තැලි තැලීමයි යකඩ
පණ පෙවුනේ
ගැහැනු සිත් එලෙසමයි
පන්නරය ලැබුයේ
කල්පයක් මග නොහැර
පසු පසම ආවේ
යශෝධරා සිදුහත්ට සෙනෙහසම
පමණයි පිදුවේ
දරුවනුත් දන් දී
බුදුවන්න පැතුවත්
නිමාවක් උනේ නෑ බැදි
සෙනෙහේ බිංදුවක්
දුකක් දැනුනත්
දරු පෙමින් බෝමා
නැවත නැවතත්
ඔහුම පැතුවයි සසරේ
නිමා වන භවයෙ
හැර ගියත්
අප මෙලසේ
දිගු සසරෙ ඔහුට
බැදි සෙනෙහසින්මයි
ඈ සෙතම පැතුවේ.
සඳ කිඳුරු භවයෙත්
සෝ දුක් දරාගෙන හඩමින්
ඇගෙ සෙනෙහෙ ගග අරුමැති
නොසිදෙනා වූ ගුණයෙන්
හිමි දිවිය රකිම්න්
සිත් පුරා සතොසින්
ඈ රැක්ක සෙනෙහෙට
දෙවු බබුන්ටත් පුදුමයි!
කල්පයක් ඈ රැකපු
පතිදම් බලේ,
ඔහු දන්නෙ
ලැබූවත් බුදු පදවි
ඒ නිසයි
ඈ ලගට හිමි වැඩියේ
කදුලැලින් සිරිපාද දොවන්නට
ඉඩ ලබා දුන්නේ
ඒ පිදූ සෙනෙහසට
නිසි වටිනාකමයි
ඈ ලැබුයේ!
යමුනා පලිහවඩන
හැමිල්ටන්