පණ දෙන්නටයි දුටුවම මුදු සිනහ පපා
නැති තැන දෙසයි පලු යන්නට රකුසු වෙලා
දන්නා නමුත් උන් ඇතුලේ ඉන්න යකා
කුමටද තරහ ගෙන යයි අප සැනසීම පලා
පෙනෙනා සුහද බව නැත බොහො දෙන සිත ඇතුලේ
තවමත් සොයමි මනුදම් නොමිනිසුන් අතරේ
සිතමින් කුමට වෙහෙසෙන්නෙද කණයාගෙ නුගුණේ
ලොව අනියත බව දැන නිති සිත සනසා ගන්නේ
සෞම්යා තිසේරා
ඕක්ලන්ඩ්