පැමිනියෙමු මවුරට සිට,
බලන්නට දරුවන්ගෙ දුකසැප,
දුටුවෙමි රටකට අවැසි,
විනය නීතිය, සුරැකුම
නිල්වන් අහස්ගැබ
හරිත පැහැගත් වනවියන්
මිනිසුන්ට ගරුකරන මිනිසුන්
හිතට වදයක් නැතිව
යනගමන තුටින් යන
බසයද විදුලි දුම්රිය ගමන්
සිහිකලා මට මගේ රටතුල
දුක්විඳින මා හිතවතුන්
බැරි බරට උරදෙමින්
හතරඅත ණයවෙමින්,
අනෙකාව පරයන ලෙසින්
සිට්න්නට දරන වෙහෙසක්,
වැඩිපිරිස බොදුනුවෝ
මුල්තැනට අපිස්බව හොඳින් දුටුවා මෙහිදි
මෙරට වසනා දනගෙ
අපේකම ගැන සතුට
සිහල, දමිලද වචන
හැඩට ගොනුකල තැනකි
පුවත්පත ශ්‍රී ලන්කන්
ඔබේ සවියෙන් මනා
අපේකම හැඩවුනා
සහන් රන්වල සමග
සැවොම අප හමුවුනා
පැයතුනක් ගතවුනා
සිත් අපේ හිනැහුනා
ඔබව කල මෙහෙවරට
තුති පුදමි සැමදෙනට,
සෝමදාස කන්දෙගේ – ශ්‍රී ලංකාව




