fbpx
12 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ධම්ම ගවේසි සේනාසනයේ ගමන් මඟ – භන්තේ ජිනාලංකාර හිමි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ
 
මිනිස් ජීවිතයක යහපත් පැවැත්ම ඳහා භෞතිකමය වූ බාහිර දියුණුවක් අවශ්‍යය. එයින් කියවෙන්නේ මිනිසාට වාසයට සුදුසු නිහනක්, කුසට ආහාරයක්, අඳින්ට ඇඳුම් පැළඳුම්  සහ රෝගී අවස්ථාවක අවශ්‍යය බෙහෙත් හේත් ආදියයි.
 
මෙම අවශ්‍යථාවයන් සපුරාගැනීම සහා මිනිසාට බොහෝ සෙයින් වෙහෙස වෙන්නට සිදුවෙයි. තමාට අවශ්‍ය දෑ සෙවීමට උත්සාහ දරණ සෑම විටම, ඔහුගේ එකම පැතුම සහ බලාපොරොත්තුව වන්නේ කෙසේ හෝ ඒ සියල්ලම ලබාගෙන සැපවත් වීමටයි. සැපවත්ව ජීවත් වීමටයි.
 
එහෙත් ජීවිතයක් සැපවත් කරගැනීමට බාහිර දියුණුව, ද්‍රව්‍යාත්මක දියුණුව එකම හේතු සාධකය නොවේ. බොහෝ මිල මුදල්‍ ඇති, ගෙවල් දොරවල් ඇති, යාන වාහන සම්පත් ඇති සමහර අය ජීවිතයේ කිසිම සතුටක් නැතිව ජීවත් වන විදිය පැහැදිලිව දක්නට ඇත.
 
එනිසා බාහිර දේවල් ජීවිතය සැපවත් කරගැනීමට ඇති එකම හේතුව නොවේ. එයින් ලැබෙන සතුටද ස්ථීර එකක් නොවේ. ඉතා තාවකාලික එකකි.එහෙත්, බාහිර දේවල් වලින් සොයාගත නොහැකි, ලබාගත නොහැකි සැපයක් සතුටක් ආධ්‍යාත්මික ගුණ දියුණුවෙන් ලබාගත හැකිය. ආධ්‍යාත්මික ඇතිවන සැපයේ හරවත් ගතියක් ඇත. එහි නිවැරදි බවක් සහ අව්‍යාජ ස්වභාවයක් ඇත. එසේ ආධ්‍යාත්මීය සැපය සොයන, ධර්‍මකාමි පිරිසට පිහිට වීම පිණිස නොයෙක් රටවල් වල, නොයෙක් ප්‍රදේශවල, ගම් නගරවල ආරාම සේනාසන විහාරාදිය පිහිටුවා ඇත.
 
බුදුරජාණන් වහන්සේගේ කාරුණික අවවාදයත් අනුන්ට පිහිටවෙමින් තමන්ගේ විමුත්තිය සොයාගැනීමයි. ධම්ම ගවේසි අරණ්‍යය සේනාසනයද එසේ අනුන්ට පිහිටවීමේ අදහසින්, ධර්‍මය දියුණු කිරීමේ අදහසින් සාසනීක වශයෙන් ස්ථාපනය කරනලද තවත් සේනාසනයකි.
 
ධම්ම ගවේසී සේනාසනය පළමුවෙන්ම ආරම්භ කෙරුණේ, 2008 නොවැම්බර් මස 5 දාය. ඒ ටාවා හී ලින්ඩන් ප්‍රදේශයේ පිහිටි ඉතාම පුංචි ඉඩකඩක් ඇති කුඩා නිවසක් මුල්කරගෙනය. ස්වාමින් වහන්සේලාට පහසුවෙන් එහි වැඩවසමින් කිසිවෙකුගේ බලපෑමකින් තොරව නිදහසේ ශ්‍රමණ ගුණ පුරමින් ලෝකයට ධර්‍මයෙන් පිහිට වීමට අවකාශ ඇතිවය.
 
කුමණ බාධක තිබුණත් අවුරුද්දක් පමණ කාලයක් එහි වැඩසිට ඉඩකඩ ඇති වෙනත් සුදුසු ස්ථානයක් සොයාගැනීමේ අරමුණ ඇතිව එම ස්ථානයේ ආගමික කටයුතු කරගෙන යන්නට සිදුවිය.
 
