අළුත් තැනක සේවයට ගිය එඩ්වඩ්ට කෝපි බීමට අවශ්‍ය වීය. ඔහු කැන්ටිමේ කෝපිකාරයාගේ අංකයට කතා කර ‘කෝපි එකක් අරන් එන්න,’ යි කීවේය. ‘දන්නැද්ද මෙතන එවුන්. කෝපි එකකට එළියට ගියත් බනිනවා. මහ වසලයො.’
අනෙක් පැත්තේ කෝපිකාරයාගෙන් ටික වෙලාවක නිශ්ශබ්දතාවයක් වීය. ඊට පසු කතාව ඇසුණි.
‘තමා දැන් ඔය කතා කළේ කාටද කියල දන්නවද?’
‘නෑ.’
’මම තමයි මෙතන මැනේජින් ඩිරෙක්ටර්.’
එඩ්වඩ් ද ප්‍රති උත්තර දුන්‌නේ ය. ‘තමා දන්නවද මේ කවුද කතා කරන්නෙ?’
‘නෑ.’
‘ආ. එහෙනං කමක් නෑ.’ එඩ්වඩ් රිසිවරය තැබුවේය.
——————————————






