වරුවක් විතර හෙව්වා ගලපන අකුරු
තරුවක් ලඟදි ඇඬුවා හාවත් මිතුරු
සඳටත් දැනුණේ නෑ හිත රිදෙනා අයුරු
කොහොමත් එයා මනමාලයි හිත සොඳුරූ
අහසක් සරසලා ඉඟි බිඟි පාන බස
ගෙනදුන් සිනාවක පතුලේ කඳුළු පිස
මෙච්චර ගොඩක් පෙම් කවි ලියවුණා මිස
කවුරුත් කිව්වේ නෑ ඒ ගැන වැඩිය දොස
සන්ධ්යා ලේකම්ගේ ඉද්දවෙල – ඕක්ලන්ඩ්






