එකම මාත්රාවකින්, ඉස්පිලි, පාපිලි, ඇලපිලි රහිත සර්ව ලඝු- යහ ගී විරිතෙන් ලියැවුණ සතර පද කවි පෙළකින් ‘උදුළ රැය, සපුරණ පෙමක මනදොළ, සිඳු රළ වැළඳ වැලිතල, මදහස පිරුණ යහනත සැනසුන අයුර’ කියන කවි පෙළක්- (මධුසමය දා රැයක.)
උදුළ රැය සඳවත
විකසිත ලෙසින සියපත
මදහස පිරුණ යහනත
මදුසඳ ගෙනෙන මධුවිත
පිනි මුතු බැඳි මෙවුල
සසැළෙන ළෙලෙන මනකල
මිහිරිව සුසර මඳනල
සපුරණ පෙමක මනදොළ
එ’සඳ එළි කෙළිලොල
සිඳු රළ වැළඳ වැලිතල
පෙන කැටි විසුළ සුකුමල
සිද බිද මවන කලබල
පැහැසර අලු කිරණ
විදමින තෙදැති නුඹමිණ
සුරඟන ලවන මිහිරෙන
සැනසුන අයුර පැවසෙන
නයනශාන්ති දිසානායක – ශ්රී ලංකාව






