වයිරරප්පාහි වෙසෙන ලාංකික ප්‍රජාව හා වයිරරප්පා පළාතෙන් ජාතික පක්ෂය නියෝජනය කරන මයික් බටර්‍රික් මහතා සමඟ සුහද හමුවක් පසුගිය දා මාස්ටර්ටන් හී පැවැත් විය. එහිදී බටර්‍රික් මහතා සිය පක්ෂයේ ප්‍රතිපත්ති සහ සහ එයින් ජනතාවට සැලසීමට බලාපොරොත්තු වන සහන පිළිබද විස්තරයක් කළේය.
සුහද හමුවට සහභාගි වූ මාස්ටර්ටන් පළාතේ ජනයා පොදුවේ මුහුණ දෙන ගැටළු ඇතුලු ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබදව කරුණු ද ඒ මහතා වෙත ඉදිරිපත් කළෝය. ඒ අතර කුඩා චෙනිත්‍යා ආරියදාස දියණිය තම අදහස් බටර්‍රික් මහතා වෙත ප්‍රකාශ කර සිටියේ පහත ආකාරයෙනි.
Dear Sir,
Thank you for proposing the long term stay for the grandparents. My grandma is living by herself and has no one with her, we are the only close family she has. If she can come and live with us long term, we can look after her the way she looked after us and I can spend more time with her. So dear Sir, it would be much appreciated if you could take this into matter. I know you have a busy schedule but please take this as a kind and humble request. We wish you all the best and success for your future.
Thank you.
Kind regards
Chanithya Ariyadasa (All the grandkids)