ඔබගේ මෙවැනි නිර්මාණවල පැහැදිලි ඡායාරූප පිටපත් අප වෙත එවන්නේ නම් ශ්රී ලංකන්ස් පුවත්පතේ විවිධ පිටුවලට යොදා ගත හැක.
මුල් පිටුව.

මුල් පිටුවට යොදා ගැනෙනුයේ ස්වාභාවික දර්ශනයක් හෝ ඇසල පෙරහැර, වයිටැන්ගි දිනය වැනි කාලීනව වැදගත් තේමාවක් මුල් කරගත් චිත්රයකි. දැනට මේ සඳහා අප යොදා ගන්නේ කියවන්නන් අප වෙත එවන චිත්රයකි.
ප්රමාණය A4 ට ගැලපෙන ලෙස Portrait අතට සකස් කළ පැහැදිලි මනා Contrast එකක් සහිත චිත්ර හා ඡායාරූප මේ සඳහා තෝරා ගැනේ. ඒවා අන්තර්ජාලයෙන් ගන්නා හෝ කෘතිම බුද්ධියෙන් සකස් නොකළ, හිමිකම පිළිබඳ නීතිවලට එකඟ වන (Copyright Laws) ස්වතන්ත්ර නිර්මාණ වියයුතුය. වචන 20 ක පමණ විස්තරයකුත් සමග ඔබගේ මෙවැනි නිර්මාණ අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු.
ඇතුළත පිටු සඳහා චිත්ර.

ශ්රී ලංකන්ස් එක කලාපයකට විවිධ මාධ්යයන්ගෙන් ලැබෙන චිත්ර සියයක් පමණ භාවිතා කරනු ලැබේ. අපගේ 32 කලාපයේ දැනුම් දුන් පරිදි මේ සඳහාද කවර තේමාවක් යටතේ වුව ඔබ ගත් කලාත්මක ඡායාරූප හෝ සකස්කරන චිත්රවල පිටපත්, ඒ ඒ නිර්මාණය නම්කර අපවෙත කැමති ප්රමාණයක් එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මතු කලාපවල භාවිතයට ගතහැකි පරිදි ඒ ඒ චිත්ර ඔබගේ නම යටතේ අප ළඟ තැන්පත්ව පවතිනු ඇත.
පළකරන සෑම චිත්රයකම හිමිකරු ගැන සඳහන් කරනවා ඇත (Photo Credit).
– ශ්රී ලංකන්ස් –

Pic by Achala Nelunika






