එදා පූජකවරයාගේ මාතෘකාව වූයේ ‘සදාකාලික සාපය’යි.
‘අන්තිම දා හරිම භයානකයි. පව්කාරයෝ සදාකාලික අපායට යනවා.’ ඔහු කතාව පැවැත්වූයේ ය. ‘දන්නවද අන්තිම වෙලාවෙ මිනිස්සු කේන්තියෙන් දත්කූරු කනවා.’
පිටුපස ආසනයක සිටි මහලු කාන්තාවක් නැගී සිටියාය. ‘මට දත් නෑ.’
‘මැඩම්’ පූජකවරයා පැහැදිලි කර දුන්නේය. ‘දත් ලබා දෙනවා.’






