කිරීමට පාවිච්චියට ගත හැක. Total Mobility පත හරහා  ඔබට වට්ටම් සහිත ගාස්තුවක්  ලැබෙන අතර  එම කාඩ් පත කුලී රථයක ගොඩවන විටම රියදුරාට පැවසිය යුතු අතර එම කාඩ් පත රියදුරා සෑකෑන්  යන්ත්‍රයට ඇතුල් කිරීම තුලින් එම වට්ටම ලබා  ගත හැක.
https://at.govt.nz/bus-train-ferry/accessible-travel/total-mobility-scheme/

විශේෂ අවශ්‍යතාවන් ඇති  දරුවන් සමග එදිනෙදා කටයුතු කිරීමේදී දෙමව්පියන්ට යම් අපහසුතා මතු වෙයි. ඔවුන් සමග එදිනෙදා බඩුබාහිරාදිය ගැනීමට වෙළඳසැලට යෑම ඇතැම් විට යම් තරමක අභියෝගාත්මක තත්ත්වයකි. විශේෂයෙන්ම ඔටිසම් තත්වය ඇති දරුවන්ට අධික උත්තේජන සහිත වටපිටාවක වැඩි කාලයක් සිටීම අපහසුය. මේ  අපහසුතාවය අවම කරගැනීමට  සරිලන ලෙස Countdown වෙළද සැල් පද්ධතිය තුළ විශේෂ පහසුකම් සලසා ඇත.  මෙම වෙළද සැල් පද්ධතිය  Quiet hour යන පාඨය ඔස්සේ අධික උත්තේජන වලට සංවේදී පිරිස වෙනුවෙන් විදුලි ආලෝකය අඩුවෙන් සහ ශබ්ද වාහිනී වල භාවිතය අඩුවෙන් සමන්විත හෝරාවක් හඳුන්වා දී ඇත. එය  සෑම සතියකම බදාදා සවස  දෙකහමාරේ සිට තුනහමාර යන කාලය බව ජනමාධ්‍යවලින් ප්‍රකාශයට පත් කරන ලදී.  එම කාලය තුල මෙම වෙලදසැල්  තුළ ට්‍රොලි එකතු කිරීම සහ නිවේදන කටයුතු වැනි කාර්යයන් වලින් තොරව නිශ්ශබ්ද වටපිටාවක් සලසා ඇත.
https://www.countdown.co.nz/info/more-services/quiet-hour

බොහෝවිට විශේෂ අවශ්‍යතාවයන් ඇති දරුවන්  ඔබට පැහැදිලිවම දුටු පමණින් තීරණය කළ නොහැක. ඔවුන් තුළ යම් නොපෙනෙන  ශාරීරික හෝ මානසික සංවේදී භාවයන් තිබෙන්නට පුළුවන. මෙවැනි තත්වයන් හදුනාගැනීම සමාජයට වඩාත් අභියෝගාත්මක කරුණකි.  ඒ  පහසුවෙන් හදුනා ගැණීම සදහා  සදහා පහසුවක්  සමාජයට ලබා දීමටත් එලෙසම ඒ දරුවන්ගේ දෙමව්පියන්ට ඇතිවන අපහසුතා අවම කරගැනීමක් ලෙස මෙවැනි දරුවන්ගේ    ඔවුන්ගේ    කර වටා සූර්යකාන්ත මලක් සහිත කොළ පැහැති පටියක් පැළඳී ම බහුල වශයෙන් දැකිය හැක. මෙය ලොව පුරා සිදු වන දෙයකි. ඔබ යම් හෙයකින් සූරියකාන්ත මලක් සහිත කොළ පැහැති පටියක් පැළඳ ගෙන සිටි දරුවෙක් දුටු විට ඔවුන්ට යම් කිසි විශේෂ අවධානයක් සහ සැලකිල්ලකින් සිටිය යුතු පිරිස බව තේරුම් ගත යුතුය. මේවැනි සංඥා මගින් දැනුවත් වීමෙන් ඒ දරුවන්ගේ ආරක්ෂාවත්, දෙමව්පියන්ගේ පහසුවත්, ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබඳ සමාජය දැනුවත් වීමත් යන කාර්යයන්  සියල්ල  සිදු වේ.
https://hiddendisabilitiesstore.com/insights/post/new-zealand-a-sunflower-friendly-destination

මෙවැනි දරුවන් සමග ගුවන් ගමන්වල යෙදෙන දෙමව්පියන්ට ගුවන් යානා වලින් විශේෂ පහසුකම් සලසා ඇත. මේ පහසුකම් ලබාගැනීමට නම්  ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා විටදී සහ ගුවන් තුළ තොටුපලට යන අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලයට ඒ පිළිබඳ දැනුම්දීම අවශ්‍යය කරුණකි. එවිට ඔවුන් එම ස්ථානවල දී රෝද පුටු සහ වෙනත් විශේෂ සේවාවන් පිළිබඳ  දැනුවත් කිරීම සිදු කරනු ඇත.

දෙමව්පියන් ලෙස දරුවන් සමග ගෙනයන ගමන බොහෝවිට අභියෝගාත්මකය‍‍.  එලෙසම විශේෂ අවශ්‍යතාවයන් ඇති දරුවන් ඇති දෙමව්පියන්ටද ඔවුන්ට අවේනික වෙනම අභියෝග රාශියක් මුහුණ දීමට සිදු වේ. එවැනි ගමනකදී ඇති මානසික ආතතිය කායික මහන්සිය වැනි දේ පිළිබඳවද  ඇති අපහසුතා අවම කිරීමට යම් හෝ දායකත්වයක් කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇත.

පෙර සදහන් කර පරිදි විශේෂ ආයතන හරහා  මෙවැනි දරුවන් සිටින නිවෙස්වල වටපිටාව පිළිබඳ යම්  ඇගයීමක් සහ අධ්‍යයනයක් කිරීමට කටයුතු සලසා ඇති ඇත. එය Need Assessment Report ලෙස හදුන්වයි. නිවසට දරුවාගේ වැඩ කටයුතු පහසු කර දීමට අවශ්‍ය පසුබිම සකසන්නට විවිධ ආයතන හරහා ඒ ඇගයීමට අනුව සේවාවන් ලබාගැනීමට දෙමව්පියන්ට පහසුකම් Disability Action, BLENZ  ඒ පිළිබඳව අවශ්‍ය තොරතුරු දැනගැනීමට තම විශේෂඥ වෛද්‍යවරයා  හෝ පවුලේ වෛද්‍යවරයා සමග කතාබස් කොට එම ආයතන සමඟ සම්බන්ධ විය හැක.

https://www.health.govt.nz/our-work/life-stages/health-older-people/needs-assessment

ඉංග්‍රීසි භාෂාවට අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන්  හඳුන්වන්නේ kids with special needs කියාය . එනම් පළමුව මොවුන් දරුවන් ලෙසත් දෙවනුව ඔවුන්ට  විශේෂ අවශ්‍යතාවයන් ඇති බවත් මේ යෙදුම තුළ  තහවුරු කර ඇත. එසේනම් සංක්‍රමණිකයන් හැටියට නවසීලන්ත සමාජය තුළ ඇති  සමානාත්මතාවය අගයන මානුෂීය සාරධර්ම වලට අනුගතවීමට මෙවැනි දරුවන්ගේ ලෝකය පිළිබද දැනුවත් වීමට මෙම  ලිපිය ඔබට උපකාර වේ යැයි සිතමි.

By Anu Weerakoon – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.