නත්තල් ගස යට සිටි
බෝනික්කා
මම වෙමි.
සියලුම දෙනා
නත්තල් සාදයක
මා තනිවි ඇත.
සීත සුළං හමනා
රාත්‍රියේ
පාට පාට විදුලිය දැල්වෙන
මාවත දිගේ
නත්තල් අසිරිය බලන්නට
මම ඇවිද ආවෙමි.
මහා මන්දිර වල
ඇසෙයි සංගීත සාදය.
ජේසු බිලිදා එදා ගව ලෙනෙහි සිට
ලොවට කියා දුන්
සාමය – සතුට ආදරය
නැති
නිරුවත් දරුවන්
විදි පුරා.
මගේ විසිතුරු ඇඳුම්
ගෙල වටා ඇති මාලය සුමුදු වරලස සරසන මල්දම්
අතපුරා පිරි වලලු මිවැඩි සඟල
එකින් එක ගලවා නිරුවත්ව
සිටිනා දරුවන්ට දුනිමි.
By Sisira Munasinghe – Churton Park