fbpx
13.9 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

උණුසුම් ගල්ෆ්වලින් ශීතල නවසීලන්තයට – අත්දැකීම් සම්භාරයක් ගෙන එන හරීන් විජේසේන – ස්වර්ණ පවුර 04 | කුසුම් එදිරිසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අරාබි බොක්කට දකුණින් පිහිටා ඇති ඩුබායි, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇති එමිරේට්ස් හතෙන් එකකි. එම රටවල් හතෙන් වැඩිම ජනගහනයක් ඇත්තේ ද  ඩුබායිවලය. එමෙන්ම එය  භූමි ප්‍රමාණය අනුව අබුඩාබිවලට ළඟට ඇති විශාලතම එමිරේට යයි. රටෙහි ෆෙඩරල් ජාතික කවුන්සිලයෙහිදී ජාතික වැදගත්කමක් ඇති කාරණාවල දී නිෂේධ බලය භාවිත කළ හැක්කේ බුබායි හා අබුඩාබි යන එමිරේට්ස් දෙකට පමණි. නවීන ඩුබායි එමිරේටය නිර්මාණය කරන ලද්දේ 1971 දී එක්සත් රාජධානිය ප්‍රදේශය හැර දා යෑමෙන් පසුවය.

මෙහි විශාලතම වරාය වන ජෙබෙල් අලි අවට 1979 දී නිදහස් වෙළෙඳ කලාපයක් පිහිට වනු ලැබීය. විදේශීය සමාගම්වලට සීමා බන්ධන රහිතව ශ්‍රමිකයන් මෙන්ම තැන්පතු ගලා ඒමද වැඩි වූයේය. එබැවින් 2015 පමණ වන විට එමිරේට්ස් රාජ්‍යය ලොව කෝටිපති ව්‍යාපාරික ධන කුවේරයින්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී තිබුණි. මෙම බැංකු අතර ප්‍රමුඛම බැංකුවක් වූයේ එක්සත් එමීරයේ ජාතික බැංකුව වන ‘National Bank of Abu Dhabi’ ය.

මෙම බැංකුවෙහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කර නවසීලන්තයයේ පදිචියට පැමිණි

ශ්‍රී ලාංකිකයෙකු ගැන මෙම කතාව කියවෙයි. ඔහු නමින් හරීන් විජේසේන වන අතර පියා ගාල්ල ඇලෝසියස් විදුහලේ ඉගෙන ගත් දක්ෂ පාපන්දු ක්‍රීඩකයකයෙක් වීය. හරීන් බම්බලපිටිය ශාන්ත පීටර් විද්‍යාලයයේ ශිෂ්‍යයෙක් වූ අතර 1990 වසරේ දී විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වයටත් එම පාසැලේ ශිෂ්‍ය නායක ලෙසටත් පත් විය.

හැටන් නැෂනල් බැංකුව එහි රග්බි කණ්ඩායමට ඇතුළත් කරන කාර්යමණ්ඩල සාමාජිකයන් බඳවා ගත්තේ මේ අතරය. 2003 වසර වන විට (CIMA) වරලත් කළමනාකරණ ගණකාධිකරණ  සුදුසුකම් ලබන ඔහු එම  බැංකුවට  කළ මෙහෙය නිසා 2004 වසරේ  සුනාමියට දින කීපයකට පෙර කළමනාකාර තනතුරක් ලැබ මාතර සිට කොළඹට මාරුවක් ලැබුණේ සුනාමියට පෙර දිනකය. තම මිතුරන්ට අත්වු ඛේදවාචකය ගැණ  තවමත් කණස්සල්ලට පත් වන හරීන්ගේ ජීවිතය බේරුණේ අනුනමයෙනි.

2005  දී බිරිඳ ෂාමිලා, ඇයගේ කාර්යාලයේ මිතුරකු කියූ කතාවක් හරීන්ගේ සිතට තදින්ම කාවැදුණි. රාත්‍රී පුරා මේ ගැන කල්පනා කළ ඔහු අවසානයේ අබුඩාබි සිටින තම මිතුරෙකුට දුරකතන පණිවිඩයක් ලබා දුන්නේය. පසුදින මිතුරාගෙන්  ඊට පිළිතුරු ලැබුණි. ‘මල්ලී UAE බැංකුවේ ජේෂ්ඨ බැංකු නිලධාරි තනතුරකට පුරප්පාඩුවක් තියනවා. තව දින තුනකින් ඉල්ලුම්පත් භාරඅරන් අවසන් වෙනවා,’ එම පිළිතුරය.

