fbpx
11.2 C
New Zealand
Wednesday, April 23, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

රසවතුන් එකතු වූ රස සභා | ශ්‍රි ලංකන්ස්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රි ලංකන්ස් කණ්ඩායම නිරන්තරයෙන්ම නව මානයන් සොයා යන්නට උත්සාහ කරයි. එවැනි වු උත්සාහයක ප්‍රතිඵලයක් තමා නොවැම්බර් තුන්වෙන ඉරුදෙන සන්ධ්‍යාවේ ඔබගේ ඩිජිටල් අවකාශය තුළන් අත්වින්දේ. ශ්‍රි ලංකන්ස් වටා එකතු වී සිටින පිරිසගේ රස වින්දන පරාසයන් තව තවත් පුළුල් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ ‘රස සභා’ නවමු අත්දැකීමක් බවට පත්වුණේ මාර්ග ගත ක්‍රමය (zoom) ඔස්සේ පැවැත් වූ ප්‍රථම වැඩසටහන වීම නිසාය.

‘රස සභා’ වැඩසටහනේ තේමාව වූයේ ගුණාත්මක රස වින්දනයක අත්දැකීමක් ඔබට ලබාදීමයි. එහි පළමු දිගහැරුම ‘කවිය ගීතය සහ සාහිත්‍යය’ යයි. කවිය හා බැඳුණු සාහිත්‍ය ගැන කතා කරන්නට වර්තමාන කවි පරපුරේ ඉදිරියෙන්ම සිටින සිංහල භාෂාවෙන් මැනවින් හරඹ දක්වන කාව්‍යකරණයට පමණක් නොව නවකතාකරණයට ද එකසේ දක්ෂතා දක්වන මහින්ද ප්‍රසාද මස්ඉඹුල සම්බන්ධ විය. කවියට මහත්සේ ඇලුම් කරන ප්‍රවීණ නිවේදකයෙක් වන වජිර ජයවර්ධන රස සභා ප්‍රේක්ෂකාගාරය සහ සම්පත් දායකයා සමග මනා සම්බන්ධතාවය ගොඩනගමින් පූරක ලෙසයින් කටයුතු කළේය. රස සභා වැනි ගුණාත්මක සහ රස වින්දනාත්මක වැඩසටහනක් උදෙසා කිසිදු පැකිලීමකින් තොරව තම මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ‘I VISALAW’ හි කාංචනා කුලසිංහය.

රස සභා මාර්ගගත තාක්ෂණය මගින් පැවැත් වූ නිසා මෙයට සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණේ සීමිත රසවතුන් පිරිසක් පමණයි. එම රසවතුන් නවසීලන්තයට පමණක් සීමා නොවූ අතර නොයෙක් රටවල්වල ජීවත් වන කවියට ගීතයට පෙම්බදින පිරිසක් විය.

රස සභාවේ ගැයුනු ගීත සඳහා දායක වූ සහෘදයින්ද නවසීලන්තයේ විවිධ නගර නියෝජනයක් විය. ඕක්ලන්ඩ් නුවරින් ඉම්රාන් යූසුෆ්, සිසිර කුමාර, රංගන ද සිල්වා සහ චන්ගා කොඩිපිළි එකතු වූ අතර වාදකයින් ලෙස මිතුන් කුලතිලක, දුෂාන් ප්‍රේමචන්ද්‍ර සහ සමීර සේනාධීර එකතු විය. හැමිල්ටන්වලින් එකතු වූ මලිත් හසින්තගේ ගායනයට වාදනයෙන් එකතු වූයේ සංජීව බාලසූරිය යයි. වෙලින්ටන් නුවර නියෝජනය කරමින් කසුන් ද සිල්වා ගීත ගායනා කළ අතර ඒඩ්‍රියන් පෙරේරා වාදනයෙන් සහය විය. මේ සැමගේ ගායනයන් සහ වාදනයන් ප්‍රේක්ෂකාගාරයේ මහත් ඇගයීමට ලක්විය.

ප්‍රේක්ෂකාගාරයේ රසවින්දනයට කිසිදු බාධාවක් නොවන අයුරින් තාක්ෂණික කටයුතු සිදු කළේ ශ්‍රී ලංකන්ස් කණ්ඩායමේ දුමින්ද කුරුප්පුවාරච්චි ය.

ප්‍රේක්ෂක අදහස්

යොෂානි පෙරේරා
කවි හවසක්
රස ගඟුලක්
මස්ඉඹුලට
මල් බොකියක්!!!

සෞම්‍යා තිසේරා
කවි සභා – කවි සොබා
මන පිනා – සිත නිවා
දිවගියා – රැය පුරා
සිහිනෙක සැරිසරන්නෙද අද මන බඳිනා
මස්ඉඹුලයන් වජිරයන් හඬ පිළි රැව් දුන්නා කරනා වචන හරඹය හද බැඳ ගන්නා කවියක සුවය සිත සුමුදුව පිරිමැද්දා

බොහොම ස්තුතියි මහින්ද ප්‍රසාද මස්ඉඹුල මහතාට සහ වජිර ජයවර්ධන මහතාට

දයා ප්‍රතාපසිංහ
නව ආරක නව මගකට ශ්‍රි ලංකන්ස් යන ගමනක්! සියලුම දෙනාටම ස්තූතියි.

Dayamani Colambage
Enjoyed the program well. Great platform to get together to enjoy poems. Mahinda’s selected poems are truly outstanding. Thank you Vajira. Thank you SL paper team. Including principal Anu. Thank you for the opportunity to join the program.

ශ්‍රි ලංකන්ස්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.