එය රාත්‍රී කෑම සාදයකි. ඊළග කථිකයාට දත් කුට්ටම මතක් වූයේ තම කතාව පටන් ගැනීමට නැගීසිටි විටය.
‘හරි වැඩේ නෙව මට මගෙ දත් කූට්ටම ගේන්න බැරිවෙලා…’ ඔහු සමීපයේ අසුන් ගෙන සිටි පුද්ගලයාට කොඳුරමින් කීවේය.
‘ප්‍රශ්නයක් නෑ.’ කිවූ යාබද මිතුරා තම සාක්කුවෙන් දත්කුට්ටමක් ගෙන ඔහුට දුන්නේය.
‘ම්හ්.’ තද වැඩියි.’ කථිකයා විස්සෝප වීය.
‘එහෙනං මේක…’ ඔහුට වෙනත් දත් කූට්ටමක් ලැබුණි.
‘නෑ. බුරුලයි.’ කථිකයා මූණ අඹරවා ගත්තේය.
‘හරි. මේක බලන්න.’ යාබද මිතුරා නැවත කාරුණික වීය.
‘ආං. ගාණට.’ කී ඔහු කතාව පැවැත් වීය.
සාදය නිම වූ පසු දත් කූට්ටම සැපයූ මිතුරාට ස්තුති කරන්නට කථිකයා අමතක නොකළේය.
‘නෑ. කමක් නෑ. පොඩි දෙයක් නේ.’ අලුත් මිතුරා නිහතමාන වීය.
‘එතකොට හැබෑට මහත්තයගෙ දත් සාප්පුව තියෙන්නෙ කොහෙද?’ කථිකයා ඉල්ලා සිටියේය.
අලුත් මිතුරා ඊට උත්තර දුන්නේය. ‘මොන! මම මේ මිනී පෙට්ටි සාප්පු අයිතිකාරය නෙව…’






