ඔබට පවසන්නට ඇති දෙය
කියාගන්නට මට නොහැකි වී ඇත
එය මාවගේ මතකයෙන්
ගිලිහී යන්නට පේර
ඔබේ ළඟට පැමිණි දරුවා
තුරුලු කරගන්න
මට දෙන්නට ගෙන ආ බෝනික්කා
අම්මට අමතක වී
පාර අයිනේ දමා තිබියදී
මම එය ඇහිඳ ගත්තා
කුණු දූවිලි හෝදලා
අලුත් ඇඳුම් අන්දලා
මගේ නවාතැන තබාගෙන
වාසනා නංගී යයි නම් තබා
බත් කටක් කැව්වා
අක්කල අයියලා නැති නිසා
වාසනා නංගියේ කනට කොඳුරා
අම්මගේ නම මොකක්ද යි
හැමදාම මම අහනවා
වාසනා නංගිත් මම වගේම
අතරමං වූ දරුවෙක් නිසා
අම්මා ගැන මතකයක් නැතිව ඇති
ලොවේ කිසිවෙක් අතරමං වූ
දරුවන් නොවේ
අහසින් වැටුනු දරුවෙක් නොවෙයි
ඔබේ ළඟට පැමිණි දරුවා
තුරුලු කරගන්න
By Sisira Munasinghe – Churton Park