fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

හෙල්ලයෙන් ලියන රන් පරිච්ඡේදය | බුද්ධි මාතරආරච්චි | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හෙල්ලය සටන් ආයුධයකි. සතුරා මිතුරා අතර වෙනස හෙල්ලයක දුරින් බව පැරණි ‍යුධ සටහන් අපට කියා දෙයි. එවන් හෙලිකරුවො යුද්ධය දික්විජය කරන්නට උරදුන් වීරයන්ය. ඉතිහාසය පුරාම ලක් මව විජයග්‍රහණය කරවන්නට හෙල්ලය ඉලක්කය කරා යැවු හෙලිකරුවන්ගේ පරම්පරාවට නූතන සටන් කරුවෙකු පැමිණෙමින් සිටියි. මෙම හෙලිකරුවාට 2028 ලොස් ඇන්ජලීස් නුවර ඔලිම්පික් තරඟාවලියේ (Summer Olympics Los Angeles 2028 or LA28) ලක් ඉතිහාසයේ ප්‍රථම රන් පදක්කම ලබා දිය හැකි බවට තම හෙල්ලයෙන් සලකුනු කරමින් සිටියි.

Legends of Sri Lankan Olympians 

ඔලිම්පික් රන් පදක්කමක් සටහන් කරන්නේ ක්‍රීඩකයෙකුගේ ජිවිතයේ අග්‍ර සම්ප්‍රාප්තියයි. ලක්මව වෙනුවෙන් ඉතිහාසය තුල ඔලිම්පික් පදක්කම් ලබාගත් ක්‍රීඩකයන් දෙදෙනෙක් අපට හමුවෙයි.

එනම් 1947 වසරේ ඩන්කන් වයිට් සහ 2000 වසරේ සුසන්තිකා ජයසිංහ ලක්මව රිදියෙන් නැහැවු  පුරාවෘත වන් ක්‍රීඩකයන් බවට පත් වු බව කිවයුතුය. එම කුලකයට සෙමින් සෙමින් පියවර මනින විසිතුන් හැවිරිදි ක්‍රීඩකයෙකුගේ කතාන්දරය 2028 ලොස් ඈන්ජලීස් නුවර ඔලිම්පික් තරගාවලියේ ලක්මව රනින් හැඩ ගන්වා ජාතික ගීය ලොවටම ඇසෙන්නට වාදනය කරමින් රනින් ලියන අලුත් පරිච්ඡේදයක හිමිකරුවා බවට පත්වනු ඇතැයි අප සිහින දකිමින් සිටින්නෙමු.

Rumesh Tharanga Pathirage 

දන්නා අය බොහො ඇතත්, දන්නා නොදන්නා බොහො දෙනාගේ  මුවග මෙම නම නොබෝ දිනක නැවත නැවත පිලිරැව් දෙනු ඇත. 2003 මාර්තු මාසයේ කලුතරදි උපත ලැබු රුමේෂ් කුඩා කාලයේම නිපුනත්වය දැක්වුයේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙසයි. පාසල් කාලයෙදීම පැයට කිලෝමීටර 134 ක වේගයෙන් පන්දු යැවූ රුමේෂ් වේග පන්දු යවන සංචිතයේ දෙවැනි වුයේ ඉශාන් මාලිංගට පමණි. (Current Sri Lankan T20 player, IPL -Sunrisers Hyderabad player).

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ (St. Peters College, Colombo) ආදි සිසුවකු වූ රුමේෂ් පසුව හෙල්ලය විසිකිරිමේ ක්‍රීඩාවට යොමු විය. දක්ෂ ක්‍රීඩකයෙකු වූ පියාගේ ආභාෂය මෙයට ලැබුනු බව කිව යුතුය.

අහම්බයකින් හෙල්ලය විසිකිරීම ක්‍රීඩාවට යොමු වුවත් ඉතා ඉක්මනින් පාසල් මට්ටමේ වාර්තාවක් ලබා ගන්නට සමත් විය. ඉක්බිති අන්තර් පලාත් මට්ටම ක්‍රීඩා කරන රුමේෂ් ඉතාම කෙටි කාලයකින් තම නිපුනත්වය මීටර් 30 සීමාවේ සිට 60 සීමාවට උස් කරගන්නට සමත් විය.

අනතුරුව වයස 20 න් පහල ලෝක ශූරතා තරගාවලියේදී මිටර් 69.98 ක සමත්කමක් දක්වමින් එම වයස් කාණ්ඩයේ ලෝකයෙන්ම 7 වැනි ස්ථානය ලබා ගන්නට සමත් විය. (2022 World U20 Championships in Cali, Colombia, with a throw of 69.98 m).

