වයිරරප්පා ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය අවුරුදු සිරිත් විරිත් හා ජන ක්‍රීඩා මුල් කරගෙන මාස්ටර්ටන් සොල්වේ විද්‍යාල භූමියේදී මාස්ටර්ටන් නගරාධිපති ගැරී මහතා, කාටර්ටන් නගරාධිපති රොන් මහතා හා ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයික් මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය අප්‍රේල් 14 වනදා පැවැත්විය.
මේ සඳහා මාස්ටර්ටන්, කාටරටන්, Grey Town, ෆෙදර්ස්ටොන් ප්‍රදේශවල වාසය කරන සියයක් පමණ වූ සිංහල, දමිළ, මුස්ලිම් ලාංකිකයන් සහභාගී වීය. අවුරුදු උත්සවයේ කැපී පෙනෙන අවස්ථා ලෙස, කඹ ඇදීම, බනිස් කෑම, කණා මුට්ටි ගැසීම ආදී ක්‍රීඩා බාල, මහලු, තරුණ සෑම කෙනෙකුටම සහභාගී විය හැකි අයුරින් සංවිධානය කර තිබිණි. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිරිබත් සහ කැවිලි මේසයක් සහ දිවා ආහාරය ද සූදානම් කර තිබුණි.