fbpx
10.3 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආදරණීය කලං : ඔබට උපහාර පිණිස !

Must read

1940 වසරේ සැප්තැම්බර් විසිවන දින මහනුවරදී උපත ලද අමරසිරි කලංසූරිය, ප්‍රැන්සිස් අප්පුහාමි සහ බෙංගමුව ආරච්චිගේ පොඩිහාමිනේ පවුලේ දෙවැනි දරුවා ය. ශ්‍රී ස්වර්ණජෝති පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුලත් වුණ මොහු වාර්තා පිට වාර්තා පිහිටවූ දක්ෂ ක්‍රීඩකයෙකි.
ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තවදුරටත් කතා කරනවා නම්, නිශ්ශංක පද්මසේන සහ ආරියපාල නැමැති සහෝදරයන් ගේ කවටකම් මැද තම ළමාවිය මහනුවර නගරයේ ගෙවා දමන මොහු පසුව සුළු කම්කරුවෙකු ලෙස මහියංගන ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ සේවය ද කළේය.
ශ්‍රී ලාංකීය සිනමාවේ සහ වේදිකාවේ නැතුවම බැරි නළුවෙකු වූ කලං, “හන්තාන” කතාව නම් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර පසුව 1974 දී “අහස්ගව්ව” චිත්‍රපටයේ මෙන්ම “අක්කර පහ”,  “නිම්වළල්ල” නැමැති චිත්‍රපටවල ද අති දක්ෂ නළුවකු ලෙස නම් දැරිය. 1978 වසරේ දී “අපේක්ෂා” චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ මොහු සරසවිය සම්මානයට පවා පාත්‍රවිය. මීට අමතරව,1986 වසරේ ජනාධිපති සම්මානය – “පූජා” වෙනුවෙන් ද, 1982 වසරේ හොඳම සහය නළුවාට හිමි සරසවි සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂත්වයක් ය. මේ හා විශේෂ සම්මාන වලින් පිදුම් ලැබූ මොහු 2001 වර්ෂයේ ‘ශිල්ප දෙනු මැන’ චිත්‍රපටයට දායක වූවා වාගේම “පොඩි විජේ” නම් නාට්‍ය හරහා නාට්‍ය නිෂ්පාදනයටද සම්බන්ධ විය.
1972 වසරේ දෙසැම්බර් 18 වන දින අජන්තා කුමාරි ඒකනායක මහත්මිය සමඟ විවාහ වන මොහු 1969 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලාංකීය රිදී තිරය ඔස්සේ මහත් ප්‍රසිද්ධියට පත් වූ අතර, මොහු ගේ සේවාව අගයනු වත් සුජිත් වීරසේකරයන් විසින් 2015 වසරේදී,  “දුක ජීවිතයක අමරණීය සැමරුම් ” නමින්  චරිතාපදානයක් ලියා තිබීම ඉතාම සුවිශේෂී ය.
අවුරුදු අසූ දෙකක් ආයු වදාළා 2023, අප්‍රේල් මස පළමුවන දින සදහටම දෑස පියා ගත් ඔබට,අප නිවන් සුව පතමු.
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.