දස මසක ඉඩෝරයට
මහ පොලවත් ඉරිතලලා
ඇල, දොල , වැව්,මඩ තට්ටුව
ජල පහසට කට ඇරිලා.
දිගු විවේකයක් ලැබී
බීලි නොබා කොක්කු රෑන
කිරා වැටෙති බඩගින්නෙ
වැවු තාවුලෙ නිසොල්මනේ
ඔරු ඔක්කොම ගාල් වෙලා
කළ පෙරහැරෙ යන ළඳුන්ගේ,
පැද්දෙන ලාලිත ගමනයි
පන්සල් ළිඳ වටකර ගෙන
යසෝ නැන්දගේ ඕපදූප දිග හරිනවා
අප්පුහාමි මාම කඩේ
අගුවෙ ළණු ඇඳේ ඉඳන් ,
සුරුට්ටු දුම් වලලු අහසට පාකර යවනව
ගිගුරුවෙ නැතිනම් අද හවසට
මේ කන්නෙත් මගෙ හැරේවි.
කප් සිටුවන දිනයේ වත්
වැස්ස වළාහක දෙවියනි
අඹු දරුවෝ රැකගන්නට
නැද්දො පිහිටක් අප හට
By D. P. Wickramasinghe – Melbourne