අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනකු පීඩා විඳින , බොහෝ දෙනෙකු විසඳුමක් සොයන ,බොහෝ රෝගවලට හේතු සාධක වන මාතෘකාවක් පිළිබඳවයි. ඒ ශරීර උෂ්ණ අධික බව.
මොකක්ද මේ ශරීර උෂ්ණ අධික බව කියන්නෙ?
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ශරීරයේ සියලූම ක්‍රියාවන් පාලනය කරන වාත , පිත සහ කඵ යන ත්‍රිදෝෂ වලින් ශරීර උෂ්ණ අධික භාවයට ප්‍රධානවම බලපානුයේ පිත දෝෂයයි.
මේ පිත දෝෂය කියන්නේ ශරීරයේ සියලූම පරිවෘත්තීය ක්‍රියාවන් පාලනය කරන ඒ වගේම ශරීරයේ අවශ්‍ය උෂ්ණත්වය නියමිත මට්ටමෙන් පවත්වාගෙන යන , ශරීරයේ බාහිර පෙනුමට වගේම මානසික සුවතාවය සඳහාත් ප්‍රධානවම බලපාන දෝෂයක්.
පිත දෝෂයේ සමබරතාවය ශරීරයේ මනා සෞඛ්‍යයට ප්‍රධානවම බලපානවා වගේම පිතදෝෂයේ අඩු වැඩි වීම් ශරීරය මෙන්ම මනස රෝගීතාවයට පත්වීමටද ප්‍රධානවම බලපානු ඇත.
සමකයට ආසන්න ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව වැනි රටක මුල් අංකුර ඇති අපේ ශරීරයේ කොහොමත් උෂ්ණ අධික භාවයක් පවතිනවා. ඒ නිසාම යම් යම් බාහිර කරුණු නිසා ඒ වගේම අන්තර්ශාරීරික කරුණු නිසා හරිම ලෙහෙසියෙන්ම අපේ ශරීරයේ උෂ්ණ අධික භාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේ උෂ්ණාධික භාවය නිසා ඇතිවන රෝගී තත්වයන්ට ඉතා ලෙහෙසියෙන් නැඹුරු වෙන්න පුළුවන්.
දැන් අපි කතා කරමු මේ උෂ්ණ අධික භාවය කොහොමද අපේ ශරීරය තුලින් පෙන්වන්නෙ කියල.මොනවද මේ උෂ්ණ අධික භාවයේ ලක්ෂණ කියලා.
– අධික ශරීර උෂ්ණත්වය සහ ශරීරයේ දැවිල්ල ස්වභාවය.
– සැරින් සැරේම ඇතිවන අධික බඩගින්න.
– ඉතා පහසුවෙන් සමේ රෝග වැළඳීම.
– මුත්‍රා දැවිල්ල.
– නිතරම ඇතිවන බඩේ දැවිල්ල.
– අත්ල සහ යටි පතුල් දැවිල්ල.
– අතීසාරය.
– අධික දහඩිය සහ දුගඳ දහඩිය.
– මුඛයේ දුර්ගන්ධය සහ තුවාල හට ගැනීම.
– අකලට හිස කෙස් පැසීම සහ අකලට හිස කෙස් ගැලවී යාම.
– ඉක්මනින් කේන්තියාම සහ මානසික නොසන්සුන්තාවය.
– නිතරම මුඛයේ තුවාල සෑදීම
ඉහත සඳහන් කළ ලක්ෂණ දිගින් දිගටම පැවතීම සහ ශරීර උෂ්ණ අධික භාවය තවදුරටත් වැඩිවීම හේතු කරගෙන පිත්දෝෂය මූලික කරගත් රෝග වලට මුහුණ දීමට සිදුවෙනවා. එහෙමනම් අපි දෙවනුව කතා කරමු මොනවද මේ ලෙඩ රෝග කියලා.
– අම්ලපිත්ත රෝගය (Gastritis )
– අර්ශස් රෝගය ( Haemorrhoid )
– පොතු කබර රෝගය ( Psoriasis )
– ආසාත්මිකතා ( Allergic reactions )
– හෝමෝන අසමතුලිතතා ( Hormone Imbalance )
– සමේරෝග (Skin Diseases )
– ඉරුවාරදය ( Migraine )
– දරු පල ප්‍රමාද වීම හෝ දරුඵල නොමැති වීම ( Subfertility / Infertility )
– කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්රිත ගැටලු ( Menstruation cycle issues )
– අක්මාව සහ පිත්තාශය ආශ්රිත රෝග ( Liver Diseases & Gall Bladder Diseases )
– සෙලියුලයිටිස් (Cellulitis )
– මානසික රෝග ( Mental Diseases )
– මුහුණ ආශ්රිත කුරුලෑ ( Pimples / Acne )
ඉහත අපි කතා කරපු ලක්ෂණ හෝ ලෙඩ රෝග වලින් එකක් හෝ කිහිපයක් ඔබටත් තිබෙනවා නම් ඔබේ ශරීරයේ උෂ්ණ අධික භාවය පවතින බව නොඅනුමානයි.
