fbpx
12.9 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Sterling Cars – Swarna Pawura 03 | Kusum Edirisinghe | Auckland

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

It was a vast complex of buildings, once home to a church. Curious, I slipped inside and had a brief glance. What a massive palace of vehicles! I then looked at the front desk-receptionist. The young girl smiled in a way that was appealing. Inspired by her friendly gesture, I stepped in.

‘This was a church, as I recall. Is this a car yard now?’ I asked her.

‘Yes,’ she replied. ‘You’re right. This was once a church, but now a car yard. This is among New Zealand’s largest car yards,’ she said.

Well, that’s fascinating. Perhaps there’s a lengthy backstory to it? Is the owner here? I am from the Sri LankaNZ, a community newspaper in New Zealand.

‘From Sri LankaNZ? Great! Welcome. Please come inside.’

I was introduced to a staff member. ‘Please speak with him first,’ the counter girl asked me. ‘He is Akila, from Sri Lanka as well.’

My heart was touched by Akila’s broad Sri Lankan smile as his handshake gripped my hand.

***

ඒ අකිල කරුණාරත්න විය.

 

‘ඔයා වගේ ලාංකිකයකු මෙවැනි ආයතනයකදි ඉස්-ඉස්සෙල්ලාම මුණ ගැසීම ලොකු සතුටක්,’ මම පැවසුවෙමි.

‘බොහොම සංතෝසයි, මේ සමාගම අයිතිත් ශ්‍රී ලාංකිකයෙකුට,’ අකිල විමසිලිමත්ව මා දෙස බලමින් කීවේය.

‘තවත් හොඳ ආරංචියක්. අපිට බැරිද එයාව හමුවෙන්න?’ මම ප්‍රදර්ශනයේ තබා ඇති සියගණනක වාහන තොගය දෙස බැල්මක් හෙළමන් ඇසුවෙමි. ‘මම ශ්‍රී ලංකන්ස් පත්තරෙන්.’

‘පුළුවන්. ඔය එහා කාමරයේ ඉන්නේ මාධව. මෙම සමාගමේ අධ්‍යක්ෂක,’ අකිල මා සමග ඒ කාමරය දෙසට යනවිටත් අධ්‍යක්ෂක මාධව  අප පිළිගැනීමට ඉදිරියට ආවේය. ඔහු නමින් මාධව සේනාරත්නය. වැඩි වයසක් නොපෙනෙන ප්‍රියජනක ක්‍රියාශීලී තරුණයෙකි.

ඒ  ඕක්ලන්ඩ් සිල්වියා පාර්ක් වෙළෙඳ සංකීර්ණයට යාව ඉදිරිපසින් පෙනෙන කඳු ගැටයේ විශාල ඉඩමක් මැද වූ තෙමහල් පැරණි දේවස්ථාන ගොඩනැගිල්ල ය. ප්‍රධාන අධිවේගී මාර්ගයේ මවුන්ට් වෙලින්ටන් පිටවීම අසල පිහිටි මෙම දේවස්ථානය ඇස නොගැසුණු කිසිවකු ඕක්ලන්ඩ්වල නැත. මෙම ස්ථානය දැනට, ‘Sterling Cars’ නමින්  නවසීලන්තයේ විශාලතම වාහන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත. අයිතිය  100% ක් ලාංකිකයින්ට වීම මට තවත් වැදගත් ආරංචියක් විය.

‘මම ශ්‍රී LankaNZ පත්තරෙන්. අපට පුළුවන්ද මේ ආයතනය ගැන යමක් ලියලා පත්තරේ පළ කරන්න.’ මම ආ කාරණය කිව්වෙමි.

‘ඉතාම සංතෝසයි. එහෙම නම් සමාගම ගැන ලියන්න. හැබැයි මා  ගැන අවශ්‍ය නෑ,’ මාධව අසුනක් පිළිගන්වමින් මට පිළිතුරු දුන්නේය. කෙසේ වුව  කතාවකට කතා නායකයකු ද  සිටිය යුතුයැයි මා කියූ විට ඔහු සිනාමුසුව ඊට එකග වීය.