විනාඩි කීපයක් යන විට මිතුරාගෙන් රැකියාව සඳහා අදාළ ඉල්ලුම් පත විද්‍යුත් තැපෑලෙන් ඔහුට ලැබුණි. ඒ සමග තරමක දිග වදනක්ද  ඔහු ලියා තිබුණි. ‘මල්ලි වැඩේ ලේසි නෑ. ඔය තනතුරට මුළු ලෝකයෙන්ම තමයි අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඒත් අතහරින්න එපා ඉක්මනට අයදුම් පත එවන්න,’ යන්නය ඒ.

කාලය පියඹා යද්දී  දිනක් UAE බැංකුවේ අධ්‍යක්ෂකවරයෙක් දුරකතනයෙන් හරීන් ඇමතුවේය.‘සම්මුඛ පරීක්‍ෂණය, පළපුරුද්ද සහ සුදුසුකම් සලකා බැලීමෙන් පසුව අපි ඔබව සම්බන්ධතා කළමනාකරුවෙකු ලෙස පත් කිරීමට තීරණය කළා.’ ප්‍රධානය වූ  වැටුප් තලය සහ තනතුර ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි විය. දැඩි රුචියකින් හා අපේක්ෂාවකින්  සිටියත් කිසි දිනක මෙම එකම තනතුර සිය ගණනක් ලොව පුරා  සිටි අයදුම් කරුවන් අතුරින් තමන්ට ලැබේ යැයි ඔහු සිතුවේ නැත.

ලෝකයේ මෙතෙක් පැතූ ඊළඟ වරම ලැබී ඇති බව හරීන් තම  වටහා ගත්තේය. 2005 අගෝස්තු දෙවනදා දිනය උදා වුයේය. එදා  හරීන්-ෂාමිලා තරුණ යුවල තමන් ඇසුරු කළ හිතමිතුරන්ගෙන් නෑදෑයින්ගෙන් සිවුපාවුන් සහිත පරිසරයෙන් ඇළ දොල ගංඟා දිය ඇළිවලින්  පිරි සුන්දර මව්බිමෙන් සමු ගත්තෝය. ගුවනේ දී තම පුංචි රට තිතක් බවට හැරෙන දර්ශන පථය  ඔහුගේ දෑසට කඳුළු බිඳුවක් එක් කිරීමට සමත් වීය.

2005 දී UAE බැංකුවේ ලෝකයේ ප්‍රධාන පෙලේ ධනවත් ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමට අවස්ථාවන් ලැබීම ඔහුගේ වාසනාවක් විය. ඒ අතර,  2017 ඉන්දියාවේ ධනවත්ම පනස් දෙනාගෙන් කෙනෙකු වූ අජේ සෙති (Ajey Sethi)  සුනිල් ගවස්කාර් හා රමේෂ් රාජා වැනි ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ ද වූහ.

2007 වසරේ ලෝක ආර්ථික අවපාතයේ දී බොහෝ ගනුදෙනු කරුවනට තම මූල්‍යමය වගකීම් හරිකාරව ඉටු කරගෙන යාමට අපහසු වීය. ව්‍යාපාරික ලෝකයේ ගැටළු මැද ඔවුන් ලබන ආදායමින් ව්‍යාපාර ඉදිරියට කරගෙන යාමට පහසු වන පරිදි මෙසේ හිගව ගිය ණය පහසුකම් ප්‍රතිලේඛනය කර දීමට හරීන් මහත් උනන්දුවක් ගත්තේ ය. ඔවුන්ගේ වාරිකවලින් 60% ක මුදලක් ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා නැවත ආපසු දීම වැනි උපක්‍රමශීලී ක්‍රමෝපායන්වලින් එම අවසානාවන්ත කාලය කළමනාකරණය කර ගැනීමට ඔහු ගත් උත්සාහය බැංකුවේ ප්‍රශංසාවට ලක් වූයේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2012 දී  හරීන් UAE බැංකුවේ වසරේ හොඳම ආදායම් උපයන්නා ලෙස සම්මානය හිමි කරගත්තේය. එහි කාර්යසාධන ඇගයීමේ හොඳම ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් බැවින් එක්සත් රාජධානිය පදනම් කරගත් ණය වැඩ සටහනකට  ඔහු බඳවා ගනු ලැබිණ.

