fbpx
10.9 C
New Zealand
Tuesday, May 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පස් මාසයේ දවසක – පළමු සද | ගවිත්‍රී යටිගම්මන | වෙලින්ටන්

Must read

අභි වන්දනීය
අභි නන්දනීය
සැදහැවත් සිතින්
ගැසෙමු පෙළ
පෙළහැර පාන්නට
පළමු සද
පස් මාසයේ
දවසක
පායන්න නියමිතව
සැරිසරන වග,

බුදුන්ගේ තෙමගුලම,
සිහි කරන
සකල පිරි
වන්දණීයම
දවසක් නෑර
පින්සාර
සතියක්ම
එක දිගට,
ගන්ටාර ගසන්නට
නියමිතව
ඇත,

සිහිකරම
ඇත්ත ඇති සැටියන්ම
ලැබගන්න
පින් බෝම
දෙන්න
සාදු නද
එක වරම
ඇසෙන්නට ලෝකයට,

ඉක්බිතිව,
සැරිසරණ
සකල කෙලෙස්,
නිමා වන්නට
සැවොම එක හැර
පාමු සිත් සර,
බැතියෙන් සෙමින්
සැදවත් සිතින් !!!

By Gavitri Yatigammana – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.