තමන්ගේ සිත තුළ ඇති ලෝභ සිතුවිල්ලකින් ප්‍රිය යන දේවල් ග්‍රහණය කරගන්නා අතර, අප්‍රිය දේවල් ද්වේශයෙන් අකැමැත්තකින් තරහකින් හෝ ඊටත් එහා ගිය වෛරයකින් ග්‍රහණය කර ගනු ලබයි. එසේ ගන්නට පෙර ප්‍රි අප්‍රිය අතර මනිමින් සංසන්දනයක්ද කරනු ලබයි. එය මෝහය හෙවත් අයෝනිසෝ මනසිකාරයෙන් මැනීමක් ලෙස හඳුන්වමු.
සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකුම යහතින් ජීවත් වීම පිණිස සමාජයට වැඩදායී පුද්ගලයෙක් වීමට සෑමදෙනාම නොකළයුතු දේවල් නීති පද්ධතියක් ලෙසටම සම්මත කර ගෙන තිබේ. ඒවා එසේ තිබෙන්නේ නොකළයුතු යැයි සම්මත දෙවල්වලින් පුද්ගලයින්ට සහ සමාජයට අවැඩක් වන නිසාය. ඒ බව කවුරුත් දන්නා දෙයකි.
ලොව පවතින සියලුම දේවල්වල මෙසේ සමාජයේ සහ තම තමන්ගේ ප්‍රගමනය පිණිසම භාවිතා කළ යුතු සහ භාවිතා නොකළ යුතු දෙපැත්තක් දක්නට තිබෙන අතරම ඉහතකී දේවල් ද ද්වතාවයක් ලෙස දැක්විය හැක. එනම් හොඳ-නරක, කළු-සුදු, යහපත්-අයහපත්, කළ යුතු-නොකළ යුතු, භාවිතා කළ යුතු-භාවිතා නොකළ යුතු, ලෙස විවිධ වචන ඔස්සේ ඒවා පෙන්විය හැක.
සාමාන්‍ය ජීවිතයේ දී හොරකම, වංචාව, දූෂණය, බොරුව, ජීවිත හානිය, පරුෂ වචන, හිංසාව වැනි එකී නොකී සියලුම ක්‍රියාකාරකම් නොකළ යුතු දෙවල් බව කාටත් වැටහෙන අතරම ඊට ප්‍රතිපාක්ෂික ක්‍රියාකාරකම් කළ යුතු දේවල් බව ද දනී.
නමුත් සමාජයේ සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙක් මෙසේ මනිමින් කටයුතු කරන්නේ තමන්ටම හොඳ දේ කුමක් ද නරක දේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ තමන්ම කැමති වන දේවල් ප්‍රිය ලෙසත් තමන් අකමැති දෙවල් අප්‍රිය ආකරයටයි. ඒ දෙක ‘ඉච්ච’ ලෙස බුදුදහමේ සඳහන්වේ.
ඒවා ප්‍රිය හෝ අප්‍රිය ලෙසට තීරණය කරනු ලබන්නේ තමන් විසින්ම හදාගත් කෝදුවකට අනුවමයි. එනම්
තමන්ගේ සිත තුළ ඇති ලෝභ සිතුවිල්ලකින් ප්‍රිය යන දේවල් ග්‍රහණය කරගන්නා අතර, අප්‍රිය දේවල් ද්වේශයෙන් අකැමැත්තකින් තරහකින්, හෝ ඊටත් එහා ගිය වෛරයකින් ග්‍රහණය කර ගනු ලබයි. එසේ ගන්නට පෙර ප්‍රිය සහ අප්‍රිය අතර මනිමින් සංසන්දනයක් ද කරනු ලබයි. එය මෝහය හෙවත් අයෝනිසෝ මනසිකාරයෙන් මැනීමක් ලෙස හඳුන්වමු.
එනම් මේ මොහොතේ පටන් පෙර ඈත අතීතය දක්වා දීර්ඝ කාලයක් තුළම තමන් ප්‍රිය සහ අප්‍රිය දේවල් ලෙස ග්‍රහණය කරගත් මතක සටහන්වලට අනුවම මෙසේ මනිමින් තමන්ට ප්‍රිය මොනවාද, අප්‍රිය දේවල් මොනවාදැයි තීරණයක් ගෙන හිතේ තැන්පත් කරගත් දේවල් ගවලට අනුකූලව මේ මැනීම කරනු ලබයි.
ඒ මතක සටහන් අපි විසින්ම සාදා ගෙන අපගේම චිත්ත සන්තානයේ තැපන් කර ගෙන ඇති දේ නිසා, අප විසින්ම සිත ඇතුළට ගත් දේවල් නිසා ඒවාට ගති යයි කියමු. ඒවා ගති පුරුදු ලෙසද හේතු ලෙසද විස්තර වන අතර ඒවායේ මූලිකම හේතු තුන ලෙසට ලෝබ, ද්වේශ සහ මෝහ (‘තේසං හේතුන්’ නැතිනම් කෙලෙස් හේතු තුන) ලෙස බුදුදහමේ දක්වා තිබේ.
මීට අමතර කිසියම් ප්‍රිය හෝ අප්‍රියතාවයකින් තොරව නමුත් ජීවිතය හොඳින් සුවෙන් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මතම පමණක් අප එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට ඇවැසිවන නිති පතා කෙරෙන ක්‍රියාකාරකම් ද බොහෝ තිබේ. දත් මැද මූණ සේදීම, වැසිකිළි යාම, බඩගින්න (කෑදරකමකට නැතිව) ආහාර ගැනීම, ඇතුලු එකී නොකී නොයෙකුත් ක්‍රියාකාරකම් කෙරෙන්නේ ඉහතකී ලෝබ, ද්වෙශ මෝහයෙන් තොරව අව්‍යාකත ක්‍රියාවක් ලෙසට නම් ඒවා හුරුපුරුදු ලෙස දැක්වේ.
කෙසේ නමුත් මෙම ක්‍රියාවන් ද යම් කිසි ලෝබ, ද්වේශ හෝ මෝහ සිතක් මුල් කරගෙන ප්‍රිය හෝ අප්‍රිය ලෙස මනිමින් කරනු ලබන්නේ නම් ඒවා ද ‘තේසං ගති’ ලෙස සිතේ මුල් බැස ගත හැකි බව දැනගත යුතුය.
බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි සත්ත්වයාගේ සංසාරික ගමන පවත්වා ගෙන යන්නට හේතු වන්නේ කලින් කී ගති පුරුදු මත පදනම්ව කටයුතු කිරීම නිසා මිසක පසුව කී හුරුපුරුදුවල බලපෑමක් ඊට නොමැති බව සඳහන්ය. එම විස්තර ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න.
නිමල් වන්නිගම – ඕක්ලන්ඩ්