2015, තම හතලිස් පස්වන උපන්දිනයේ දී අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි නැෂනල්  බැංකු පද්ධතියේ අධ්‍යක්ෂක තනතුරකට ආරාධනාවක් හරීන්ට ලැබීම අහඹුවක් වීය. එය ඔහුට ලැබුණේ  පෙන්වූ දක්ෂතාවය හා කළ කැපවීම නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේ. 2007 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  MBA සුදුසුකම් ලබා සිටි ඔහු 2018 දී CIMA වරලත් ගණකාධිකරණ සුදුසුකමට අමතරව ඕස්ට්‍රේලියානු CPA සහතිකයද ලබා ගැනීමට ඔහු  සමත් වීය.

ඔහු සේවය කළ මෙම බැංකුව මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ පිහිටි දෙවන විශාලතම බැංකු පද්ධතියක් බවට පරිවර්තනය වනවිට එය First Gulf Bank නමින් වෙනස් වීය. ඉහළ තනතුරු දැරූ තවත් ශ්‍රී ලාංකිකයන් එහි සිටි නමුදු අධ්‍යක්ෂ තනතුරක් ලබා ගැනීම ඉතා දුර්ලබ කරුණක් විය. අබුඩාබි නැෂනල් බැංකුව හා First Gulf බැංකුව (now FAB)  ඒකාබද්ධ කෙරුණ අතර, නව ආයතනයේ ණය යෝජනා ඇගයීමට ඔහුට අවස්ථාව ලැබුණි.

ඒ අතරම, රග්බි ලෝක ශූරයින් සිටින සුන්දර නවසීලන්තයට මෙම යුවල දැක්වූයේ මහත් අභිරුචියකි. කොතරම් සැප සම්පත් තිබුණ ද ලෝකයේ සිසිලසින් පිරි, මුලින්ම හිරු උදාවන රටක පදිංචියට එන්නට හරීන් තීරණය කළමුත් තම ආයතනයෙන් ඔහුට එකඟතාවයක් නොලැබුණි. දශකයකටත් වඩා සේවය කළ තම අරාබි බැංකු කේෂ්ත්‍රයට පිටුපෑමටද හරීන් සමත් නොවුණෙන්  2019 දී  ඔහුගේ බිරිඳ ෂාමිලා, ෂෂේන් හා ෂවේන් පුතුන් දෙදෙනා ද සමග නවසීලන්තයට පැමිණියේ ය. ඉන්  වසර දෙකකට පසු 2021 දී තම රැකියාවට ආයුබෝවන් කියා නවසීලන්ත ඕක්ලන්ඩ් පුරවරයේ ස්ථිර පදිංචියට හරීන් විජේසේන ද පැමිණියේ ඔහුගේ පවුල් ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් පසු කරමිනි.

දැන් ඔහුගේ ඊළඟ ඉලක්කය ලාංකික නවසීලන්ත ජනතාවට තම අත්දැකීම් හරහා සේවයක් සුළුවෙන් හෝ ලබා දීමටය. ඒ සඳහා දැනටමත් බැංකු හරහා විවිධ මුල්‍ය පහසුකම් ලබා ගැනීමටත් විශේෂයෙන් ගෙවල් මිල දී ගන්නා ‘පළමු ගැනුම්කරුවාගේ’   සිට ඕනෑම තරාතිරමක ව්‍යාපාරිකයා දක්වාත් නොමිලයේ තම සේවය ලබා දීමටත්  ඔහු සූදානම්ය.

ඒ වගේම නවසීලන්තයේ දී දැනටමත් ව්‍යවාසකයිනට සාර්ථක වීමට හා අභියෝග ජය ගැනීමට මඟ පෙන්වීමට හැකිවීම ගැන සතුටුවන ඔහුගේ පාඨය වූයේ ‘ඔබකිසි විටෙකත්  ලැබෙන අවස්ථාව අත් නොහරින්න, ඔබ අත්හරින්නේ නම්, ඔබ අසාර්ථකය,’යි යන්නය.

‘ඩොලර් මිලියන එකක  පිළිකා අරමුදලක් ලංකාව වෙනුවෙන්  ඇති කිරීම මගේ එක් අරමුණක්.

මගේ සමීප ඉන්දියානු මිතුරෙකු ශ්‍රී ලංකාවේ එම පුණ්‍ය කටයුතු සඳහා මට උදව් කරනවා,’ යි ඔහු අප සමග පැවසීය.

ඔහුගේ ඇමතුම් අංකය 022 560 1509, කාර්යාලය Level  1/203 Great South Road, Manurewa, Auckland යන ස්ථානයේය.

By Kusum Edirisinghe – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.