අහසින් එන්නට හැකි
නම් මේ මට, එනවා මම සත්තයි
දුවේ කියා ඔබෙ නළල සිඹින්නට, එනවා මම සත්තයි
එනවා මම සත්තයි…
මිදුලට බැස ඔබ අහස බලන්නේ, දඬු මොණරේ සද්දෙයි
දඬු මොණරේ සද්දෙයි…
එහි නැගලා ඇයි ඔබ නාවෙ කියාලා, ඇසුවෙ දෝණි මගෙනුයි
ඇසුවෙ දෝණි මගෙනුයි…
තාත්තා ආවම එක්කන් යන්නම්, දඬු මොණරෙන් දෝණී
දඬු මොණරෙන් දෝණී…
දෝණිත් දවසක ඉගිලිල ගියොතින්, දඬු මොණරේ නැගලා
දඬු මොණරේ නැගලා…
අහස බලාගෙන තාත්තා ඉනු ඇත, එනකම් ඔබ දුවලා…
එනකම් ඔබ දුවලා…