පුහුණුවීම් සදහා Australia පැමිණීම 

මෙම දක්ෂතා නිසාම රුමේෂ්ගේ ජිවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  2024 ඔහු ඕස්ට්‍රේලියාවේ Queensland ක්‍රීඩා ආයතනයට වැඩිදුර පුහුණුවට යොමු වීමට අවස්ථාවක් ලබා ගන්නවා.  ඒ අනුව  මයික් (Mike) සහ කෙල්සි බාර්බර් (Kelsey Barber) යන අයගේ උපදේශන යටතේ පුහුණුවට යොමු වෙමින් ක්‍රීඩාවේ තාක්ෂණය (sports techniques) හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ තව තවත් අන්තර්ජාතික තරඟ පිළිබඳ අත්දැකීම් ලබන්නට ඔහුට එය මහගු අවස්ථාවක් වනවා.  ඊළඟ වසරේ, එනම් 2025 මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ Perth Track Classic තරඟයේදී ලංකා ජාතික වාර්තාව ආසන්නයට පැමිණීමට සමත් විය. නැවත ඔහු 2025 මැයි මාසයේ දකුණු කොරියාවේ Gumi හි 2025 ආසියානු ශූරතා තරඟයේ මීටර 83.37 දුරකට විසිකරමින් 4 වන ස්ථානය දිනා ගැනීමට  සමත් විය.

අනුක්‍රමයෙන් 2025 අගෝස්තු මාසයේ දියගමදී හෙල්ලය විසිකරමින් එවක ජාතික ශුරයා වු සුමේද රණසිංහ අභිබවා යමින් ශ්‍රී ලංකා ජාතික වාර්තාවේ අයිතිය දිනා ගැනීමට මෙම තරුණ ක්‍රීඩකයා සමත් විය.

පසුව බුභනැස්වර්හි ඉන්දීය විවෘත තරඟය (Bhubaneswar Open, India)  මීටර් 86.50 දුරකට හෙල්ලය විසිකරමින්  නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් ස්ථාපිත කරන අතර ඔලිම්පික් පදක්කම් ලාභි නීරාජ් චොප්රා (Neeraj Chopra) හමුවීම ඔහුගේ ජිවිතයට වෙනසක් ඇති කිරීමට සමත් වෙනවා.

නීරාජ් චොප්රා යනු  හෙල්ලය විසිකිරීමෙන් ටෝකියෝ ඔලිම්පික් නුවරදී රන් පදක්කමක් දිනා ගත් ක්‍රීඩකයෙකු වන අතර ඔහුගෙන් රුමේෂ්ට ලැබුණු දිරිගැන්වීම සමගම ඉන්දීය විවෘත තරඟයේ එම ඉසව්වේ තුන් වැනි ස්ථානය ලබා ගන්නවා. ඒ අනුව නීරාජ් චොප්රා සමගම පොඩියම් අවසානයකට  (Podium Finish) යොමුවන රුමේෂ් අනාගතය පිලිබද නව බලාපොරොත්තු ඇති කිරීමට සමත් වෙනවා.

2024 ඔලිම්පික් වලින් පසුව හොඳම  විසිකිරීම

අනුක්‍රමයෙන් තරග ගණනාවකට එක් වන රුමේෂ් 2026 පෙබරවාරි 14 වෙනිදා, Perth Classic තරගයෙන්, ඊළඟ මාසයේ, දියගමදී  චැම්පියන්ස් ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් මීටර් 89.37 දුරට එල්ල කරමින් නව ජාතික වාර්තාක් පිහිටුවීමට සමත් විය.

2026 අප්‍රේල්, ඔහු 2026 කිප් කයිනෝ ක්ලාසික් මීටර් 89.28 දුරට නව සමුළු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඔහුගේ ජිවිතයේ විශිෂ්ඨම හෙල්ල විසිකිරිම වාර්තාවන්නේ රෝමයේදීය. පැමිණ සිටි සියලු ප්‍රේක්ෂකයින් මෙන්ම ක්‍රීඩා විචාරකයන්ද අමන්දානන්දයට පත් වෙමින් වසර 20 ක් පැරණි වාර්තාවක් අලුතින් ලියන්නට ඔහු සමත් වෙනවා.

එනම් ජූනි 4 වෙනිදා, ඔහු රෝමයේ 2026 ගෝල්ඩන් ගාලා (Golden Gala, Rome 2026)  තරගයේ  ඔහුගේ හෙල්ලය මීටර් 92.62 එල්ල කිරීමට සමත් වෙනවා. මෙම විස්මය ජනක දස්කම මහ ඉහලින් වර්ණනා කල ක්‍රීඩා විචාරකයො එලඹෙන ඔලිම්පික් තරඟාවලියෙදි පදක්කමක් වෙත ගමන් කල හැකි වීරයකු පහල වී තිබෙන බව සටහන් කර ඇත.