***

‘1999 දීපටන් ගත්   ‘Sterling Japan’ සමාගම විදේශයන්හි වත්කම් සහ නීත්‍යානුකූල වගකීම් සහිත සමාගමක්. ඒ ජපන් සමාගමේ නිර්මාතෘ චමින්ද මොල්ලිගොඩ. ඒ මගේ මාමා.

‘මාමා මෝටර් රථ වෙළඳාමේ දී ‘හොඳම මිලට’ ප්‍රතිසංස්කරණය කරන ලද ජපන් සහ යුරෝපීය මෝටර් රථ විශ්වාසදායක සැපයුම්කරුවෙකු විදිහට මේවන විටත් ජාත්‍යන්තරව කීර්තියක් වර්ධනය කර ගෙන තියෙනවා. 2020 විතර වෙනකොට ජපානයෙන් ලංකාවට අපනයනය කළ වාහනවලින් 60% ක් පමණ අප ආයතනයෙන් තමයි කළේ.’ මාධව අපට එම සමාගම ගැන කෙටියෙන් කීවේය.

‘අපි මෝටර් රථ වෙළඳාමේ දී ‘හොඳම මිලට’ ප්‍රතිසංස්කරණය කළ ජපන් සහ යුරෝපීය මෝටර් රථ විශ්වාසදායක සැපයුම්කරුවෙකු විදිහට කීර්තියක් වර්ධනය කර ගෙන තියෙනවා.’ මාධව තම සමාගම ගැන කෙටියෙන් කීවේය.

‘මාධව හොඳම මිල කියලා කිව්වේ ටිකක් අවධාරණය කරලා.’ මම අදහසක් පළකළෙමි.

‘හොඳම මිල කියන එකෙන් ලාභම වාහන කියන එක අදහස් වෙන්නෙ නෑ. සෑම වාහනයක්ම අවසාන පාරිභෝගිකයා අපේක්ෂා කරන ඉහළම ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික කරනවා. දැඩි තත්ත්ව පරීක්ෂාවක් කරනවා. ඊට පස්සෙ ඒ වගෙ වාහනයකට සුදුසු, පාරිභෝජිකයාට ලබාගත හැකි හොදම මිලට අපි සපයනවා.’ ඔහු වැඩිදුරටත් විස්තර කළේය.

‘ඉතිං අවුරුද්දකට මෙච්චර වාහන දහස් ගණන් ජපානයෙන් මිල දී ගන්නවා නම් නවසීලන්තය ඇරුනම ඕස්ට්‍රේලියාවටත් යවන්න හිතුවේ නැද්ද?’ මම විමසුවෙමි.

‘ස්ටර්ලින් සමාගම විධියට ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, මොරිෂස් දූපත්, එක්සත් රාජධානිය, අප්‍රිකාව සහ තවත් බොහෝ රටවලට ඉහළම තත්ත්වයේ ප්‍රතිසංස්කරණය කරන ලද වාහන සැපයීම ගැන නම් දරා තියනවා. අවුරුද්දකට  රීකන්ඩිෂන් කළ වාහන 35,000 කට වැඩිය අලෙවි කරනවා.’ මාධව තව දුරටත් පැවසීය.

‘එතකොට නවසීලන්තයට ඇවිල්ලා කොච්චර කල්ද?’ මම ඇසුවෙමි.

‘Sterling Japan NZ Ltd’ ආයතනය 2021 අප්‍රේල් මාසයේ දී නවසීලන්ත භූමියට පා තැබුවේ ඕක්ලන්ඩ්වල පදනම් ශාඛාවක් සහිත ‘Sterling Cars’ කියන වෙළඳ නාමය යටතේය. වසරක් වගේ කෙටි කාලයක් ඇතුළත ඕක්ලන්ඩ්, ටකනිනි, ක්‍රයිස්ට්ර්ච්හි ශාඛාවන් ගත්තාම  නවසීලන්තයේ ශාඛා තුනක් හරහා අපේ සේවාවන් ඉක්මනින් පුළුල් කළා. පළමු අවුරුද්දේ පමණක් වාහන 1000 කට අධික ප්‍රමාණයක් අලෙවි කරලා තියනවා. අපි නවසීලන්තයේ  කාර්  700 කට ආසන්න තොගයක් පවත්වාගෙන යනවා.’ ඔහු පැවසීය.

