පීටර් ගේ නිවස බිඳ බඩු භාණ්ඩ සොරකම් කළ සොරා අල්ලාගත් පොලීසිය, උසාවියට ඉදිරිපත් කරනතුරු ඔහුව පොලිස් කූඩුවට දැම්මේය.
එදා පීටර් පොලිස් ස්ථානයට ගොස්, ප්‍රශ්න කිරීමක් කරන්නට සොරා හමුවන්නට හැකිදැයි ඇසුවේය.
‘උසාවියෙදි පුළුවන්,’ පිළිගැනීමේ නිලධාරියා කීවේය.
‘නෑ, මට මිනිහව පුද්ගලිකව හම්බවෙන්න ඕනෑ,’යි පීටර් නැවත දන්වා සිටියේය.
‘ඒ මොටද?’
‘අපේ නෝනට හොරෙන් ගෙට රිංග ගත්තෙ කොහොමද කියල අහගන්න.’ පීටර් අවංකවම කියා සිටියේය. ‘මට ඕක මේ අවුරුදු විස්සකටම කරගන්න බැරි වුණා.’






