මගේ සිත ලඟ ගැවස
සොදුරු හැඩ තල මවන
ලොවම එබිකම් කරන
ඔබ සිටියි දොඩමලුව
අපි යනෙන හැම තැනම
හොරෙන් එබිකම් කරන
මිතුරො වෙයි හන්දියේ
ඇතත් නැතිසේ සිටින
මනාපය කියනවිට
මිතුරො ටික හනි හනික
පිරුණු සිත කොනක යට
අපි හොයයි ඉතිරි ටික
රෑ දිවා ඔබ සමග
මෙසේ කල් ගෙවෙන කොට
මට ඇනුම් පද කියයි
ඔබ නිසරු කෙනෙක් වග
ආදරෙයි වෛරයයි
එක විටම ලැබෙන විට
මට පුදුම ඔබ කෙලෙස
මේ දෙකම විඳිනවද
ආදරෙයි මම නුඹට
අපි පැවතෙනා තුරට
සමු ගන්න දිනයෙ ඔබ
සබඳ මගෙ මූණු පොත
කවි සිත
15/12/2019
සොදුරු නවාතැන by කවි සිත


ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.