fbpx
8.9 C
New Zealand
Sunday, May 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකන් රුසියාව අතට යයිද?

Must read

ශ්‍රී ලංක්න් ගුවන් සේවය මිලදී ගැනීම සදහා රුසියානු සමාගම් වෙතටද අවස්ථාව උදාවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුසියාවේ රියා නොවොස්ටි (RIA Novosti) පුවත් සේවය වෙත පවසා තිබෙනවා.

ඒ, අමාත්‍යවරයා සිය රුසියානු සංචාරය අතරතුර සිදුකළ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදි අමාත්‍යවරයා පවසා ඇත්තේ රුසියාවේ ගැණුම්කරුවෙකුට ගුවන් සේවය විකිණීමට ශ්‍රී ලංකා බලධාරීන් අවසර දී ඇති බවයි.

“ඔව්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමට ශ්‍රී ලංකා බලධාරීන් සැලසුම් කරමින් සිටින බව මට තහවුරු කළ හැකියි. නමුත් තවමත් ගැනුම්කරු සොයාගෙන නැහැ. මෙහි බොහෝ ව්‍යාපාරික අවස්ථා තිබෙනවා. සමහර විට රුසියානු සමාගමක් ගැනුම්කරුවෙකු විය හැකියි,” අමාත්‍යවරයා එහිදි පවසා ඇති බව රියා නොවොස්ටි (RIA Novosti) පුවත් සේවය වාර්තා කරනවා.

එහිදි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ රක්ෂණ ගැටළු හේතුවෙන් ගුවන් සමාගම රුසියාවට පියාසර කිරීම අත්හිටුවා ඇති බවත් නුදුරු අනාගතයේ දී එම ගැටලුව විසඳන බවයි.

Will the Ownership of Sri Lankan Air Line Go to Russia?

The Sri Lankan authorities have allowed the sale of the airline to a buyer from Russia.

Sri Lanka will sell the national carrier SriLankan Airlines. It is possible that one of the Russian companies will become a buyer, the country’s Minister of Transport Mr. Bandula Gunawardena says to RIA Novosti.

Shehan Madawa

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.