ශ්‍රී ලංක්න් ගුවන් සේවය මිලදී ගැනීම සදහා රුසියානු සමාගම් වෙතටද අවස්ථාව උදාවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුසියාවේ රියා නොවොස්ටි (RIA Novosti) පුවත් සේවය වෙත පවසා තිබෙනවා.
ඒ, අමාත්‍යවරයා සිය රුසියානු සංචාරය අතරතුර සිදුකළ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදි අමාත්‍යවරයා පවසා ඇත්තේ රුසියාවේ ගැණුම්කරුවෙකුට ගුවන් සේවය විකිණීමට ශ්‍රී ලංකා බලධාරීන් අවසර දී ඇති බවයි.
“ඔව්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට ශ්‍රී ලංකා බලධාරීන් සැලසුම් කරමින් සිටින බව මට තහවුරු කළ හැකියි. නමුත් තවමත් ගැනුම්කරු සොයාගෙන නැහැ. මෙහි බොහෝ ව්‍යාපාරික අවස්ථා තිබෙනවා. සමහර විට රුසියානු සමාගමක් ගැනුම්කරුවෙකු විය හැකියි,” අමාත්‍යවරයා එහිදි පවසා ඇති බව රියා නොවොස්ටි (RIA Novosti) පුවත් සේවය වාර්තා කරනවා.
එහිදි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ රක්ෂණ ගැටළු හේතුවෙන් ගුවන් සමාගම රුසියාවට පියාසර කිරීම අත්හිටුවා ඇති බවත් නුදුරු අනාගතයේ දී එම ගැටලුව විසඳන බවයි.
Will the Ownership of Sri Lankan Air Line Go to Russia?
The Sri Lankan authorities have allowed the sale of the airline to a buyer from Russia.
Sri Lanka will sell the national carrier SriLankan Airlines. It is possible that one of the Russian companies will become a buyer, the country’s Minister of Transport Mr. Bandula Gunawardena says to RIA Novosti.
Shehan Madawa