fbpx
12.9 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයේ නවතම Partner Work Visa සංශෝධන

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

~ New Zealand Partner Visa Changes 2023 May ~

මැයි 31වනදා සිට Accredited Employer Work Visa (AEWV) සහ Essential Skills Work Visa
(ESWV) යන visa යටතේ සිටින්නන්ගේ සහකරුවන් හෝ සහකාරියන්ටද
නවසීලන්තයට පැමිණ රැකියා කිරීමට රජය විසින් අවස්ථාව සලසා ඇත.

ඔබ work visa යටතේ සිටී නම් ඔබගේ සහකරුවා හෝ සහකාරියට නවසීලන්තයේ
රැකියාවක් කිරීමට ඇති කොන්දේසි මෙසේය.

  • ඔහු හෝ ඇය Accredited Employer, එනම් රජය විසින් පිළිගත් සේවාදායකයකු
    යටතේ සේවය කල යුතුය.
    මෙම සේවාදාකයකයින් කවුරුන්දැයි පහත යොමුවෙන් ඔබට සෙවිය හැක.
    https://www.immigration.govt.nz/new-zealand-visas/preparing-a-visa-application/working-in-nz/check-if-an-employer-is-accredited
  • අදාල රැකියාව ස්වයං රැකියාවක් නොවිය යුතුය
  • Capped sector agreements (එනම් මෙවැනි රැකියාවලට බඳවා ගත හැක්කේ
    සංක්‍රමණිකයන් සීමිත පිරිසකි) යටතේ ඇති රැකියාවල නිරත වේ නම් වැටුප
    නවසීලන්ත මධ්‍යන්‍ය වැටුපට (median wage) වඩා නොඅඩු විය යුතුය (මෙය
    ක්ෂේත්‍රය අනුව වෙනස වේ). එමෙන්ම මෙම මධ්‍යන්‍ය වැටුප ඔවුන්ට visa එක
    ලැබෙන අවස්ථාව වනවිට ලැබී තිබිය යුතුය.
  • Uncapped sector agreement (එනම් මෙවැනි රැකියාවලට බඳවාගැනීම සඳහා
    සංක්‍රමණිකයන් සීමාවක් නොමැත) සඳහාද මෙම මධ්‍යන්‍ය වැටුප් අගයක් ලැබිය
    යුතුය.

ඉහත සඳහන් කල පරිදි මෙම වීසා එක අයදුම් කල හැක්කේ Accredited Employer
Work Visa (AEWV) සහ Essential Skills Work Visa (ESWV) යටතේ නවසීලන්තයේ
වසන්නන්ගේ සහකරුවන්ට හෝ සහකාරියන්ට පමණි. එනම් එය රජය විසින්
පිළිගත්, අත්‍යවශ්‍ය රැකියාවක් විය යුතුය. එමෙන්ම එම රැකියාවේ වැටුපද මධ්‍යන්‍ය
අගයට වඩා අඩු විය නොහැක.

මෙහි ඇති වාසි නම්,

    • සහකරුවා හෝ සහකරුට සේවාදායකයකුගෙන් ලබා දුන් රැකියා අවස්ථාවක් (job
      offer) තිබිය යුතු නැත.
    • Visa එක ලැබුන පසු රැකියාව වෙනස් කිරීමටද හැක.
    • එමෙන්ම සේවය කලයුතු අවම පැය ගණනක්ද නැත.

දැනට නවසීලන්තයේ රැකියා කරන අය මෙම Visa එක අයදුම් කරනවා නම් තම
සේවාදායකයා ඉහත කොන්දේසිවලට අනුකූල බව තහවුරු කරගත යුතුය. Visa
කොන්දේසි පසුකාලීනව වෙනස් උනත් ඔබ රැකියාව වෙනස් නොකරනවා නම් ඔබට
බලපෑමක් වන්නේ නැත. එමෙන්ම මැයි 31ට පෙර visa අයැදුම් කරවූවන්ටද මෙහි
බලපෑමක් නැත.

තවත් වාසිදායක කරුණු නම්, work visa යටතේ නවසීලන්තයේ සිටින්නන්ගේ
රැකියාවන් පහත තත්වයේ ඇත්නම් ඔවුන්ගේ සහකරු හෝ සහකාරියට අයදුම් කරන
රැකියා සඳහා වැටුප් මධ්‍යන්‍ය අගයක් ලැබිය යුතු නැත.
එනම්,

    • මධ්‍යන්‍ය අගය මෙන් දෙගුණයට වඩා වැඩි වැටුපක් ලැබීම
    • Green List රැකියාවක නියුතු වීම

නවතම Partner Work Visa කොන්දේසි සැකෙවින් මෙසේය. වඩාත් සම්පූර්ණ විස්තරයක්
සඳහා පහත යොමුව බලන්න.

https://www.immigration.govt.nz/about-us/media-centre/news-notifications/changes-to-partner-of-a-worker-work-visa-confirmed

By Thulitha Abayawardana

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.