නවසීලන්තයට work visa එන්නේ කොහොමද?
මේ ප්රශ්නය අපෙන් නිතරම අහන ප්රශ්නයක්.
නවසීලන්තයට වැඩ කරන්න එන්න පුලුවන් ප්රධාන ක්රම දෙකක් ගැන අපි අද කතා කරමු.
- Accredited Employer Work Visa.
- Dependent Work Visa.
නවසීලන්තයෙ වැඩ කරන්න work rights නැති කෙනෙක් නම් නවසීලන්තයෙ වැඩ කරන්න Accredited Employer Work Visa (AEWV) කියන වීසා වර්ගය ලබා ගත යුතු වෙනවා.
කොහොමද AEWV එකක් ලබා ගන්නේ?
මේ වීසා එකට උදව් කරන්න පුලුවන් Accredited Employer කෙනෙක්ට පමණයි.
මේ Accredited සේවායෝජකයන් හට ඇති පුරප්පාඩු අනුව ඒ සදහා නවසීලන්තයෙ රැකියා කළ හැකි පුද්ගලන් නැති නම් අදාළ පුරප්පාඩු පිරවීමට නවසීලන්තයට පිටින් හෝ නවසීලන්තයෙ සිටින් රැකියා කිරීමට වලංගු වීසා නැති කෙනෙකු රැකියාවට ගැනීමට ඔවුන් Job Token එකක් අයදුම් කළ යුතු වෙනවා.
මෙම AEWV එක අයදුම් කළ හැකි වනුයේ ඉහත කී Job Token එකක් හරහා පමණයි.
AEWV වීසා සඳහා අවශය සුදුසුකම් මොනවද?
1) AEWV එකකට එනවා නම් සේවා යෝජකයා එම රැකියාවට අදාළව ඉල්ලන සුදුසුම් සැපිරීම අනිවාර්ය වෙනවා. Job Token එක අයඳුම් කරන විට මෙම සුදුසුකම් ඉදිරිපත් කරන නිසා, වීසා අයඳුම් කරන විට එම සුදුසු කම් නැතිනම් වීසා අයඳුම් පත්රය ප්රතික්ෂේප වනු ඇත.
2) නවසීලන්ත ආගමන (Immigration) මගින් ඉල්ලන අවම සුදුසුකම්. එම සුදුසුකම් සදහා උදාහරණ වනුයේ, උපාධියක් හෝ ඉහළ සුදුසුකම් තිබීම හෝ අවම අවුරුදු 2ක් හෝ එම අදාළ ක්ෂේත්රයේ රැකියාවක වැඩ කර තිබීම හෝ රැකියාවට අදාළ Level 4 සුදුසුකමක් තිබීම ආදිය සලකා බැලේ.
රැකියාවට අදාළ සුදුකම් පෙන්නීමේදී, සෑම විටම තුන් වැනි පාර්ශ්වයකින් ඉදිරිපත් කරන සාධක පෙන්නීමට අවශ්ය ය. රැකියා යෝජකයා විසින් ලබා දෙන ලියකිවිලි පමණක් ප්රමානවත් නොවේ.
3)මේ හැර හොද සෞඛ්යයකින් සිටීම, හොඳ චරිතයක් තිබීම මෙන්ම Skill Level 4, 5 රැකියා සදහා ඉංග්රීසි සුදුසුකම් සපුරා තිබීමට අවශ්යය.
රැකියා සඳහා අයදුම් කරන්නේ කොහොමද?
Seek nz, Trade me වැනි අන්තර්ජායේ ඇති රැකියාවලට අයදුම් කරන්න පුලුවන්. නැතිනම් Accredited සේවා යෝජකයන්ගේ වෙබ් අඩවිවල රැකියා පුරප්පාඩු සඳහන් කර තිබෙනවා නම් ඒවට අයදුම් කරන්නත් පුලුවන්. නවසීලන්තයෙ නීතිය අනුව රැකියා අවස්ථාවක් ලබා ගැනීම සදහා මුදල් දීම මෙන්ම මුදල් ලබා ගැනීම නීති විරෝධි ය.
එමෙන්ම AEWV එකක සිටින පුද්ගලයකු හට වැඩ කළ හැකි වනුයේ එම පුද්ගලයාගේ වීසා එකේ සඳහන් කර ඇති සේවා යෝජකයාහට පමණක් වන අතර වීසා එකේ සඳහන් ප්රදේශයේ සඳහන් කර හැති රැකියාව පමණක් කළ යුතු වේ. ඉහත කාරණා වෙනස් වන්නේ නම් ඒ සඳහා වෙනම වීසා අයදුම් පත්රයක් යොමු කර වීසා තත්ව වෙනස් කළ යුතු වනු ඇත. වීසා තත්වවලට පටහැනි ලෙස වැඩකිරීම චරිතයට අදාළ ප්රශ්නයක් වනු ඇත.
Dependent Work වීසා
රැකියාවක් සඳහා නවසීලන්තයට පැමිණ සිටින, ශිෂ්ය වීසා සඳහා පැමිණ සිටින හෝ නවසීලන්තයේ මේ වන විට පදිංචි විය ඇති අයට තමන්ගේ සහකරුහට තම රැකියාව හෝ ශිෂ්ය භාවය මත Dependent Work වීසා එකක් සඳහා උදව් කළ හැකි අවස්ථාවක සහකරුවන් හට Partner of Student Work වීසා අයදුම් කළ හැකි වනු ඇත. ශිෂ්යයන් හට තම යැපෙන්නන් සඳහා work වීසා සඳහා උදව් කළ හැකි හැකි වනුයේ Level 9, 10 සුදුසුකමක් සඳහා ඉගෙන ගන්නා විට , Post study work වීසා සඳහා සුදුසුකම් හෝ Green List සුදුසුකම් සඳහා ඇති Level 7, 8 සුදුසුකමක් සඳහා ඉගෙන ගන්නා අවස්ථාවලදී ය.
රැකියා වීසා සඳහා එන පුද්ගලයන්ටද තම සහකරුවන් හට රැකියා වීසා සඳහා උදව් කළ හැකි සීමා ඇත.
මේ සදහා උදව් කරන සහකරු හෝ සහකාරියගේ සුදුසුකමට අමතරව දෙදෙනා එකට ජීවත් සිටී බව සහ, සම්බන්ධතාවය සත්ය බව ඔප්පු කිරිමට සිදුවනු ඇත. සම්බන්ධතාව සත්ය වූවත් එකට ජීවත් වී නැති නම් Dependent Work වීසා එකක් අයඳුම් කිරීමට නොහැකි වනු ඇත.
නවසීලන්ත වීසා වර්ග, වීසා සඳහා අවශ්යතා, නවසීලන්ත වීසා නීති වෙනස් වීම් ගැන මේ ලිපි පෙළ තුළින් ඉදිරියේදී හමු වෙමු.
යසසි ගුණරත්න
Licensed Immigration Adviser
(Provisional IAA 202500637)
Founder- Migratewise-NZ