එහෙමනම් අපි දැන් කතා කරමු එදිනෙදා ජීවිතයේදී මොනවගේ හේතු කාරණාද මේ ශරීර උෂ්ණ අධික භාවයට හේතු සාධක වෙන්නේ කියල.
– ආහාර පිසීම සඳහා රතුපාට මිරිස් අධික භාවිතය.
– උෂ්ණ එළවළු වර්ග වන ගෝවා , හතු , තක්කාලි , රාබු වැඩිපුර ආහාරයට ගැනීම.
– කල් තබා ගැනීමේ රසකාරක යෙදූ ආහාර වර්ග නිතරම පරිභෝජනය කිරීම.
– වේදනානාශක සහ බැක්ටීරියා නාශක ඖෂධ වර්ග දීර්ඝ කාලීන භාවිතය.
– ජලය පානය අඩු වීම.
– නිතරම කේන්ති ගැනීම.
– අධික ලෙස මත්පැන් භාවිතය.
– අධික ලෙස ඉස්සෝ , දැල්ලෝ , කකුලුවෝ , හරක් මස් , ඌරු මස් ආහාරයට ගැනීම.
ඉහත සඳහන් කළ පරිදි නුසුදුසු ආහාර වර්ග සහ වැරදි චර්යාවන් දිගටම සේවනය කිරීමෙන් ශරීරයේ පිත් දෝෂය කුපිත වී ශරීරයේ උෂ්ණ අධික භාවය ඇතිවේ.
ඉහත සඳහන් කළ හේතු සාධක ප්‍රායෝගිකව කොහොමද අපගේ ශරීරය සහ මනස රෝගී කරන්නේ කියල උදාහරණ කිහිපයකින් තවදුරටත් පැහැදිලි කරගමු.
මම කලින් සඳහන් කළ පරිදි ශරීරයේ උෂ්ණ අධික භාවයට ප්‍රධානවම හේතු සාධක වන පිත දෝෂය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි. පිත දෝෂය කුපිත වූ විට පරිවෘතීය ක්‍රියා වේගවත් වේ. මේ නිසා හිස කෙස් වලත් පරිවෘත්තීය ක්‍රියාව වේගවත් වීම නිසා හිස කෙසක ආයු කාලය කෙටිවේ. මෙය හේතු කරගෙන හිස කෙස් ඉක්මණින් ගැලවී යාමත් අකලට හිස කෙස් පැසීමත් සිදුවේ.
පිත දෝෂය යනු සමේ වර්ණය , සමේ පැහැපත් භාවය සහ සමේ නීරෝගී භාවයට මූලික වන දෝෂයයි. එලෙසම රක්තය එහෙමත් නැත්නම් අපේ ශරීරයේ ලේ ධාතුව පිත දෝෂය මගින් පාලනය වේ. ඒ නිසා පිත දෝෂය කුපිත වී ශරීරය උෂ්ණ අධික වූ විට රක්තය දූෂණය වේ. මේ නිසා සමෙහි නීරෝගීතාවය අඩාල වේ. එවිට සමේ ආසාත්මිකතාවයන් ඇතිවීමට පටන් ගනීී. මේ නිසා සමේ විසප්පු ගෙඩි ආදිය බිබිලි , කුරුලෑ හට ගනියි. සම රත් පැහැවීමට පටන් ගනීී.පොතු කබර වැනි රෝග හට ගනී.
