හිසේ ඇම්ම මට තියෙනව
ඇග පත සේරම රිදෙනව
ඇස්ප්‍රින් ඩිස්ප්‍රින් ගන්නව
ඒත් අපට
ගුණයක් නැහැ, ගුණයක් නැහැ.
මැලේරියා මැලේරියා
රෙ දි කැටියක් පොරවාගෙන
හීතලේට ගුලි වෙනවා
‘කෙමා ක්වින්’, ‘නිවා ක්වින්’
පෙති ගිලිනව
උණ ගන්නව, උණ ගන්නව
මැලේරියා මැලේරියා.
ගිනි මැලේට උණ තියෙනව
හීන පෙනිල බිය වෙනවා
පැයෙන් දෙකෙන් උණ බැහැලා
මද සුවයක් මට දැනෙනව.
මැලේරියා මැලේරියා.
උදේ පටන් බඩ යනවා
වතුර වගේ ඔහෙ යනවා
ඔික් ගාලා පිට වෙනවා
නිර්ජලයෙන් මැරෙයි ද මා
මැලේරියා මැලේරියා.
ඩෙක්ස්ට්‍රෝස් ඩ්‍රිප්.. ඩ්‍රිප්.. ඩ්‍රිප්
‘නොවල්ජින්’ ම ගෙ කලවට
‘ක්ලෝරොක්වින්’ මගෙ පස්සට
ඉන්ජෙක්ෂන් බැහැ දරන්න ,
මැලේරියා මැලේරියා.
මට දැන් ඇති ලෙඩකුත් නෑ
දුවල පැනල වැඩකුත් බෑ
කන්නත් බෑ බොනනත් බෑ
හිතේ ලෙඩක් දෝ මේකත්
මැලේරියා මැලේරියා.
මොනවද මේ මට හිතෙන්නෙ
හිතට නැති ද විවේකයක්
මට බැහැ කිසිවක් හිතන්න
ඒත් මගෙ හිත
මට නැහැ වාල් වෙන්නෙ.
මැලේරියා මැලේරියා
නැතිවද මට නින්ද යන්නෙ
ෆෙනගන් දැන් අහන්නෙ නැහැ
වැලියම් පෙත්තක් දෙනව ද
නින්ද ඕන , නින්ද ඕන.
මැලේරියා මැලේරියා
‘ෆලූඩ්රින්’, ‘ඩාරාප්රිම්’
‘ෆැන්සිඩාර්’ ගත්තෙ මොටද
කවුලු වටේ දැල් ගහලා
අැද වටේ ට නෙට් දමලා
‘ෂෙල්ටොක්ස්’ හැම තැන විදිමින්
රෑ වෙනකොට දුං ගහලා
ඇනෝෆිලස් දුරු කෙරුවා
ඒත් අපට මැලේරියා.
මැලේරියා මැලේරියා.
By Upali Salpadoru – Wellington