තරබාරු මිනිසෙක් බාර් එකකයට ගොස් එතන සිටි පූජකයෙකු ළගම වාඩිවීය. ඔහුගේ හිස කෙස් අවුල්ව ගොස් තිබුණි. අපිරිසුදුව තිබි මුහුණෙන් නිදි මැරූ ලකුණු පෙනුණි. බාගෙට හිස් වූ මධ්‍යසාර බෝතලයක කොටසක් ඔහුගේ සාක්කුවෙන් පිටතට පැන තිබුණි. ඇඟ පුරාම මත්පැන් ගඳ වහනය වීය. පත්තරය දිග හැරගත් ඔහු හෙඩ් ෆෝනය දමා ගෙන සිංදු අසන්නට පටන් ගත්තේය. ටික වෙලාවකට පසු පත්තරය නමා මේසය උඩට විසි කර හෙඩ්ෆෝන් ගලවා පූජකයා දෙස බැලුවේය.
‘අහා ෆාදර්. ඇයි මිනිස්සුන්ට ආතරයිටිස් හැදෙන්නෙ?’ ඔහු අසා සිටියේය.
‘පිළිවෙලක් නැති ජරා ජීවිතය, නිදි මරාගෙන අනාචාරයේ යාම, මත්පැන්, අනෙත් අයට බොරු කීම වගෙ ඒවට දෙවියො දෙන දඩුවම් තමා.’
‘අප්පච්චියේ එහෙනං ඉවරයි,’ තරබාරු මිනිසා කඩා වැටුණේය.
‘දැන් ඉතිං ඔහේට ආරයිටිස් හැදිලා කොච්චර කල් වෙනවද?’ පූජකයා ඇසුවේය.
‘නෑ, මට එහෙම එකක් නෑ,’ ඔහු උත්තර දුන්නේය. ‘මෙහේ පූජකයට තියනවා කියල ආරංචි වුණා,’ ඔහු පැහැදිලි කළේය.
——————————————






