fbpx
12.5 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ටියුටරියේ මාස්ටර් (කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ) | ගයාන් බුවනෙක | ක්‍රයිෂ්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ජයන්ත සමරසේකරයන්ගේ ‘ටියුටරියේ මාස්ටර්’ කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ සංග්‍රහය දොරට වැඩුම පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 23 වන දින ක්‍රයිස්ට්චර්ච් Bryndwr කමියුනිටි ශාලාවේදී පැවැත් විය. ඔහු විසින් ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට ලියූ  කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ මෙම පුස්තකයට ඇතුළත්ය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාදීමට පුරෝගාමී වීම සිහිපත් කොට හා ඒ වෙනුවෙන් කෘතඥතාවය පලකර උත්සව සභාව ඇරඹිණි. උත්සවය සභාවේ ප්‍රධාන ආරාධිතයා වූ  ලින්කන් විශ්ව විද්‍යාලයේ අග්‍රගණ්‍ය මහාචාර්යවර්යෙකු වූ රවි ගුණරත්න මහතාට මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදුවිය.

මහාචාර්ය රවි ගුණරත්න මහතා, වෘත්තියෙන් විද්‍යාඥයෙකු වූ මංජුල ප්‍රේමරත්න, කථිකාචාරිනී නිල්මිණි තිලකරත්න යන අය විසින් ග්‍රන්ථයේ අන්තර්ගත විග්‍රහයන් සාහිත්‍ය රසාස්වාදය සමඟ මුසුකර කාලෝචිතානූකූලව දේශනයන් ඉදිරිපත් කරන ලද්දේ සභාගර්භය කුල්මත් කරවමිනි.

කළණ ගුප්තා විසින් තරුණ පරපුර නියෝජනය කරමින් සාහිත්‍ය රස ගුණ වැයින.

පවිත්‍රා ගම්මම්න්පිල හා රුක්මන් මහවත්ත එක්ව මියුරු ගී රාවයකින් සභාව අමන්දානන්දයට පත් කළෝය.

Reported by Gayan Buwaneka – Christchurch

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.