ස්වාමින් වහන්සේලාට අවශ්‍ය විවේකය සහ බොහෝ දෙනෙකුට පහසුවෙන් ආගමික කටයුතු සිදුකරගැනීමට සුදුසු සේනාසනයකට සුදුසු පරිසරයක් සොයමින් අවුරුදු හතරක් පමණ කාලයක් ගතවිය. පසුව සියළු දෙනාගේම වාසනාවට මෙන් වයිනුයිමාතා හී පිහිටි දැනට පවතින භූමිය ලබාගන්නට හැකිවිය. එය දායකවූ පිරිසට ලත් නැති දුරත් නැති ස්ථානයක් විය.
 
වයිනුයිමාතා සේනාසනය ලබාගෙන පළමුවෙන්ම ස්වාමින් වහන්සේලා එහි වාසයට වැඩම කළේ 2013 මාර්තු මස 25 වැනිදාය. ඒ වන විට මෙහි ස්වාමින් වහන්සේලා දෙනමක් වැඩසිටියේය. එනම් පූජනීය උඩගම සුගතවංස ස්වාමින් වහන්සේ සහ මමත් ය.
 
 
ඉන්පසු 2013 අප්‍රේල් මස 6 වැනි දින විශේෂ පිංකමක් සංවිධානය කොට සියළු දායක පින්වතුන් සහභාගි වී මෙම සේනාසනය සසතු කොට සම්බුද්ධ සාසනයට පූජාකරණ ලදි. එතැන් සිට මේ දක්වාම මෙම සේනාසනය සංඝාවාස සහිත සඟසතු පුණ්‍යභූමියක්, අරණ්‍ය සේනාසනයක් ලෙස පවත්වාගෙන එන ලදි.
ධම්ම ගවේසි සේනාසනය පටන්ගන්නා විට ඒ සහා ඉදිරිපත් වූයේ හොට හිතේ හයිය තිබෙන, අධිෂ්ඨාන ශක්තිය සහ හිතපුරාම සාසන හැීම ඇති ඉතාම සුළු පිරිසකි. සංඛ්‍යාවක් හැටියට සැළකුවොත් දහ පහළොස් දෙනෙකුට වඩා නැත. ඔවුනට සාසන හැීමත්, අනාගත දැක්මත්, ආධ්‍යාත්මික වශයෙන් සමාජ මෙහෙවරේ ඇති වටිනාකම ගැන දැනීමත් හොටම තිබුණේ ය. සැදැහැ සිතින් යුතු ආරම්භක දායක පිරිස ධර්‍මානුකූලව කෙරෙන පැහැදිලි කිරීම්, අවවාද අනුසාශනා වලට ඇහුම් කන් දුන්නෝය. එනිසා ම මෙම බාරදූර කටයුත්ත‍ ආරම්භ කොට මෙතරම් දුරක් ඉදිරියට එන්නට හැකිවිය.
 
ඉතා සුළු දෙනෙකුගේ ඉදිරිපත් වීමෙන් සහ කැපවීමෙන්, සාසන හැීමෙන් යුතුව ආරම්භ කරණ ලද සෙනසුනක වත්මන් තත්වය ඉතාම සතුටුදායක බව සැමටම පැහැදිලිය. විශාල පිරිසකට සාසනීක වශයෙන් පිහිට වීම පිණිස ඉතාම සුදුසු පරිසරයක ධම්ම ගවේසි සේනාසනය ස්ථාපනය කොටගෙන, ස්වාමින් වහන්සේලාත් එහි වැඩවාසය කරවා ගෙන පහසුවෙන් කටයුතු කරගෙන යන්නට පරිසරය සකස් වී ඇත.
 
