සීතල කඳු මුදුනේ ඉපදෙන දිය බුබුල
ක්ෂීරය එහි ප්‍රභාෂ්වරයි මුල් සිත වැනිය
කුලුඳුල් දරුවෙකුට එය සම කළ හැකිය
නැත්තෙ ලෝභ ද්වේෂ මෝහ වැනි අගුණ
කඳු මුදුනේ සිට පහතට එන බුබුල
සිතුවිලි පරම්පරාවකි හද තුළ උපදවන
දහරාවක් වගේ ගලායන්නට යන මොහොත
සිතන්නටවත් මොහොතක් නෑ අපට
ගඟුලක් සේ ගලා යයි ඇය සසර තුළ
ගල්පරවල වැදී බිඳ යයි රළ පහර
සුන්දර තැනිතලා පසුකර තව දිනක
අට ලෝ දහම සිහි වෙයි ඇගේ ගමන තුළ
ලෞකික ලෝකෙ දිගුගමනක් ගමන්කොට
නින්දා ප්‍රශංසා දුක සැප දරාගෙන
පංචස්කන්ධය පිනවන සැම අතරමග
ගමන් කරයි බියකරු සයුරක් දෙසට
නොබියව පහතටම ඇදුනු මේ මහ දිය ගඟුලේ
සොයන්නේ නිවන පමණයි අවසානේ
කල් මදිදෝ කරන්නට නිවැරදි ඇගේ ගමනේ
ඔබ දනී ඔබේ සිත නැත මා එය දන්නේ
By Krishan Gallage – Auckland