එම දස්කම කොපමණ විස්මය ජනක වන්නේද යත් 2024 ඔලිම්පික් තරගයෙන් පසු ලෝකයේ ඕනෑම තැනක වඩාත් දුරට එල්ල කිරීම සනිටුහන් කරමින් එතෙක් මෙතෙක් මානව ඉතිහාසයේ  වඩාත්ම දුරකට ඉලක්ක කල ලැයිස්තුවේ අටවන ස්ථානයට රුමේෂ් තල්ලු කිරීමට සමත් විය.

ජූනි 16 වෙනිදා, ඔහු ගෝල්ඩන් ස්පයික් ඔස්ට්‍රාවා තරගයෙන් ජයග්‍රහණය කිරීමට මීටර් 86.57 එල්ල කළේය, සහ 2026 ජූනි 19 වෙනිදා ඩෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) තරඟයෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

2026 Glasgow Commonwealth Gold in Javelin

රුමේෂ් ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසුකරමින්  ස්කොට්ලන්තයේ, Glasgow නුවරදි අගොස්තු 1 වැනිදා පැවැත්වු  2026 Commonwealth හෙල්ලය විසිකිරීමේ (Javelin) ඉසව්වෙන් රන් පදක්කම ලබා ගැනීමට සමත්විය. මෙම දස්කම සටහන් කරන්නේ වසර 76කට පසුව commonwealth Track & Field ක්‍රීඩා ඉසව්වකදි ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම රන් පදක්කම ලෙසයි. අවසන් වරට commonwealth Track & Field ක්‍රීඩා ඉසව්වකදි රන් පදක්කමක් ශ්‍රී ලංකාව  ලබා ගත්තේ 1950 වසරේදි ඩන්කන් වයිට් ක්‍රීඩකයා වන අතර ශ්‍රී ලංකාව අවසන් වරට Commonwealth රන් පදක්කමක් දිනාගත්තේ 2006 වසරේ බර ඉසිලිමේ ක්‍රීඩාවෙන් චින්තන විදානගේ ක්‍රීඩකයායි.

රුමේෂ් ලබාගත් මෙම රන් පදක්කම සනිටුහන් කරන්නේ දැනට ඔලිම්පික් පදක්කම් ලාභි නීරජ් චොප්රා (Neeraj Chopra – Tokyo Olympics 2020) සහ අර්ශාද් නඩීම් (Arshad Nadeem – Paris Olympics 2024) දක්ෂතා අභිබවා යමිනි. මෙම දස්කම සමගම රුමේෂ් මෙම ඉසව්වේ ලෝකයේ පළමු ස්ථානයට පත්වන අතර 2028 දක්වා මෙම දස්කම් පවත්වාගන්නට ඔහුට හැකි වුවහොත් 2028 ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමේ විරල  අවස්ථාවක් ලැබීමට ඉඩ කඩ ඇත.

Los Angeles Olympics 2028

රුමේෂ්ගේ හෙල්ලය සටහන් කරන්නේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවේ නව දිශානති වෙනසකි. හෙල්ලය විසිකිරීමේ ක්‍රීඩාවේ ආධිපත්‍ය ඉතිහාසගතවම උසුලාගෙන සිටි යුරොපීය ක්‍රීඩකයන්ගෙන් එම බලය දකුණු ආසියාව දෙසට හුවමාරු වෙමින් පවතින අතර 2028 දී එම පදක්කම ලංකාවට ලබාගැනීමට වැඩි ඉඩකඩක් පවතී.

2022 ටොකියො (Tokyo) නුවරදි ඉන්දිය ක්‍රීඩකයෙක්, 2024 පැරිස් ( Paris) නුවරදි පකිස්ථාන ක්‍රීඩකයෙක් හෙල්ල විසිකිරිමේ රන් පදක්කම් දිනාගත් අතර 2028 ලොස් ඇන්ජලීස් නුවරදි දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මෙහි රන් පදක්කම දිනා ගැනීමේ ඉඩකඩ පවතින බව ක්‍රීඩා වාර්ථා දෙස බැලීමෙදි පෙනී යයි. එමෙන්ම 2028 වසරේදි දකුණු ආසියානු ක්‍රීඩකයන් තිදෙනෙක් මෙම ඉසව්වේ පොඩියම් අවසානයක් සටහන් කරන්නට ඉඩකඩ පවතී.

කලුතරින් ක්‍රීඩාවට ආයුබෝවන් කියූ රුමේෂ් තරංග පතිරගේ ක්‍රීඩකයාට අවුරුදු 28 කට පසුව නැවත ඔලිම්පික් පදක්කමක් මව්බිමට ලබා දිය හැකි වේවායි අපි සුබ පැතුම් එක් කරමු.

බුද්ධි මාතරආරච්චි – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.