ගම්මානයේ මා ඉපදුන මිතුරු මිතුරියන්
නෑදෑ හිතවත් අසල් වැසි සහෝදර ,
කතෝලික බැතිමතුනේ,
පාස්කු ප්‍රහාරය
ගම්මානයේ මා ඉපදුන
මිතුරු මිතුරියන්,
මනරම් විසිතුරු ඇදුමින් සැරසී
බැසිලික දෙව් මැදුර වෙත ,
දහසකුත් පැතුම් පොදි බැද.
ලැසි ගමනින් රබර් වතු යාය මැදින්
ඉරු දින උදෑසනම පිය නගන
දසුන මනරම්,
බොදු මගේ පුන්චි හිතට
පෙරහැරක් නරඹා ලබන සතුට
දනවන්නේ,
බහ තොරන වයසේ පටන්.
සිටියත් දුරස්ව ගතින්
ලොවේ කොතැනක
ඉල්ලා සිටිමී
ශ්‍රී ලංකා රජයෙන්
සැගවී සිටින් චුදිතයන්
ගෙන ඉදිරියට
දඩුවම් ලබා දෙන්න
පෙර රජ දරුවන් සේ.
By Chandra Senadeera – Auckland