පුංචි මගේ පුංචි අම්මේ- අපෙ අම්මගෙ නංගි පොඩ්ඩ
හැමදාමත් මාත් එක්ක – රණ්ඩු කරන රණ්ඩු කෙක්ක
ඒ උනාට ඔයා තමයි – මගේ එකම යාලු පොඩ්ඩ
හැන්ඳෑවට මාත් එක්ක තරඟෙට කවි කියන්නී
ජම්ඹු ගහේ උඩට වෙලා – මට ඔච්චම් කරන්නී
හෙන්ඳිරික්කා මල් යායෙන් මල් දෝතක් නෙලන්නී
දනින් වැටී මාත් එක්ක – බුදු සාදුට වඳින්නී
දොමිකිට දොම් තරිකිට දොම් තාලයකට නටන්නී
මෙහෙම නටාපන් දෝණියෙ දෑත් විදා කියන්නී
තාලම් පට හඬ නගමින් මට තාලය දෙවන්නී
අම්මා මෙන් මා ළඟ හිඳ මට සෙනෙහස පුදන්නී
සන්ධ්‍යා විජේසුන්ඳර
ඕක්ලන්ඩ්