පිත දෝෂය යනු ප්‍රධානවම ආමාශය ආශ්‍රය කොටගෙන පවතින දෝෂයකි.ශරීර උෂ්ණය වැඩි වීම නිසා පිත දෝෂය කුපිත වීමෙන් ආමාශයේ ක්‍රියාව අඩාල වේ.ආමාශය යනු අප ගන්නා ආහාර ජීරණය කිරීමේදී ප්‍රධානතම කර්තව්‍යක් ඉටුකරන අවයවයයි. ආමාශයේ ක්‍රියාකාරිත්වය අඩාල වීමත් සමඟ ජීරණය නිසියාකාරව සිදුනොවේ. ආහාර ජීරණයට ආමාශය තුළ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය උපකාර වේ. පිත දෝෂය කෝපවීමෙන් අම්ල ස්රාවය වැඩි වේ. එවිට ආහාර ජීර්ණය ඉතාමත් ඉක්මනින් සිදුවී නැවත නැවතත් බඩගිනි දැනේ. වැඩිපුර අම්ල ශ්‍රාවය වීම නිසා ආම්ලික ශ්‍රාවයන් උඩු අතට මුඛයට පැමිණෙයි.මෙය Gastric Reflux ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වයි.ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම , වාතය පිටවීම , අම්ල රස සහ තිත්ත රසැති ශ්‍රාවයන් උගුරට ඒම , ආහාර අරුචිය , ආහාර ගත් සැනින් මල පහ කිරීමට යෑමට අවශ්‍ය වීම යන ලක්ෂණ පෙන්නුම් කරයි.
එමෙන්ම ඉතා හොඳ ඩිම්බයක් මේරීමෙන් එයත් සමඟ හොඳ ශුක්‍රාණුවක් එකතු වීමෙන් කළලයක් සෑදුනත් ශරීරයේ උෂ්ණත්වය එහෙමත් නැත්නම් ගර්භාෂයේ උෂ්ණ අධික භාවය නිසා එම සෑදෙන කලලයට ගර්භාෂය තුළ රැඳී පැවතීමට නොහැකි වීම යන කරුණ මේ වනවිට ප්‍රධාන දරුඵල අහිමිවීම හෝ දරුඵල ප්‍රමාද වීමට හේතුවක් වී ඇත. එවැනි අවස්ථාවලදීම ගර්භාෂය තුළ පවතින උෂ්ණයි අධික බව අඩුකර ශරීරය සිසිල් කිරීමෙන් ඉතා පහසුවෙන් දරුඵල හිමිකරගත හැක.
කලින් සඳහන් කළ ලෙස ආමාශයෙන් මුඛයට පැමිණෙන ආමාශයක අම්ල නිසා විදුරු මස සහ දත් පරිහානියට පත්වෙනවා වගේම මුඛයේ දුර්ගන්ධයක් පිටවේ.
දැන් අපිට පැහැදිලි ශරීර උෂ්ණ අධික බව කියන්නේ මොකක්ද සහ ශරීරයේ උෂ්ණ අධික බව ඇතිවන්නේ මොන වගේ හේතු නිසාද කියල.
එසේනම් අවසානයට අපි කතා කරමු කොහොමද මේ ශරීර උෂ්ණ අධික බවෙන් මිදෙන්නෙ කියලා එහෙමත් නැත්නම් කොහොමද අපේ ශරීරය සිසිල් කරගන්නෙ.
– හොඳින් වතුර පානය කිරීම.
– සෑම ආහාර වේලක් සමගම පිපිඤ්ඤා/gherkins ආහාරයට ගැනීම
– කොමඩු , වියළිමිදි ,බන්ඩක්කා , මුං ඇට වැනි ආහාර නිතරම ආහාරයට ගැනීම
– බෙලිමල් , කොත්තමල්ලි , බාර්ලි , සව් , රණවරා මල් වැනි ඖෂධීය පාන වර්ග නිතරම පානය කිරීම.
– සිසිල් ජලය ස්නානය.
– මෛත්‍රී භාවනාව වැඩීම.
– කරපිංචා කැඳ , හාතවාරියා කැඳ , කිතුල්පිටි කැඳ වැනි ඖෂධීය කැඳ වර්ග පාන
ඉහත සඳහන් කළ පරිදි සුදුසු ආහාර රටාවන් සහ සුදුසු චර්යා රටාවන් වෙනස් කිරීමෙන් ඒ වගේම පුරුදු කිරීමෙන් ශරීරයේ උෂ්ණ අධික බව අඩුකරගත හැකි නමුත් මෙම ආහාර චර්යා රටා වෙනස් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් ආයුර්වේද වෛද්‍යවරියක් හෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වන්න .
මේ ලිපිය සම්බන්ධව ඕනෑම ගැටළුවක් පහත සඳහන් විද්‍යුත් තැපෑලට යොමු කරන්න.
වෛද්‍ය නිලක්ෂි ලෙනෝරා – ඕක්ලන්ඩ්