සංක්‍රමණිකයාගේ සංක්‍රමණය හේතුවෙන් පසුගිය කලාපවල හමුවීමට නොහැකි වීම ගැන කමාවන්න.
පසුගිය දින කීපයේ ලෝක මාධ්‍යවල ප්‍රධාන අවධානය වූයේ වියපත් නිසා ස්වර්ගත වූ මහ රැජිනය. ඇයගේ අභාවයෙන් වැගිරෙන කඳුළු සිඳී ගොස් මල් කළඹ කොම්පෝස්ට් බවට පත් වෙද්දී, වයසක කාන්තාවකගේ අභාවයෙන් ඔබ්බට බැලීමක් ද ඇත. එය අලංකාර මල්, සැරසිලිවලට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි.
රාජාණ්ඩුව අධිරාජ්‍යයේ අපරාධ වසන් කරන අතර ඒවා නොස්ටැල්ජියාවෙන් ඔතා දමයි. එය සෑම විටම, බොහෝ විටම සුදු ආධිපත්‍යය සහ වාර්ගික ධුරාවලිය උසස් කර එය පන්ති පාලනයට ආවඩා, සාධාරණීකරණය කරයි. එය බොහෝ විට සමේ පාට අඩු මිනිසුන් නොසැලකිල්ලෙන් පහත් කරන සහ බොහෝ විට මරණට පත් කරන ආර්ථික හා සමාජ ක්‍රමයකට බලපෑම් කරයි. අධිරාජ්‍යයේ ගොදුරු වූ මිලියන සංඛ්‍යාත පිරිසකගේ කෑගැසීම් වර්තමානයේ ද අනාගතයේ ද ඇසෙනු ඇත. එලිසබෙත් රැජින අපට සේවය කරන බවට ප්‍රසිද්ධ දිවුරුම් දීමෙන් පසු එම අවුරුද්දේම සිදුවූ කෙන්යාවේ Mau Mau කැරැල්ලේ දී ඝාතනයට ලක් වූ වධහිංසාවට ලක් වූ දූෂණයට සහ සිරගත වූ දහස් ගණනක් “Bloody Sunday” දී වෙඩි තබා මරා දැමූ අයර්ලන්ත සිවිල් වැසියන්; බ්‍රිතාන්‍ය සංස්කෘතියට ආදීවාසී දරුවන් හැඩගැන් වීම සඳහා පිහිටුවන ලද කිරීට අනුග්‍රහලත් ආයතනවල ක්‍රියාකලාප නිසා මියගිය හෝ අතුරුදන් වූ ආදීවාසික දරුවන් දහස් ගණනක් සහ ලංකාව ඇතුලු රටවල් වලින් කොල්ලකා ගිය අතීත උරුමයන් කිරීටයක අඳුරු පැතිකඩ මනාවට පෙන්වා දෙයි.
අවුරුදු දෙකකට පසු World of WearableArt (WOW) නැවත කරලියට පැමින ඇත. මෙය 2001 වසර දී නෙල්සන් හී ආරම්භ වූ අතර මේ වන විට රටවල් හතලිහකට වැඩි ප්‍රමාණයක තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන නිර්මාණ තරගයකි. පැළඳිය හැකි කලා නිර්මාණ ඇතුළත් කිරීම්, ඒවාගේ කල්පැවැත්ම, මාදිලිවල ආරක්ෂාව සහ සුවපහසුව මත නිර්මාණය විනිශ්චය කරනු ලැබේ. මේ වසරේ දී අගමැතිනි ජසින්ඩා ආර්ඩන් WOW වේදීකාව මත නිරූපනය වීම බොහෝ කිවියන්ගේ අවධානය ලබා ගැනිමට සමත් විය. ඕක්ලන්ඩ් නගරයේ වැඩි වෙන අපරාද රැල්ල, ජීවන වියදම ඉහළ යාම හා තවත් කරුණු මත අගමැතිනියගේ WOW වේදිකා ආගමනය කිවියන්ගේ දැඩි උපහාසයක ලක් වී තිබුණි.
නවසීලන්ත මැතිවරණයට තව ඇත්තේ වසරක කාලයක් පමණි. මේ වන කොවිඩ් පශ්චාත් දේශපාලන බිඳී යාම මත සිවිල් දේශපාලනය උදාසීනත්වයක් නැඟී සිටීමේ සාධක නවසීලන්ත සමාජය තුළ පිළිබිඹු වන බව දේශපාලන නිරීක්ෂණයන්ගෙ මතයයි . පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී පෙන්නුම් කරන අනපේක්ෂිත උදාසීනත්වය පෙන්නුම් කරන්නේ, මහමැතිවරණය ජනග්‍රහණය තීරණය කිරීම කුඩා පක්ෂවලට හිමි වන බවය. නවතම TVNZ මත විමසුමට අනුව National පක්ෂය හා ACT පක්ෂය ඒකාබද්ධ වූ විට පාර්ලිමේන්තු ආසන එකසිය විස්සකින් ආසන හැටදෙකක් හිමි වනු ඇත. එය ඉතා කුඩා බහුතරයක් වන නමුත්, ඔවුනට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇත. නමුත් සියල්ල තීරණය වනුයෙ ඡන්ද දායකයාගේ අවසාන තීරණය මතය.
සංක්‍රමණිකයාගේ තීරුවක් සමඟ ලබන කලාපයේ දී හමුවෙමු.
~ යස් ~