එළඹෙන මැයි පළමු වනදා සිට නීත්‍යානුකූලව බැංකු පද්ධතියක් හරහා මුදල් එවා ඇති සියලුම විදෙස් ගත සේවකයින් මේ සඳහා සුදුකම් ලබයි. විදේශගත සේවකයින් විසින් ගුවන් තොටුපලේ දි මිලට ගන්නා භාණ්ඩ සඳහා තීරුබදු රහිත දීමනාවක් ඔවුන් ඒවා ඇති මුදල් ප්‍රමාණය අනුව වැඩි කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත.
මෙම සහනය කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක කෙරේ.
අමරිකානු ඩොලර් 2,400 – 4,799 එවා ඇති සේවකයින්ට අමෙරිකානු ඩොලර් 600ක අතිරේක තීරුබදු රහිත දීමනාවක් ද අමරිකානු ඩොලර් 4,800 – 7,199 ක් එවා ඇති සේවකයින්ට අමරිකානු ඩොලර් 960 අතිරේක තීරුබදු රහිත දීමනාවක් ද අමරිකානු ඩොලර් 7,200 – 11,999 එවා ඇති සේවකයින්ට අමරිකානු ඩොලර් 1,440 ක දීමනාවක් ද අමරිකානු ඩොලර්
12,00- 23,999 ගෙවා ඇති සේවකයින්ට අමරිකානු ඩොලර් 2,400 දීමනාවක් ද අමරිකානු ඩොලර් 24,000 හෝ ඊට වැඩි ප්‍රමාණයක් එවා ඇති සේවකයින්ට 4,800ක අතිරේක තීරුබදු සහනයක් ලබාදීමට තීරණය කර ඇත.
2022 මැයි පළමු වන දා සිට නීත්‍යානුකූල බැංකු පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට මුදල් එවා ඇති ඇති සියලුම විදෙස්ගත සේවකයින් සඳහා මෙම සහන දීමනාව හිමිවේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ විදෙස්ගත සේවකයින්ට නිසි ගෞරවය හා නිසි සැලකිල්ල ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කළ බවත්, “The Hope Gate” නමින් නව පිවිසුමක් ගුවන් තොටුපලේ විවෘත කළ බවත්ය. එමෙන්ම විදෙස්ගත සේවකයින්ට විදුලි වාහනයක් ආනයනය කිරීම, නිවාස ණය ලබා දීමට මෙන්ම තවත් බදු සහන ලබා දීමට ද කැබිනට් අනුමැතිය ලැබුණු බවය. විදෙස්ගත සේවකයින්ට විදුලි වාහන ආනයනය කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට ද තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
By Dimuthu Wijesooriya