fbpx
11.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වෙසක් උත්සවය

Must read

2023 වර්ෂයේදී නවසීලන්තයේ සියලුම ලාංකික සම්භවයක් ඇති බෞද්ධ විහාර උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය ඉතා ඉහළින් සැමරීම සිදු වූයේය. එම විහාර හා සේනාසන වල වෙසක් සැමරීම උතුම්වූ ආමිස ප්‍රතිපත්ති වලට ඉතා වැඩි නැඹුරුවක් දක්නට ලැබීම කැපි පෙණුන ලක්ෂණයක් විය. දාන ශීල භාවනා දහම් සාකච්ඡා  ඉංග්‍රීසි බසින් හා සිහල බසින් දහම් දේශනා ඒ අතර වීය. වෙසක් කූඩු පහන් හා සැරසිලි වලින් සියලුම බෞද්ධ ස්ථාන සැරසුන අතර නවසීලන්තය පුරා විවිධ නගරවල ශ්‍රී ලාංකික බෞද්ධ මධ්‍යාස්ථාන සියල්ලෙහිම දහස් සංඛ්‍යාත බැතිමතුන් සීල ව්‍යාපාරයට හා පුද පුජා වලට එක්වූ බවට අප පුවත් පතට වාර්තා වී ඇත.

වෙලින්ටන්

2023 මැයි මස 6 වැනි සෙනසුරාදා, වෙලින්ටන්හි ධම්ම ගවේසී භාවනා සේනාසනයේ, මෙවර වෙසක් දිනය නිමිත්තෙන් උදේ සිට සවස් වෙන තුරු මුළු දවස පුරාම, විශේෂ සීල භාවනා පිංකමක් පැවැත්විණ.

ඒ සඳහා සැදැහවත් උපාසක උපාසිකාවන් රැසක් සහභාගිවූ අතර ආමිස හා ප්‍රතිපත්ති ජූජාවට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීම දක්නට ලැබුණු විශේෂත්වය විය. සවස විශේෂ අටවිසි බුද්ධ පූජා වන්දනා පින්කම්ද පැවැත්වනු ලැබීය.

115 A Cost Rd, Wainuiomata නැමැති ලිපිනයෙහි පිහිටා ඇති මෙම සෙනසුනෙහි හාමුදුරුවන් වහන්සේලාට මෙන්ම එයට සහභාගිවන සියලුම පින්වත් දායක දායකාදීනට භාවනා වැඩසටහන් වෙනුවෙන් මහත් නිසලවූත් සිසිලස ගෙන දෙන්නාවූත් වෙසක් දිනයක සිරිය ලබා ගත හැකිවිය. අති පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මත වෙසක් වැඩ සටහන් සංවිධානය විය.

ක්‍රයිස්ට්චර්ච්

2023 ක්‍රයිස්චර්ච් සමාධි බෞද්ධ විහාරයේ වෙසක් පින්කම් වෙසක් (මැයි) මස 5, 6 සහ 7 දිනයන්හිදී පැවැත් විය. මැයි 5 වැනි සිකුරාදා සවස  6 ට එම විහාරස්ථානයේදී වෙසක් පහන් කූඩු දැල්වීම හා වෙසක් සැරසිලි විවෘත වූයේය. මැයි මස 6 වන සෙනසුරාදා Te Hāpua: Halswell Centre යන ස්ථානයේදී වෙසක් දින වෙනුවෙන් දාන සීල භාවනා වැඩ සටහන් පැවැත් වනු ලැබීය. පෙ.ව. 8.30 සිට – ප.ව.4.00    දක්වා සිල්සමාදන් වීම් කටයුතු වලට සහභාගි වූ පින්වත් දායක දායිකාවෝ  සම්බුදුරජාණන් වහන්සේට අෂ්ඨපාන පූජාවක් සිදු කළහ.  ඊට අමතරව ප.ව. 6.00සිට පෙ.ව.7.30 දක්වා බැති ගී සරණිය සහ පූජා නැටුම් සංදර්ශන වලින් වෙසක් තෙමගුල වඩ වඩාත් අලංකාර වනු දැක ගත හැකි වූයේය.එදින ප.ව. 7.30 සිට 8.30 දක්වා පළාතේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් බත් දන්සලක්ද සාර්ථකව සංවිධානය කර තිබීම වැදගත් කොට සඳහන් කළ යුතුය.

මැයි මස 7 වන ඉරුදිනසමාධි බෞද්ධ විහාරයේදී එදින ප.ව.5.00 ට ලෝකවාසී සියලු දෙනාටම සෙත් පතා ඖෂධ පූජාව සහ වෙසක් ධර්ම දේශනාවක් පවත්වා වැඩ සටහන නිමා කරන ලදී. විහාරාධිපති මකුල්දෙණියේ සෝමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පවත්වන ලදී.

හැමිල්ටන් විහාරය

2023 වෙසක් තෙමගුල බැතිබරව සිහි කිරීමට හැමිල්ටන් පිහිටි Waikato Compassion Meditation Centre විසින් මැයි මස 06 දින සංවිධානය කර තිබිණ. සීල දාන භාවනා වැඩ සටහන් වලට අමතරව විහාර පරිශ්‍රමයේ වෙසක් කූඩු නිර්මාණය කර ප්‍රදර්ශනය කළ අතර බොහෝ පිරිස් එය නැරඹීමට පැමිණියහ. ඊට අමතරව පැමිණෙන පිරිස් වෙනුවෙන් දන්සැලක් දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.  මෙම උත්සව කටයුතු  විහාරස්ථාන අධිපති දුනුවිල මෙත්තෙයිය නායක හිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නයත් විහාරවාසී භාරකාරත්වයත් විශාල මෙහෙයක් ඉටු කළහ.

