මුහුදු රළ හමුවුනු
හමු වූ සැනින් වෙන් වුනු
වැල්ලේ පියවර රටා
බැලු සැනින් නික්මුනු
ළදරු වැලි මාලිගා
හැඩ වෙවී ඉදිකෙරුනු
තරුණ සිත් මාළිගා
හැඬ වෙවී බිඳ වැටුනු
මිතුරු කැන් පොකුරු මෙන්
හිනැහෙමින් සතුටු වුනු
හුදකලා වූ යමෙක්
මුහුදේම සැඟවුනු
අඳුරු දවසක් උනත්
හිරු බසින රූ රටා
සියලූ දේ පසෙකලා
මේ වෙරළ හැඩ කෙරුනු
මිතුර මෙය ජීවයයි
දුක සතුට එකතු වුනු
සසර මග සිතිජයයි
කෙලවරක් නොම පෙනුනු
By Hesadi Niruthmi Perera – Wellington