ලොව්තුරු අමා මහ බුදුපියාණන් ගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කර ගෙන ලොව පුරා බෞද්ධ ජනයා විසින් වෙසක් දිනය සෑම වසරකම මැයි මාසයේ පවත්වනු ලබයි.
සිල් සුවඳ විහිදමින් හමායන මැයි මාසේ සිසිල් පවන් ඇඟ දැවටෙන ඕනෑම කෙනෙකුට හුදෙක් බෞද්ධයන් පමණක් නොව මුළු මහත් පරිසරයම මේ තෙමඟුලට සූදානම්ක් ලෙස දැක්විය හැක.
තෙමගුල සිහි කිරීමට බෞද්ධ ජනයා විසින් කරනු ලබන දාන සීල භාවනා යන ප්‍රතිපත්ති පූජා හා අනිකුත් ආමිෂ පූජා ශතවර්ෂ ගණනාවක සිට කරගෙන යාමට එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයක් වීම රුකුලක් විය.
ශ්‍රී ලාංකික බෞද්ධයින් පමණක් නොව ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව මැලේසියාව යන බෞද්ධ රටවල් රැසක වෙසක් ඉතාම උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
බෞද්ධ වතාවත් වලට මුල් තැන දෙමින් බුදුන් දහම් සඟුන් සරණ යන සැදැහැවත් බෞද්ධයන් වෙසක් දිනයේ වතාවත් මනාව ඉටු කිරීමට පරම්පරා ගණනාවක් තුළ පෙලඹී සිටිනවා.
පර පණ නොනැසීම, සොරකමින් මිදීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, මුසාවෙන් වැළකීම, මත්පැන් පානයෙන් වැළකීම, අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීම නැටුම් ගැයුම් වැයුම් ශරීර විභීෂණ යන්ගෙන් වැළකීම, සුව පහසු ආසන වලින් වැලකීම යනාදී සිල්පද සමාදන් වීම අටසිල් සමාදන් වීම ලෙස හඳුන්වන අතර මුදල් භාවිතයෙන් වැලකී තව සිල් පදයක් ඇතුලත් කර මෙදිනට දසසිල් සමාදන් වන බෞද්ධයන් ද වෙයි.
උදෑසනම ළඟම විහාරස්ථානය වෙත තෙල් මල් පහන් රැගෙන ගොස් බුදුන් පුදා මුළු දවස මුළුල්ලේම නොයෙක් වතාවත්වල යෙදීමට බොහෝ බෞද්ධයෝ මේ දින තම කාලය යොදවනවා
ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස වෙසක් උත්සවය විවිධ පාර්ශවය විසින් විවිධාකාරයෙන් සමරනු ලබයි. මල් පහන් පූජා, වීථි පුරා තුරන් වෙසක් කූඩු ප්‍රදර්ශනය හා දන්සල් යනාදී විවිධ දානමය පුණ්‍ය කටයුතු කිරීම ඉන් සමහරකි.
බොහෝ බෞද්ධයෝ තෙරක් නොපෙනෙන සංසාර සාගරේ කෙලවර අමා මහ නිවන උදෙසා මේ තෙමඟුල සිදුවූ දින සිල් සමාදන් වීමෙන් තමන්ටම ආවේණික වූ සමාධියත් ද සොයති.