fbpx
16.6 C
New Zealand
Sunday, March 16, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඉතින් ඔයාට ගෙදර මතක් වෙනවද? | උම්රා මුසාෆර් | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සමහර වෙලාවට ජීවිතයේ සිද්ධවෙන සංසිද්ධීන් එක්ක අපිට එකම තැනක එකම විදිහට ඉන්න බැරි වෙනවා. ඒක හරිම සාමාන්‍යයි.. ඒ වගේම සමහර වෙලාවල් වලට අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දේවල් කරන්න වෙනවා.. මම දන්නෙ නැහැ ඔයා ඔහෙට ගියේ ඇයි කියලා. ඒත් ඔයාට මොහොතකට හරි ගෙදර මතක් වෙනවා නම් මෙන්න මේ පුංචි දේවල් ටික කියන්නෙ මට හිතුණා.. ඔයාට ඔහේ උදේ වෙලාවට මෙහේ අපිට රෑ.. කතා කරේ නැහැ කියලා ගෙදර අයත් එක්ක අමනාප වෙන්න එපා.. 

මම පූර්ණ විශ්වාස කරනවා ගෙයක් කියන්නේ හැඟීමක් කියන එකට.. නිවහනක් කියන්නේ භූමියේ තියෙන ස්ථානයක්  කියන එකම නෙවෙයි. ඉතිං මුලින්ම අපි උත්සාහ කරන්න ඕනි අපි ඉන්න තැන නිවහනක් කරගන්නත්, ඉන්න වටපිටාව ලස්සනට තියාගන්නත්, ඔයාගේ ගෙදර වගේ හැඟීමක් එන විදියට හදාගන්නත්.. ඉතින් පොඩ්ඩක් උත්සහ කරලා බලන්න මේ අලුත් අවුරුද්දේ..

පොත් රාක්කය සිංහල පොතක් තිබ්බොත් ඔයාට පුංචි ගෙදර වගේ හැඟීමක් දැනේවි..

ඔයාගේ කුස්සියේ පුංචි පේන තැනක ලංකාවෙ තේ පැකට් එකක් තියාගත්තොත්,  මතක් වේවි නේද නුවරඑළියේ තේ දළු නෙලන අයව?

පරණ සිංහල සින්දුවක් ප්ලේ වෙන්න දාන්න පුළුවන් ඉදලා හිටලා..

කොලපාට ගහක් කොලක් තිබුණොතින් නියතයි, ඔයාට මතක් වේවි මහ ගෙදර වත්ත..

ඔයා අදහන ආගම මතක් වෙන්න ගෙදරින් ගෙනාපු කුරාණයේ, බයිබලයේ පිටපතක් , පුංචි බුදු පිළිමයක්, පෝච්චියේ හදාගත්ත වතුමල් දෙකක් තුනක් උදව් වේවි කියලා මට හිතෙනවා..

ගෙදර මතක් වෙද්දි දැනෙන ඒ දුක්බර හැඟීම ඒ පාළුව තනිකම වැඩි කරන්නද ඔයා හදන්නේ කියලා මේක කියවද්දි ඔයා මගෙන් අහයි.මට ඇත්තටම ඔයාට කියන්න ඕන වුණේ අපි Miss කරන්නෙ භූමියකට වඩා හැඟීමක්.. ඒ හැඟීම ඔයාට ඔහෙත් ගන්න පුලුවන් කියන එකයි මම මේ කියන්න හදන්නේ.. චුට්ටක් හරි ඔයාගේ හිත එතකොට හැදෙයි..

මම දන්නවා සමහර විට ලංකාව ගැන තියෙන හැඟීම තවත් දෙයකින් replace කරන්න බැරි තරම්.. ඒත් දැන් ඔයාගෙ ජීවිතේ ලංකාව කියන්නේ අතීතයට එකතු වෙච්ච දෙයක්.. අතීතය කියන්නේ යන්න හරිම ලස්සන තැනක් නේද.. හැබැයි යාළුවේ මතක තියාගන්න යන්න ලස්සන හැම තැනම රැඳී ඉන්න ලස්සන තැනක් නෙවෙයි.. ඉතින් වර්තමානයේ ඔයාගේ වටිනා කාලය අතීතයේ ගොඩක් වෙලා රැඳී ඉන්නවා මිඩංගු කරන්න එපා..

මේ අලුත් අවුරුද්දේ ඔයා ඉන්න තැන ඔයාගේ පුංචි ලංකාව කරගන්න පුලුවන් වේවා කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ආදරයෙන්,

උම්රා මුසාෆර් – ශ්‍රී ලංකාව

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.