සිදුවෙන දහම් සේවාවන්,
  • මාසිකව පැවැත්වෙන භාවනා සීල වැඩ සටහන(මේ සදහා ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකිය)
  • සෑම සිකුරාදා දිනකම සවස පැවැත්වෙන භාවනා වැඩ සටහන
  • ලමයින්ගේ දහම් දැනුම වර්ධනය සහා පැවැත්වෙන ලමා වැඩ සටහන්
  • නවීන ස්කයිප් මාධ්‍ය ඔස්සේ සතිපතා කෙරෙන ධර්‍මදේසනා වැඩ සටහන්
  • වෙසක් දිනය නිමිති කරගෙන පැවැත්වෙන විශේෂ ආමිස සහ ප්‍රතිපත්ති පූජාමය වැඩ සටහන්
  • පරිත්‍යාග ශීලින්ගේ අනුග්‍රාහයෙන් පැවැත්වෙන වෙසක් දන්සැල
  • වස් අවසානයේදි වාර්ශිකව පැවැත්වෙන වස් පිංකම
  • ඉංග්‍රීසි බසින් සිදුකෙරෙන ධර්‍ම සාකච්ඡා වැඩසටහන
  • ඉංග්‍රීසි බසින් පැවැත්වෙන ලමා වැඩසටහන
මෙම ආගමික වැඩ සටහන් හේතුවෙන් විශාල පිරිසක් ආධ්‍යාත්මික වශයෙන් සැනසිල්ලක් ලබාගන්නා අතර සාසනීක වශයෙන් කුසල් වඩාගනිති. එසේම ජීවිතයට සැනසීම ඇතිකරගනිති. වරින් වර තරුණ පවුල් එකතුවී විශේෂ දානමය පිංකම්, සීලමය පිංකම් සහ භාවනාමය පිංකම් සංවිධානය කරගනිති.
මේ කරුණු සළකා බලන විට ධම්ම ගවේසි භාවනා සේනාසනය විශාල පිරිසකට වැඩදායි ඉතා ප්‍රයෝජනවත් ආගමික ස්ථානයක් වී ඇති බව ඉතාම පැහැදිලිය.
පරිත්‍යාග කළ පිංවතුන්
 
ධම්ම ගවේසි සේනාසනය ආරම්භයේදි සහ පවත්වාගෙන යෑමේදි මේ දක්වා විශාල සැදැහැති පිරිසක් මෙම සේනාසනයට ආධාර උපකාර ලබාදී ඇත. නව සීලන්තයේ ජීවත්වෙන පින්වතුන් වගේම වෙනත් රටවල් වල වාසක කරන පින්වත් පිරිසද නොයෙක් අයුරින් උදව් උපකාර කොට ඇත. ඔවුනගේ ඒ නොමසුරු පරිත්‍යාගයන් නොලද්දේ නම් මෙවැනි පූජනීය සේනාසනයක් ඉදිවන්නේ නැත. ඔවුනගේ ඒ සියලු පරිත්‍යාගයන් සාසනයට සහ ලෝකයාට පිහිට පිණිස පවතින අයුරු දැක කෘතවේදීව සියළු දෙනාම පින්දීමෙන් සිහිපත් කළයුතුය.
ආරම්භයේ සිට මේ දක්වාම ස්වාමින් වහන්සේලාද විශාල පිරිසක්ද මෙම සේනාසනයේ වැඩ සිට ඇත. උන්වහන්සේලාගේ කාරුණික සහ සාසනීක අනුග්‍රාහයද පින්දීමෙන් සිහිපත් කළයුතුය.
දැනට ධම්ම ගවේසි සේනාසනයේ ස්වාමින් වහන්සේලා හතර නමක් වැඩ සිටිති.
පූජ්‍ය ජිනාලංකාර ස්වාමින් වහන්සේ
පූජ්‍ය කැළණියේ අරියසීල ස්වාමින් වහන්සේ
පූජ්‍ය කළුබෝවිටියන අරියසන්ත ස්වාමින් වහන්සේ
පූජ්‍ය සංකිච්ච ස්වාමින් වහන්සේ යන ස්වාමින් වහන්සේලාය.
ආරම්භයේ සිට මේ දක්වා විශාල සැදැහැති පිරිසක් ස්වාමින් වහන්සේලාට සිවුපස දානයෙන් උපස්ථාන කොට ඇත. එසේම නොයෙක් අයුරින් මෙම සේනාසනය පවත්වාගෙන යෑමට ආධාර අනුග්‍රාහයන් ලබාදී ඇත.
බුදු සසුන බබුළුවමින් සීලාදි ගුණයන්ගෙන් තමන්ද බැබලෙමින් නිවන් ම හෙළිකර ගැනීමට සැමදෙනාටම රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවා.!
මෙයට මෙත් සිතින්
භන්තේ ජිනාලංකාර
 
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.