නොර්ත් ෂෝ විහාරය

මෙවර වෙසක් උත්සවය 2023 මැයි 07 දින විහාරස්ථන අධිපති තලපත්වැවේ සද්දාතිස්ස නාක හිමිපානන් ඇතුළු මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි භාරකාරත්වය විසින් සංවිධානය කරන ලද. එදින දාන සීල භාවනා සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි. එදින උදේ 8.30 සිට සවස 6 දක්වා මෙම වෙසක් තෙමගුල සිහිපත් කිරීම සඳහා වැඩ සටහන් දක්නට ලැබුණි. අවසානයේ පැමිණෙන සියලුම බැතිමතුන්ට රෝස්පාන් සහ අයිස් ක්‍රීම් දන්සැලක්ද සාර්ථකව සංවිධානය කර තිබුණු බව අප වෙත දැන ගැනීමට හැකි විය. මෙම උත්සවය ඕක්ලන්ඩ් නෝර්ත් ෂෝ Manuka Rd හි පිහිටි ප්‍රාතමික විදුහලේ පැවැත් වූයේය.

මහමෙවූනා බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

මෙවර වෙසක් උත්සවය මැයි මස 06 වන දින ඕක්ලන්ඩ් මවුන්ට් රොස්කිල්හි පිහිටි Waikowhai intermediate පාසැලේදී පවත්වන ලදී. උදෑසන කිරි ආහාර පූජාව හමාර වීමෙන් පසු ආරම්භ කළ සීල භාවනා වැඩ සටහනට අමතරව උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා සහ අර හන්තක වන්දනාව සවස සිදු කළේය.මැයි මස 13 දින උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා දහම් පාසැල් වයසේ දරු දැරියන් වෙනුවෙන් විශේෂ වෙසක් සීල වැඩ සටහනක් සාර්ථකව පවත්වා අවසන් කළේය. විහාරවාසී රත්නපුර ආනන්ද විමල නායක හිමිපානන් ඇතුළු මහා සංඝ රත්නයත් දායක සභාවත් එක්ව මෙම වෙසක් උත්සවය සාර්ථකව මෙහෙය වූහ.

ACBL බෞද්ධ මධ්‍යස්ථානය

ඕක්ලන්ඩ් නගරයේ පෙන්රෝස් පිහිටි බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානය වසර කීපයකට පසු 2023 අප්‍රේල් මස වන විට නැවත විවෘත විය .මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සිරිත් පරිදි සීල භාවනා වැඩසටහනට අමතරව  අප්‍රේල් 30 දින සවස බෝධි පුජාවක් සහ  මැයි මස 07 දින පහන්  පුජා පිංකමක්ද සිදු කරන බව විහාරවාසී බඹරපනේ සුදර්ම හිමියෝ වදාළ සේක.

ලංකාරාමය ඕක්ලන්ඩ්

2023 වෙසක් සතිය අප්‍රේල් 30 වන දින සිට  මැයි 07 වනදා දක්වා විහාරස්ථානයේදී ඉහළින් සමරන ලදී. සෑම දිනකම බණ දහම් දේශණා මෙන්ම රෝස මල් හා කපුරුමල් දස දහසක පූජාව විශේෂත්වයක් විය. එමෙන්ම සෑම දිනකම පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සැල් එක් එක් දායක කණ්ඩායම් විසින් සංවිධානය කර තිබිණ.

විශේෂයෙන්ම දෙවන වරටත් සංවිධානය කළ මහා වෙසක් තොරණ වෙසක් උළෙල වර්ණවත් කළේය. ඒ සඳහා පුර්න අනුග්‍රහය නොකඩවා ලබා දුන්නේ නවසීලන්තයේ පදිංචි  පැට්‍රික් සිල්වා විසිනි. එහි විදුලි ආලෝකය හා මෘදුකාංග නිර්මාණය ජී.ටී නයනජීව සිදු කරන ලදී. නිෂ්පාදන කටයුතු භාරව උපුල් බණ්ඩාර, ගිහාන්, නමින්ද, තාරක ජයසිංහ කටයුතු කළෝය. එම කටයුතු සාර්ථක කළ බොහෝ දෙනා අතරින් ලහිරු දනිෂ්ක ඇතුළු සේනක ,තරිඳු, සජිත්, නුවන්, මධුශංඛ කැපී පෙනෙන කාර්යක් ඉටු කළෝය. නවසීලන්ත ප්‍රධාන සංඝනායක වල්ගම මුනින්ද්‍රවංශ නාහිමිගේ උපදෙස් පරිදි විහාරවාසී මහා සංඝරත්නය මෙම වෙසක් උත්සවය සංවිධානයට දායක වූහ. විහාරස්ථානයේ දායක සභාව ලෙස කටයුතු සුපුරුදු පරිදී මහත් වෙහෙසක් යොදවා සාර්ථක කිරීම කැපී පෙනිණි. තොරණ කටයුතු සම්බන්ධී කරනයේදී චානත ප්‍රනාන්දු මහත් මෙහෙයක් ඉටු කළේය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.