‘මේ තරම් ඉක්මනින් ව්‍යාප්ත වෙන්න එක හේතුවක් වෙන්න ඕනැ නේද දවසින් දවස දියුණුවන පාරිභෝගික විශ්වාසය.’ මම අසා සිටියෙමි.

‘ඔව්. අපි විනිවිදභාවය ගැන විශ්වාශ කරනවා. අපේ  ගනුදෙනුකරුවන්ට සියලුම වාහන සමඟ අව්‍යාජ, නිවරැදි වෙන්දේසි පත්‍රයක්  සපයනවා. ‘Sterling Japan Co’ ගානේ සේවාවල ගුණාත්මක භාවයත්, ප්‍රමිතීන් පවත්වා ගැනීමටත් ජපන් වාහන වෙන්දේසිවල දී 3.5ට වඩා අඩු ශ්‍රේණිගත කර ඇති වාහන මිලට ගන්නේ නෑ…’

‘නවසීලන්ත නීතියට අනුව ඔබ පාවිච්චි කළ වාහනයකට මාස තුනක වගකීමක් දෙන්න ඕන නේද?’ මම අසා සිටියෙමි.

‘අපි මාස තුනක් නෙවෙයි, අපේ ආයතනය ගානේ අවුරුද්දක යාන්ත්‍රික වගකීමක් යුරෝපීය, ජපන් වාහන සියල්ලටම දෙනවා.’ ඔහු දැඩි ආත්ම විශ්වාශයකින් කීවේ ය.

‘සල්ලි අතේ නැති පාරිභෝගික භවතුන්ට ණයට ගන්න පහසුකම් හෙමත් සපයනවද?’

‘පුළුවන්, පුළුවන්. ශිෂ්‍ය වීසා ඉඳලා ඕනම කෙනෙකුට අපි ‘Sterling Cars’ හරහා  මූල්‍ය පහසුකම් ඉක්මනින්, පහසුවෙන්,  ලබා දෙනවා. මෙතනදී අපි  අනෙක් ආයතනත් එක්ක තරඟකාරී විදිහට  ගැනුම්කරුවන්ට වඩාත් වාසි අත්වෙන විදිහට ඒ පහසුකම් පිරිනැමීමට බලා කියා ගන්නවා. හමුවෙන ඕනෑම කෙනෙකුට උදව් කරන්න අපේ කාර්යමණ්ඩලය සුදානමින් ඉන්නවා.’

‘නවසීලන්තයේ  ‘Sterling Cars’ ගැන මම අහලා තිබුණේ, ක්‍රයිස්චර්ච්වලත් Takanini වලත්. ඒත් ඕක්ලන්ඩ් සිල්වියා පාර්ක්වල මෙතරම් විශාල කාර් මන්දිරයක් තිබෙන බව මම මෙතෙක් දැනගෙන හිටියේ නැහැ.’

‘ඔව්, තවම මෙතන පටන් අරං මාස තුනයි’. ඔහු පැහැදිලි කළේ ය.  ‘ඒත් අපි සමග තරඟ කරන්න පුළුවන් අනෙක් පාවිච්චි කළ වාහන විකුණන ආයතන ඕක්ලන්ඩ්වල ඇත්තේ අතේ ඇඟිලිවලටත් වඩා අඩු ගානක්.’

උණු උණුවේ ලැබුණු කෝපි කෝප්පයක රස බැලු අප එදින සමුගත්තේ  නවසීලන්තයේ තවත් සාඩම්බර ලාංකික ව්‍යපාරික ආයතනයකිනි.

By Kusum Edirisinghe – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.