fbpx
10.6 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ, නවසීලන්ත ශාඛාව ඔබේ සහයෝගය පතයි | දමයන්ති ගුණසේකර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක උපාධිධාරීන් ලක්ෂ ගණනක් බිහි කර ඇත.

එම උපාධිධාරීන්ගෙන් සමහරක් දැනට නවසීලන්තයේ පදිංචිව සිටිති. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නවසීලන්ත ශාඛාව දශකයකට වැඩි කාලයකට පෙර පිහිටුවන ලද්දේ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය වීමෙන් සහ/හෝ විශ්ව විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමෙන් තම විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීම සඳහා ය. මේ දක්වා පොත්පත්, රසායනාගාර උපකරණ සැපයීම, රොබෝ තාක්‍ෂණය සංවර්ධනය කිරීම ආදිය සඳහා සංගමය විසින් රුපියල් මිලියන ගණනක් වියදම් කර ඇත. සංගමයේ නවතම දායකත්වය වන්නේ විවිධ පීඨවල උපාධි අපේක්ෂකයින්ට මූල්‍ය ආධාර සහ රැකියා පුහුණුව ලබා දීමයි.

ආදි ශිෂ්‍ය සංගමය, විශ්ව විද්‍යාල බලධාරීන් සමඟ එක්ව ආරම්භ කළ මේ වැඩපිළිවෙල දරිද්‍රතාවය නිසා අධ්‍යයන කටයුතුවල විශිෂ්ටත්වය අත්විඳීමට ඇති උත්සාහයන් අඩාල වී ඇති, අවශ්‍යතා ඇති සිසුන්ට මූල්‍යමය වශයෙන් සහාය වීමේ අවශ්‍යතාවය මත වුවකි. මෙම සිසුන්ට මූල්‍ය ආධාර ලබා ගැනීමට පමණක් නොව වටිනා සේවා පළපුරුද්දක්ද ලබා ගැනීමට සහාය වීම සඳහා නිර්මාණය කළ මෙම වැඩ කරන ශිෂ්‍ය ආධාර වැඩසටහන Working Students Assistance Programme (WSAP) වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සිසුන් අතර ජනප්‍රිය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සංගමය සහ විශ්වවිද්‍යාලය, වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කළේය. මේ හේතුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය වැඩිවී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කිරීම සඳහා සංගමය විවිධ අරමුදල් රැස් කිරීමේ ක්‍රියාකාරකම්වල නිරත වේ. මෙම ක්‍රියාකාරකම් අතර ශ්‍රී ලාංකික චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම, ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සජීවී රංගනයන් වේදිකාගත කිරීම, පරිත්‍යාග ව්‍යාපාර පැවැත්වීම යනාදිය ඇතුළත් වේ. සංගමය විසින් රැස් කරන සෑම ශතයක්ම සම්පූර්ණයෙන්ම විශ්ව විද්‍යාලයට සහ සිසුන්ට ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘති සඳහා වැය කෙරේ.

මෙම වැඩසටහන සඳහා අරමුදල් රැස් කිරීම සඳහා, ලබන වසරේ (2026 පෙබරවාරි 14) වැලන්ටයින් දිනයේදී ජනප්‍රිය කලාකරුවන් වන උද්දික ප්‍රේමරත්න සහ අමන්ද්‍රා උත්පාලි සහභාගී වන ප්‍රසංගයක් ඕක්ලන්ඩ්හිදී පැවැත්වීමට අපි සංවිධානය කර ඇත්තෙමු. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් පමණක් නොව, වටිනා අරමුණකට සහාය දීමෙන් තෘප්තිමත් වන අනෙකුත් සුභ පතන්නන්ද මේ සඳහා සහයෝගය දෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුව සහ පැතුමයි. වසර ගණනාවක් පුරා ඔබෙන් ලැබුණු නොමසුරු සහයෝගය සංගමය බෙහෙවින් අගය කරන්නෙමු.

ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමෙන් මෙන්ම අනුග්‍රාහකයෙකු වීමෙන්ද, දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් හෝ සෘජු පරිත්‍යාග කිරීමෙන්ද ඔබේ සහයෝගය පළකළ හැක.

දමයන්ති ගුණසේකර
සභාපති
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ, නවසීලන්ත ශාඛාව

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.